BREAKING
ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●
Top Ad
විදේශ

මියන්මාර් - තායිලන්ත භූකම්පනය ගැන අප මෙතෙක් දන්නා දේ

T

The Leader Desk

March 29, 2025 • 6:20 AM

මියන්මාර් - තායිලන්ත භූකම්පනය ගැන අප මෙතෙක් දන්නා දේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මියන්මාරයේ රික්ටර් පරිමාණ ඒකක 7.7ක ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පාවක් මාර්තු 28 වන දා සිදු විය.
  • මෙය නේපිඩාව් සිට කිලෝමීටර් 100ක් පමණ උතුරින් පිහිටි ප්‍රදේශයකි.
  • කලින් බුරුමය ලෙස හැඳින්වූ මියන්මාරය හමුදා පාලනයක් යටතේ පාලනය වන බැවින් එහි තොරතුරු ලබා ගැනීම දුෂ්කර විය හැකි ය.
  • මේ වන විට පුද්ගලයින් 144 දෙනෙකු මිය ගොස් 732 දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

 

මියන්මාරයේ සිදුවූ ප්‍රබල භූ කම්පනය නිසා දිය ඇල්ලක් බවට පත් වූ බැංකොක්හි පිහිනුම් තටාකය

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) සඳහන් කළේ, එය එරට වේලාවෙන් දහවල් කාලයේදී සිදු වූ අතර ඉන් පසුව රික්ටර් පරිමාණ ඒකක 4.5 සහ 6.6 අතර පසු කම්පන 4ක් ද එම ප්‍රදේශයේ සිදුව ඇති බව ය.

භූමිකම්පාවේ අපිකේන්ද්‍රය බුරුමයේ සගෙයිං නගරයේ සිට කිලෝමීටර් 16ක් වයඹ දෙසින් වූ මැන්ඩලේ නගරය ආසන්නයේ පිහිටා ඇත. මෙය නේපිඩාව් සිට කිලෝමීටර් 100ක් පමණ උතුරින් පිහිටි ප්‍රදේශයකි.

චීනයට සහ තායිලන්තයට ද භූකම්පනයේ ප්‍රබලත්වය දැනුණු අතර, බැංකොක්හි ගොඩනැගිලිවලින් ඉවත් වූ පුද්ගලයින් වීදිවල රැස්වී සිටින ආකාරය දැක්වෙන දර්ශන සමාජ මාධ්‍යවල පළ විය.

කලින් බුරුමය ලෙස හැඳින්වූ මියන්මාරය හමුදා පාලනයක් යටතේ පාලනය වන බැවින් එහි තොරතුරු ලබා ගැනීම දුෂ්කර විය හැකි ය.

මේ වන විට පුද්ගලයින් 144 දෙනෙකු මිය ගොස් 732 දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. (ශ්‍රී ලංකා වේලාවෙන් 28 රාත්‍රී 8:00 වන විට)

මෙම සංඛ්‍යාලේඛන ඉහළ යනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද මියන්මාර හමුදා නායක මින් අවුන් හ්ලයින් පවසන බව බීබීසී බුරුම කණ්ඩායම සඳහන් කරයි.

ඔහු පවසන පරිදි නෙයි පියෙ ටෝහි පුද්ගලයින් 96 දෙනෙකු, සයිගයිංහි 18 දෙනෙකු සහ මැන්ඩලේහි 30 දෙනෙකු මිය ගොස් තිබේ.

තුවාල ලැබූවන් සම්බන්ධයෙන් ගත් කල, ඉන් 132ක් නෙයි පියෙ ටෝහි සහ 300ක් සයිගයිංහි සිටි අතර, අනෙකුත් ප්‍රදේශවල සංඛ්‍යාව තවමත් තක්සේරු කරමින් පවතින බව හෙතෙම පවසයි.

තායිලන්තයේ, උස් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇත.

