BREAKING
ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●
Top Ad
විදේශ

ඊශ්‍රායල ජාතිකයින්ට මාලදිවයිනේ දොරටු වැසෙයි

T

The Leader Desk

April 17, 2025 • 4:04 AM

ඊශ්‍රායල ජාතිකයින්ට මාලදිවයිනේ දොරටු වැසෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊශ්‍රායල ජාතිකයින්ට මාලදිවයිනට ඇතුළුවීම තහනම් කර තිබේ.
  • මාලදිවයිනේ සංක්‍රමණ පනතේ තුන්වන සංශෝධනය අනුමත කිරීමෙන් පසුව මෙම තීරණය ගෙන ඇත.
  • ජනාධිපති කාර්යාල නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණේ, තම රට ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් වන වගවීම සඳහා අඛණ්ඩව පෙනී සිටින අතර, ඊශ්‍රායලයේ ක්‍රියාවන් දැඩි ලෙස හෙළා දකින බවයි.
  • “පලස්තීනය සමඟ මාලදිවයින සිය නොසැලෙන සහයෝගීතාවය සහ පලස්තීන ජනතාවගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීමට සහ ආරක්ෂා කිරීමට ඇති නොනවතින කැපවීම යළි අවධාරණය කරන්නෙමු” යනුවෙන් ජනාධිපති කාර්යාලය ප්‍රකාශයේ සටහන් කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


මාලදිවයිනේ ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින්, ඊශ්‍රායෙල් සහ හමාස් අතර පවතින යුද්ධයේදී සිදුව ඇති ජන සංහාරයන් හේතුවෙන් ඊශ්‍රායෙල් ගමන් බලපත්‍ර හිමි පුද්ගලයින්ට මාලදිවයිනට ඇතුළුවීම තහනම් කර ඇති බව ප්‍රකාශ කළේය.

මාලදිවයිනේ සංක්‍රමණ පනතේ තුන්වන සංශෝධනය අනුමත කිරීමෙන් පසුව මෙම තීරණය ගෙන ඇත.

ජනාධිපති කාර්යාල නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණේ, තම රට ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් වන වගවීම සඳහා අඛණ්ඩව පෙනී සිටින අතර, ඊශ්‍රායලයේ ක්‍රියාවන් දැඩි ලෙස හෙළා දකින බවයි.


“පලස්තීනය සමඟ මාලදිවයින සිය නොසැලෙන සහයෝගීතාවය සහ පලස්තීන ජනතාවගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීමට සහ ආරක්ෂා කිරීමට ඇති නොනවතින කැපවීම යළි අවධාරණය කරන්නෙමු” යනුවෙන් ජනාධිපති කාර්යාලය ප්‍රකාශයේ සටහන් කර ඇත.

“ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා මාලදිවයින දිගටම පෙනී සිටින අතර ඊශ්‍රායෙල් ක්‍රියා හෙළා දකිමින් ජාත්‍යන්තර වේදිකාවල සිය හඬ අවදි කරන්නෙමු.” යනුවෙන් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Maldives bans Israeli passport holders in protest against Gaza war

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...