BREAKING
ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●
Top Ad
විදේශ

අහම්බෙන් මාධ්‍යවේදියෙකු එකතු කර ගැනීමෙන් ඇමෙරිකාවේ යුද රහස් එළියට විසිවුණු 'සිග්නල්' සමූහ සංවාදය

T

The Leader Desk

March 26, 2025 • 4:37 AM

අහම්බෙන් මාධ්‍යවේදියෙකු එකතු කර ගැනීමෙන් ඇමෙරිකාවේ යුද රහස් එළියට විසිවුණු 'සිග්නල්' සමූහ සංවාදය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යේමනයේ හූති කැරලිකාර කණ්ඩායමට එරෙහිව ප්‍රහාරයක් සඳහා වන සැලසුම් පිළිබඳව ඇමෙරිකා එක්සත් ජනපද ජාතික ආරක්ෂක නිලධාරීන් සාකච්ඡා කළ සමුහ සංවාදයකට (group chat) මාධ්‍යවේදියෙකු අහම්බෙන් එකතු කොට (added) ඇති බව ධවල මන්දිරය තහවුරු කර තිබේ.
  • වැන්ස්ගේ නම සඳහන් ගිණුම් ඇතුළත්ව තිබු 'සිග්නල්' කෙටි පණිවිඩ හුවමාරු යෙදුම තුළ නිර්මාණය කර තිබු සමුහ සංවාදයකට තමන් එකතු කොට තිබු බව 'ද ඇට්ලාන්ටික්' සඟරාවේ ප්‍රධාන සංස්කාරක ජෙෆ්රි ගෝල්ඩ්බර්ග් පසුගිය සඳුදා වාර්තා කළේය.
  • "මේ අවස්ථාව වෙනකොට, වාර්තා වූ ගෘප් චැට් එක සැබෑ එකක් ලෙස පේනවා," "අදාළ සමුහයට අනවශ්‍ය අංකයක් එකතු වුණේ කොහොමද කියලා තොරතුරු සොයා බලමින් සිටිනවා." ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක බ්‍රයන් හියුස් බීබීසී වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසීය.
  • මාර්තු 15 වන දින, ඇමෙරිකා එක්සත් ජනපදය විසින් යේමනයේ හූතිවරුන්ට එරෙහිව "තීරණාත්මක හා බලගතු" ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කරන ලදී.
අකුරු ප්‍රමාණය (Font Size):


ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක උපදේශක මයිකල් වෝල්ට්ස් සහ උප ජනාධිපති ජේ.ඩී. වැන්ස්ගේ නම සඳහන් ගිණුම් ඇතුළත්ව තිබු 'සිග්නල්' කෙටි පණිවිඩ හුවමාරු යෙදුම තුළ නිර්මාණය කර තිබු සමුහ සංවාදයකට තමන් එකතු කොට තිබු බව 'ද ඇට්ලාන්ටික්' සඟරාවේ ප්‍රධාන සංස්කාරක ජෙෆ්රි ගෝල්ඩ්බර්ග් පසුගිය සඳුදා වාර්තා කළේය.

"මේ අවස්ථාව වෙනකොට, වාර්තා වූ ගෘප් චැට් එක සැබෑ එකක් ලෙස පේනවා," "අදාළ සමුහයට අනවශ්‍ය අංකයක් එකතු වුණේ කොහොමද කියලා තොරතුරු සොයා බලමින් සිටිනවා." ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක බ්‍රයන් හියුස් බීබීසී වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසීය.

සිදුවුයේ කුමක් ද?


bbc 1
මාර්තු 15 වන දින, ඇමෙරිකා එක්සත් ජනපදය විසින් යේමනයේ හූතිවරුන්ට එරෙහිව "තීරණාත්මක හා බලගතු" ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කරන ලදී.

ප්‍රහාරය එල්ල කිරීමට දින හතරකට පෙර, එනම් මාර්තු 11 වන දින, ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක උපදේශක මයිකල් වෝල්ට්ස්ගේ යැයි කියනු ලබන 'සිග්නල්' ගිණුම හරහා තමන්ව කණ්ඩායම් සංවාදයක් සඳහා ඇතුළත් කර ගැනීමට ඉල්ලීමක් (connection request) ලැබුණු බව ජෙෆ්රි ගෝල්ඩ්බර්ග් සඳහන් කළේය.

සිග්නල් පණිවුඩ හුවමාරු යෙදුම මාධ්‍යවේදීන් සහ වොෂින්ටන් බලධාරීන් විසින් භාවිතා කරනු ලබන්නේ එහි පවතින සන්නිවේදනයේ ආරක්ෂිත ස්වභාවය, අන්වර්ථ නාම නිර්මාණය කිරීමේ හැකියාව සහ මකා දැමිය හැකි පණිවිඩ යැවීමට ඇති හැකියාව හේතුවෙනි.

ඉන් දින දෙකකට පසු, "Houthi PC small group" යන නමින් වූ සිග්නල් සමුහයකට තමන්ව එකතු කළ බව ගෝල්ඩ්බර්ග් පැවසුවේය.

