BREAKING
ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●
Top Ad
විදේශ

ජ්‍යෙෂ්ඨ හමාස් නිලධාරියෙකු ගුවන් ප්‍රහාරයකින් ජිවිතක්ෂයට

T

The Leader Desk

March 23, 2025 • 11:24 AM

ජ්‍යෙෂ්ඨ හමාස් නිලධාරියෙකු ගුවන් ප්‍රහාරයකින් ජිවිතක්ෂයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගාසා හී දකුණු දිග ඛාන් යුනිස් නගරයට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ දේශපාලන නායක සලාහ් අල්-බර්දාවීල් මිය ගිය බව හමාස් නිලධාරියෙක් ඉරිදා අලුයම බීබීසීය වෙත පැවසීය.
  •   ඊශ්‍රායලය එල්ල කළ චෝදනා හමාස් සංවිධානය විසින් ප්‍රතික්ෂේප කළ අතර, කටාර්, ඊජිප්තුව සහ ඇමරිකා එක්සත් ජනපදය මැදිහත් වී ක්‍රියාවට නැංවූ ගිවිසුම ඊශ්‍රායලය විසින් උල්ලංඝණය කළ බවට ඔවුන් විසින් චෝදනා කර ඇත.
  • හමාස් පාලනය කරන පලස්තීන බල ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් පැවසුවේ ඉරිදා මේ දක්වා ඛාන් යුනිස් සහ දකුණු දිග රෆා හී අවම වශයෙන් පුද්ගලයින් 18 දෙනෙකු මිය ගොස් ඇති බවයි.
  • නිවේදනයක් නිකුත් කරමින් හමාස් සංවිධානය පැවසුවේ ඊශ්‍රායලය එල්ල කළ මිසයිලයක් ඔවුන්ගේ කූඩාරමකට පහර දෙන විට බර්දාවීල් තම බිරිඳ සමඟ යාඥා කරමින් සිටි බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

හමාස් සංවිධානයේ දේශපාලන අංශයේ සාමාජිකයෙකු වූ බර්දාවීල් සහ ඔහුගේ බිරිඳ යන දෙදෙනාම එම ගුවන් ප්‍රහාරයෙන් මිය ගිය බව ප්‍රදේශවාසී හු පවසති.

මේ සම්බන්ධයෙන් ඊශ්‍රායල බලධාරීන් ප්‍රතිචාර දක්වා නැත.

මෙම සතිය මුලදී ඊශ්‍රායලය ගාසා වෙත දැඩි ප්‍රහාර එල්ල කිරීම නැවත ආරම්භ කළේය. ඒ මාස දෙකකට ආසන්න කාලයක් පැවති සටන් විරාමයේ පළමු අදියර අවසන් කරමිනි. සටන් විරාමය දීර්ඝ කිරීම සඳහා එක්සත් ජනපදය ඉදිරිපත් කළ නව යෝජනාව ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් හමාස් සංවිධානයට දොස් පවරමිනි.

 b5h7

ඊශ්‍රායල හමුදාව ඉකුත් අඟහරුවාදා සිට ගාසා වෙත නැවත ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබේ.

 

ඊශ්‍රායලය එල්ල කළ චෝදනා හමාස් සංවිධානය විසින් ප්‍රතික්ෂේප කළ අතර, කටාර්, ඊජිප්තුව සහ ඇමරිකා එක්සත් ජනපදය මැදිහත් වී ක්‍රියාවට නැංවූ ගිවිසුම ඊශ්‍රායලය විසින් උල්ලංඝණය කළ බවට ඔවුන් විසින් චෝදනා කර ඇත.

හමාස් පාලනය කරන පලස්තීන බල ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් පැවසුවේ ඉරිදා මේ දක්වා ඛාන් යුනිස් සහ දකුණු දිග රෆා හී අවම වශයෙන් පුද්ගලයින් 18 දෙනෙකු මිය ගොස් ඇති බවයි.

නිවේදනයක් නිකුත් කරමින් හමාස් සංවිධානය පැවසුවේ ඊශ්‍රායලය එල්ල කළ මිසයිලයක් ඔවුන්ගේ කූඩාරමකට පහර දෙන විට බර්දාවීල් තම බිරිඳ සමඟ යාඥා කරමින් සිටි බවයි.

මීට පෙර හමාස් සංවිධානයේ ප්‍රකාශකයෙකු ලෙස කටයුතු කළ බර්දාවීල් බොහෝ අවස්ථා වල දී දේශීය මාධ්‍ය හමුවේ පෙනී සිට තිබු අයෙකි.

පසුගිය අඟහරුවාදා සිට ඊශ්‍රායලය ගාසා හී සිය හමුදා මෙහෙයුම් නැවත ආරම්භ කිරීමෙන් පසු මිය ගිය බවට වාර්තා වන හමාස් නිලධාරීන් 10 දෙනා අතරට ඔහු ද එක් වේ.

 



පුද්ගලයින් 1,200 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් සහ තවත් පුද්ගලයින් 251දෙනෙකු ප්‍රාණ ඇපයට ගනිමින් ඊශ්‍රායල් දේශසීමාවට එල්ල කෙරුණු හමාස් ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායල හමුදාව විසින් එම සංවිධානය විනාශ කිරීම සඳහා මෙහෙයුමක් දියත් කරන ලදී.

හමාස් සංවිධානය මෙහෙයවන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන පරිදි, එතැන් සිට පලස්තීනුවන් 49,500 කට වැඩි පිරිසක් ඝාතනය වී ඇති අතර ගාසා හී නිවාස සහ යටිතල පහසුකම් මහා පරිමාණයෙන් විනාශ වී තිබේ.

| BBC සිංහල සේවය


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජ්‍යෙෂ්ඨ හමාස් නිලධාරියෙකු ගුවන් ප්‍රහාරයකින් ජිවිතක්ෂයට | The Leader