මරණ සංඛ්‍යාව හෝ හානියේ සම්පූර්ණ ප්‍රමාණය අපි තවමත් නොදනිමු.

කලාප හයක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, ගොඩනැගිලි සහ මාර්ග දැඩි ලෙස හානි වී ඇති ආකාරය ඡායාරූපවල දැක්වේ.

හානිය කොතරම් දුරට පැතිරී ඇත්ද යන්න තවමත් පැහැදිලි නැති නමුත් භූමිකම්පාව කොතරම් දුරට දැනී ඇති ද යන්න අපි සිතියම්ගත කර ඇත්තෙමු.

අපි තවමත් නොදන්නා බොහෝ දේ ඇති නමුත් නවතම තොරතුරු ඔබ වෙත ගෙන ඒම සඳහා අපගේ කණ්ඩායම් වෙහෙස මහන්සි වී වැඩ කරමින් සිටිති.




භූ කම්පනයෙන් බලපෑම් එල්ල වූ මියන්මාරයේ මැන්ඩලේහි සිටින මුදා ගැනීමේ කණ්ඩායමේ සාමාජිකයෙකු බීබීසීයට පැවසුවේ, සිදුව ඇති "හානිය අතිමහත්" බව ය.

"මරණ සංඛ්‍යාව ත් තරමක් වැඩියි. ගලවා ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදුවන නිසා අපට දැනට කියන්න පුළුවන් එච්චරයි," ඔවුහු පවසති.

"තුවාල ලැබූ සංඛ්‍යාව තවම නිශ්චිතව ම කියන්න බැහැ, නමුත් එය අවම වශයෙන් සිය ගණනක් කියලා කියන්න පුළුවන්."


"සැලකිය යුතු හානියක්" සිදුවී ඇති බව රතු කුරුස සංවිධානය ද පවසයි.

 



බැංකොක්හි ගොඩනැගිල්ලක් කඩා වැටී කම්කරුවන් 81 දෙනෙක් අතුරුදන්




මියන්මාරයේ සිදුවූ භූමිකම්පාවෙන් තායිලන්තයේ අගනුවර වන බැංකොක්හි වැඩ නිම නොකළ ගොඩනැගිල්ලක් කඩා වැටී කම්කරුවන් සැලකියයුතු ගණනක් අතුරුදන්ව සිටි බව තායිලන්තයේ හදිසි ප්‍රතිකාර පිළිබඳ ජාතික ආයතනය පැවසීය.

මීට පෙර පුද්ගලයින් 43 දෙනෙකු අතුරුදහන් වී ඇතැයි වාර්තා විය. පසුව එම ගණන 70ක් දක්වා ඉහළ අතර මේ වන විට එම ගණන 81 දක්වා ඉහළ ගොස් ඇති බව (ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8:00 වන විට) තායි නියෝජ්‍ය අගමැතිවරයා පැවසීය.

තායි රජය පවසන්නේ, තමන් එම ස්ථානයේ හදිසි ප්‍රතිචාර දැක්වීමේ කටයුතු සම්බන්ධීකරණය කරමින් සිටින බව ය.

ඉන්ටර්නෙට් හරහා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, සෝදිසි කිරීමේ සහ ගලවා ගැනීමේ කණ්ඩායම් බලමුලු ගැන්වීමට නියෝග කර ඇති බවත්, සහන උපකරණ සහ යන්ත්‍රෝපකරණ සකස් කරන ලෙස ආපදා මධ්‍යස්ථානවලට නියෝග කර ඇති බවත් ය.

තායිලන්තයේ මහජන සෞඛ්‍ය අමාත්‍ය සොම්සක් තෙප්සුතින් අනුව, එය කඩා වැටෙන විට එහි පුද්ගලයින් 409ක් පමණ වැඩ කරමින් සිට ඇත.

තායිලන්තයේ හදිසි වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳ ජාතික ආයතනය පැවසුවේ, එහි සිටි තිදෙනෙකු මියගොස් ඇති බව තහවුරු වී ඇති බව ය.

