BREAKING
ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●
Top Ad
විදේශ

වසරේ පළමු කාර්තුවෙන්ම චීන ආර්ථිකයට කොළ එළියක් !

T

The Leader Desk

April 17, 2025 • 7:45 AM

වසරේ පළමු කාර්තුවෙන්ම චීන ආර්ථිකයට කොළ එළියක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චීනයේ නිල දත්තවලට අනුව, මෙම වසරේ පළමු කාර්තුවේ දී චීන ආර්ථිකය 5.4% කින් වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.
  • එවැනි පසුබිමක් යට‍තේ, චීන ආර්ථිකය මෙවැනි වර්ධන අගයක් සාක්ෂාත් කර ගැනීම කිසිසේත්ම සුළුපටු නොවන බව විචාරකයන්ගේ ද මතයයි.
  • සමස්ත කාර්මික එකතු කළ අගය පසුගිය කාලසීමාවට වඩා 6.3%කින් වැඩි වී තිබෙනවා.
  • සේවා කර්මාන්තයේ එකතු කළ අගය ද පසුගිය කාලසීමාවට වඩා 5.3%කින් ඉහළ ගොස් ඇති අතර ස්ථාවර වත්කම් ආයෝජනයන්හි වාර්ෂික වර්ධනය 4.2%ක් ලෙස සනිටුහන් වී තිබීම විශේෂත්වයක් බවයි චීනය පවසන්නේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ මේ වසරේ ඇමරිකානු තීරුබදු පැනවීම් අවස්ථා ගණනාවකදී ගෝලීය වෙළඳ පිළිවෙල කඩාකප්පල් කරමින් සිටින අවස්ථාවක බවයි චීන මාධ්‍ය පෙන්වා දෙන්නේ. එවැනි පසුබිමක් යට‍තේ, චීන ආර්ථිකය මෙවැනි වර්ධන අගයක් සාක්ෂාත් කර ගැනීම කිසිසේත්ම සුළුපටු නොවන බව විචාරකයන්ගේ ද මතයයි.

ex ch

පළමු කාර්තුවේ දී චීනයේ ආර්ථික දත්ත දෙස අවධානය යොමු කිරීමේදී දැක ගත හැකි සුවිශේෂ ලක්ෂණයක් නම් එහි "ස්ථාවර"  පදනමයි. එමෙන්ම පළමු කාර්තුවේ සිට ම, චීනයේ නිෂ්පාදන සහ  ඉල්ලුම් දර්ශක ද ක්‍රමයෙන් වඩාත් සාධනීය ප්‍රවණතාවක් පෙන්නුම් කරනවා. සමස්ත කාර්මික එකතු කළ අගය පසුගිය කාලසීමාවට වඩා 6.3%කින් වැඩි වී තිබෙනවා. සේවා කර්මාන්තයේ එකතු කළ අගය ද පසුගිය කාලසීමාවට වඩා 5.3%කින් ඉහළ ගොස් ඇති අතර ස්ථාවර වත්කම් ආයෝජනයන්හි වාර්ෂික වර්ධනය 4.2%ක් ලෙස සනිටුහන් වී තිබීම විශේෂත්වයක් බවයි චීනය පවසන්නේ. මේ අතර මෑත වසරවලදී චීන ආර්ථිකය, ආයෝජන හා අපනයන මගින් මෙහෙයවනු ලබන තත්ත්වයේ සිට, දේශීය  ඉල්ලුම හා නවෝත්පාදනයන් මගින් මෙහෙයවනු ලබන තත්ත්වය දක්වා විතැන් වී තිබෙනවා.

g565

 

වසර ගණනාවක් තිස්සේ විවිධ පීඩනවලට මුහුණ දීමෙන් පසු, චීනය සාර්ව නියාමනය හා පාලනය පිළිබඳ අත්දැකීම් රාශියක් රැස් කර ගෙන ඇති අතර එයට අනුව සකස් කළ ප්‍රායෝගික ප්‍රතිපත්ති මාලාව, බාහිර කම්පන හා අභියෝගවලට ප්‍රතිචාර දැක්වීම සඳහා ශක්තිමත් සහතිකයක් සපයා ඇති බව චීන මාධ්‍ය සමූහය වාර්තා කළා.

ස්ථාවර හා බලවත් සංවර්ධනයකින් මෙන්ම ප්‍රායෝගික ප්‍රතිපත්ති මාලාවකින් යුත් චීනය, විවෘතභාවය හා සිය වෙළෙඳ මිතුරන්ගේ කවය අඛණ්ඩව පුළුල් කරමින් සිටිනවා. එය චීන ආර්ථික ආකර්ශනය දිනෙන් දිනම ශක්තිමත් කරමින් සිටින බවයි සිය නවතම ආර්ථික දත්ත නිකුත් කරමින් චීනය පවසන්නේ.

සටහන - දිනූෂි ධීරසිංහ
චීන මාධ්‍ය සමූහය

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...