කැබිනට් සාමාජිකයින් සහ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන බලධාරීන් රැසකට අයත් බව පෙනෙන ගිණුම් ගණනාවක් එම කණ්ඩායම් සංවාදයට ඇතුළත් කර තිබූ බව ද ගෝල්ඩ්බර්ග් වාර්තා කළේය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපතිගේ නම වන "JD Vance" ලෙස නම් කර ඇති ගිණුමක්, ආරක්ෂක ලේකම් "Pete Hegseth" ලෙස නම් කර ඇති ගිණුමක් සහ මධ්‍යම බුද්ධි ඒජන්සියේ අධ්‍යක්ෂ "John Ratcliffe" ලෙස නම් කර ඇති ගිණුමක් ඇතුළු ගිණුම් රැසක් මෙම කණ්ඩායම් සංවාදය තුළ විය. විවිධ ආයතනවල ඉහළම ජාතික ආරක්ෂක නිලධාරීන් ද ඊට එක්වී ඇති බව පෙනෙන්නට තිබු බව හෙතෙම පවසයි.

හමුදා ප්‍රහාර සඳහා ඉලක්ක සහ වේලාවන් පිළිබඳව කණ්ඩායම් කතාබහ තුළ සාකච්ඡා කරන ආකාරය තමා නිරීක්ෂණය කළ බවත්, පසුව ඇමෙරිකා එක්සත් ජනපදය විසින් යේමනයේ හූතිවරුන්ට එරෙහිව ගුවන් ප්‍රහාර දියත් කළ විට එහි වූ සැලසුම් නිවැරදි බව පෙනෙන්නට තිබූ අතර එය 'ගෘප් චැට්' හී ඇතුළත් වූ තොරතුරු සමඟ සමපාත වූ බවත් ගෝල්ඩ්බර්ග් පවසයි.

maik pitඇමෙරිකා එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක මයික් වෝල්ට්ස්(වම් පස) සහ ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්(දකුණු පස)
සිදුවිම ගැන ට්‍රම්ප්ගේ ප්‍රතිචාරය

'ද ඇට්ලාන්ටික්' සඟරාවේ ප්‍රධාන සංස්කාරකවරයා විසින් මේ සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් විමසා තිබේ.

''මම ඒ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. ඔබ තමයි මට ඒ ගැන පළමු වතාවට කියන්නේ" යනුවෙන් ඇමෙරිකානු ජනාධිපතිවරයා එහිදී ඔහුට පවසා ඇත.

කණ්ඩායම් සංවාදය තුළදී 'යුරෝපයට එල්ල වූ චෝදනාව'


5088

'ද ඇට්ලාන්ටික්' සඟරාවේ ප්‍රධාන සංස්කාරක ජෙෆ්රි ගෝල්ඩ්බර්ග් විසින් වාර්තා කරන ලද පණිවිඩ අතර, සිග්නල් හී සංවාදයේ සිටි ඇමරිකානු බලධාරීන්, ප්‍රධාන නැව් මාර්ගවලට ලබා දෙන එක්සත් ජනපද ආරක්ෂාව වෙනුවෙන් යුරෝපයට ගෙවීම් කිරීමට ඇති හැකියාව පිළිබඳව සාකච්ඡා කර ඇති බව ද සඳහන් වේ.

"දැන් හෝ සති කිහිපයකින් වේවා, මේ නැව් මංතීරු නැවත විවෘත කිරීම සිදු කරන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය යුතුයි " ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක උපදේශක මයිකල් වෝල්ට්ස් හා සම්බන්ධ ගිණුම විසින් මාර්තු 14 වන දින එහි ලියා තිබුණි.

"ට්‍රම්ප්ගේ ඉල්ලීම පරිදි, ඔහුගේ කණ්ඩායම ආරක්ෂක සහ රාජ්‍ය දෙපාර්තමේන්තුව සමඟ කටයුතු කරමින් මේ සම්බන්ධ වියදම් යුරෝපීයයන්ගෙන් අය කරගන්නේ කෙසේද යන්න සොයා බලන බව " පණිවිඩයේ සඳහන් විය.

සමුහ සංවාදයට ඇතුළත්ව තිබු ඇමෙරිකා උප ජනාධිපතිවරයාගේ නම වන JD Vance ගේ ගිණුම, එම නැව් මාර්ග මත යැපෙන යුරෝපීයයන්ට එක්සත් ජනපද ප්‍රහාර හේතුවෙන් ප්‍රතිලාභ ලැබෙනු ඇතැයි කියා සිටි අතර, "මම යුරෝපය නිකන් බේල් කරන එකට කැමති ම නෑ " යනුවෙන් ද පැවසීය.

මිනිත්තු තුනකට පසු, ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් නමැති ගිණුමෙන් ඊට පිළිතුරු දෙමින් කියා තිබුණේ : "උප ජනාධිපති (VP) : යුරෝපය නිකන් යැපෙන එක ගැන තියෙන ඔයාගේ පිළිකුලට මම සම්පූර්ණයෙන්ම එකඟ වෙනවා. ඒක ඛේදවාචකයක්." යනුවෙනි.

| BBC සිංහල සේවය

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...