සම්පූර්ණ මරණ සංඛ්‍යාව පැහැදිලි නැති අතර, දිවි ගලවා ගත් අය සෙවීම සඳහා ගලවා ගැනීමේ කණ්ඩායම් දිගට ම කටයුතු කරන බැවින්, සිද්ධිය වූ ස්ථානයේ ක්ෂේත්‍ර රෝහලක් පිහිටුවා තිබේ.

මියන්මාරයේ අසල්වැසි රටවලට කම්පනය දැනුණු ආකාරය සිතියමේ දැක්වේ

බීබීසී මාධ්‍යවේදිනියකගේ අත්දැකීම

බැංකොක්හි වෙසෙන බීබීසී මාධ්‍යවේදිනියක වන බුයි තු, බීබීසී ලෝක සේවයේ නිව්ස්ඩේ වැඩසටහනට පැවසුවේ පළමු භූමිකම්පාව සිදුවන විට ඇය නිවසේ ආහාර පිසිමින් සිටි බව ය.

"මම ගොඩක් බය වුණා," ඇය පැවසීය. "ඒ මොකක් ද කියලා මට තේරුණේ නැහැ, මොක ද බැංකොක්වල අවුරුදු දහයකටවත් මේ වගේ ප්‍රබල භූමිකම්පාවක් සිදු වෙලා නෑ මම හිතන්නේ."

"මම හිටිය අපාර්ට්මන්ට් එකේ බිත්ති ඉරිතලලා තිබුණා. මිනිස්සු කෑ ගහමින් හිටියේ."

පසුකම්පනයකින් පසු, ඇය තවත් බොහෝ දෙනෙකු සමග පාරට දිව ගියා ය.

"මොක ද වෙන්නේ කියලා තේරුම් ගන්න අමාරු වුණා," ඇය පවසයි.

"බැංකොක්වල ගොඩනැගිලි භූමිකම්පාවලට ඔරොත්තු දෙන විදිහට නිර්මාණය කරලා නැහැ. ඒ නිසයි ගොඩනැගිලි ගොඩකට හානි වුණේ."


තායිලන්තයේ කාර්යාලයක් ඇතුළත දර්ශන


මියන්මාරයෙන් තොරතුරු ලබා ගැනීම දුෂ්කර ඇයි?

554e5e90 0bde 11f0 ba12 8d27eb561761.pngභූ කම්පනයෙන් පසු මැන්ඩලේහි දර්ශනයක්: ප්‍රධාන විදුලි සංදේශ සමාගම්වල මෙහෙයුම් අඩාල වීම හේතුවෙන් ඊ මේල් හරහා යැංගොන් සිටින අපගේ සම්බන්ධතාවක් වෙත ලද ඡායාරූපයක් - රේචල් ෆ්ලින්, සජීවී වාර්තාකරු

2021දී සිදු වූ කුමන්ත්‍රණයකින් පසු මියන්මාරය හමුදා ජුන්ටාවක් විසින් පාලනය කරනු ලබන අතර, එම නිසා තොරතුරු ලබා ගැනීම දුෂ්කර වී තිබේ.
එරට ගුවන්විදුලි, රූපවාහිනී, මුද්‍රිත සහ මාර්ගගත මාධ්‍ය සියල්ල ම පාහේ පාලනය කරනු ලබන්නේ රජය විසිනි.

ඉන්ටර්නෙට් භාවිතය ද සීමා කර තිබේ.

බිම් මට්ටමේ තොරතුරු සපයන ආයතන වෙත සම්බන්ධ වීමට බීබීසීයට නොහැකි වී ඇති බැවින් සන්නිවේදන මාර්ග ද බිඳ වැටී ඇති බව පෙනේ.

| BBC සිංහල සේවය

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මියන්මාර් - තායිලන්ත භූකම්පනය ගැන අප මෙතෙක් දන්නා දේ | The Leader