සිංගප්පූරු පාරිලිමේන්තුව විසුරුවා හැරියේය. ඒ අනුව, සිංගප්පූරු පාර්ලිමේන්තු මැතිවරණය මැයි 3 වැනිදා පැවැත් වෙන බව අග්‍රාමාත්‍ය ලොරෙන්ස් වොංග් නිවේදනය කළේය.
ආර්ථික විශේෂඥයෙකු මෙන්ම නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස ද කටයුතු කරමින් සිටි 52 හැවිරිදි ලොරෙන්ස් වොංග්, අග්‍රාමාත්‍ය ධුරයට පත් කරනු ලැබුවේ ජනාධිපතිවරයා විසිනි. ඒ, 2024 මැයි 15 වැනිදාය.
ඒ අනුව මෙය අග්‍රාමාත්‍ය ලොරෙන්ස් වොංග් ගේ පළමු මැතිවරණයද වෙයි.
අග්නි දිග ආසියාවට අයත් සිංගප්පූරුව හැඳින්වෙන්නේ සිංගප්පූරු ජනරජය යන නමිනි. සිංගප්පූරුව දුපත් 63 කින් සමන්විත වෙයි.
1959 වසරේ දී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් පසු එරට පැවැත්වෙන 14 වැනි මහ මැතිවරණය මෙය වනු ඇත.
1959 වසරෙන් පසු දිගටම බලයේ සිටින්නේ ජනතා ක්‍රියාකාරී පක්ෂයයි. එලැඹෙන මැතිවරණයෙන් ද ජනතා ක්‍රියාකාරී පක්ෂය බලයට පත්වනු ඇති බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහස වෙයි.
ඉහළ යන ජීවන වියදම, නිවාස අවශ්‍යතා, රැකියා සහ වයස්ගත වන ජනගහනයක් හමුවේ වැඩිවන සෞඛ්‍ය සේවා ඉල්ලුම ආදිය මෙවර මහ මැතිවරණයේ දී කාගේත් අවධානය දිනා ගන්නා මාතෘකා වනු ඇත.
සිංගප්පූරුවේ රාජ්‍ය නායකයා ජනාධිපති වන අතර, රජයේ ප්‍රධානියා අග්‍රාමාත්‍යවරයාය. අග්‍රාමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලය පත් කෙරේ.
උපුටා ගැනීම - lankadeepa
Singapore to hold general election on 3 May
සිංගප්පූරුවේ පාර්ලිමේන්තුව විසුරුවයි
T
The Leader Desk
April 15, 2025 • 3:56 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- සිංගප්පූරු පාරිලිමේන්තුව විසුරුවා හැරියේය. ඒ අනුව, සිංගප්පූරු පාර්ලිමේන්තු මැතිවරණය මැයි 3 වැනිදා පැවැත් වෙන බව අග්‍රාමාත්‍ය ලොරෙන්ස් වොංග් නිවේදනය කළේය.ආර්ථික විශේෂඥයෙකු මෙන්ම නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස ද කටයුතු කරමින් සිටි 52 හැවිරිදි ලොරෙන්ස් වොංග්, අග්‍රාමාත්‍ය ධුරයට පත් කරනු ලැබුවේ ජනාධිපතිවරයා විසිනි. ඒ, 2024 මැයි 15 වැනිදාය.ඒ අනුව මෙය අග්‍රාමාත්‍ය ලොරෙන්ස් වොංග් ගේ පළමු මැතිවරණයද වෙයි.අග්නි දිග ආසියාවට අයත් සිංගප්පූරුව හැඳින්වෙන්නේ සිංගප්පූරු ජනරජය යන නමිනි. සිංගප්පූරුව දුපත් 63 කින් සමන්විත වෙයි.1959 වසරේ දී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් පසු එරට පැවැත්වෙන 14 වැනි මහ මැතිවරණය මෙය වනු ඇත.1959 වසරෙන් පසු දිගටම බලයේ සිටින්නේ ජනතා ක්‍රියාකාරී පක්ෂයයි. එලැඹෙන මැතිවරණයෙන් ද ජනතා ක්‍රියාකාරී පක්ෂය බලයට පත්වනු ඇති බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහස වෙයි.ඉහළ යන ජීවන වියදම, නිවාස අවශ්‍යතා, රැකියා සහ වයස්ගත වන ජනගහනයක් හමුවේ වැඩිවන සෞඛ්‍ය සේවා ඉල්ලුම ආදිය මෙවර මහ මැතිවරණයේ දී කාගේත් අවධානය දිනා ගන්නා මාතෘකා වනු ඇත.සිංගප්පූරුවේ රාජ්‍ය නායකයා ජනාධිපති වන අතර, රජයේ ප්‍රධානියා අග්‍රාමාත්‍යවරයාය. අග්‍රාමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලය පත් කෙරේ.උපුටා ගැනීම - lankadeepaSingapore to hold general election on 3 May
- උපුටා ගැනීම - lankadeepa Singapore to hold general election on 3 May
- සිංගප්පූරු පාරිලිමේන්තුව විසුරුවා හැරියේය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


