BREAKING
ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●
Top Ad
විදේශ

අති‍රේක තීරුබදු පැනවීම අහෝසි කරන්නැයි චීන මෝටර් රථ කර්මාන්ත සංගමය ඇමරිකාවෙන් ඉල්ලයි

T

The Leader Desk

April 4, 2025 • 11:58 AM

අති‍රේක තීරුබදු පැනවීම අහෝසි කරන්නැයි චීන මෝටර් රථ කර්මාන්ත සංගමය ඇමරිකාවෙන් ඉල්ලයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආනයනික මෝටර් රථ සඳහා අති‍රේක තීරුබදු පැනවීම නතර කරන ලෙස චීන මෝටර් රථ කර්මාන්ත සංගමය ඇමරිකාවෙන් ඉල්ලා සිටිනවා.
  • ඊට විරෝධය පළ කරමින් චීන මෝටර් රථ කර්මාන්ත සංගමය කියා සිටින්නේ එවන් තීරු බද්දක් පැනවීම ලෝක වෙළඳ සංවිධානයේ රෙගුලාසි බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බවයි.
  • මෝටර් රථ කර්මාන්තය ඉහළ මට්ටමේ ගෝලීයකරණයකට ලක්ව ඇති කර්මාන්තයකි.
  • සිය වාසි පිළිබඳ පමණක් සලකා ඇමරිකාව අතිරේක තීරු බදු පැනවීමෙන්, ගෝලීය මෝටර් රථ කර්මාන්තයට සැලකිය යුතු බාධාවක් ඇති වන බවයි චීනය පවසන්නේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ආනයනික මෝටර් රථ හා ඇතැම් කොටස් කෙරෙහි 25%ක අතිරේක තීරු බද්දක් පනවන බව පසුගිය දා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. ඊට විරෝධය පළ කරමින් චීන මෝටර් රථ කර්මාන්ත සංගමය කියා සිටින්නේ එවන් තීරු බද්දක් පැනවීම ලෝක වෙළඳ සංවිධානයේ රෙගුලාසි බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බවයි.

මෝටර් රථ කර්මාන්තය ඉහළ මට්ටමේ ගෝලීයකරණයකට ලක්ව ඇති කර්මාන්තයකි. සිය වාසි පිළිබඳ පමණක් සලකා ඇමරිකාව අතිරේක තීරු බදු පැනවීමෙන්, ගෝලීය මෝටර් රථ කර්මාන්තයට සැලකිය යුතු බාධාවක් ඇති වන බවයි චීනය පවසන්නේ.

මේ හේතුවෙන් මෝටර් රථ මිළ ගණන් තවදුරටත් ඉහළ යා හැකි බැවින් එය ඇමරිකාව ඇතුළු විවිධ රටවල පාරිභෝගිකයන්ට වඩාත් පීඩනයක් ගෙන දෙනු ඇතැයි චීන මෝටර් රථ කර්මාන්ත සංගමය පෙන්වා දෙනවා. එවන් තීරු බදු පියවර ලෝක ආර්ථික ප්‍රකෘතියට සෘණාත්මක බලපෑමක් ද වනු ඇතැයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කරනවා.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...