BREAKING
වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට●
Top Ad
විදේශ

සාර්ථකව අවසන් වූ පස්වන චීන ජාත්‍යන්තර පාරිභෝගික භාණ්ඩ ප්‍රදර්ශනය

T

The Leader Desk

April 25, 2025 • 11:46 AM

සාර්ථකව අවසන් වූ පස්වන චීන ජාත්‍යන්තර පාරිභෝගික භාණ්ඩ ප්‍රදර්ශනය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 5 වැනි චීන ජාත්‍යන්තර පාරිභෝගික භාණ්ඩ ප්‍රදර්ශනය පසුගිය දා නිමාවට පත්වුණා. ඒ වෙළඳ ආරක්ෂණවාදයේ වර්ධනය සහ ඇමරිකාවේ නව තීරුබදු පැනවීම යන සාධක ගෝලීය ආර්ථීකයට බලපෑම් එල්ල කරන පසුබිමකයි.
  • ප්‍රදර්ශනය අතරතුර එළඹි සහයෝගිතාවල වටිනාකම චීන යුවාන් බිලියන 92ක් වන අතර එය වාර්තාගත තත්ත්වයක් බවයි චීනය පවසන්නේ.
  •   මෙලෙස විදේශ ව්‍යවසායන් චීන වෙළඳපොල කෙරෙහි යොමු වීමට බලපා ඇත්තේ පාරිභෝගික වෙළඳපොල ව්‍යාප්ත කිරීම හා නව නිෂ්පාදන ඵලදායිතාව යන සාධකයන්ගෙන් ගෙන එන පරිභෝජන දියුණුවයි.
  • පසුගිය 2024 වසරේ චීනයේ සමස්ත සිල්ලර අලෙවි වටිනාකම චීන යුආන් ට්‍රිලියන 48.8කට ළඟා වුණා.
අකුරු ප්‍රමාණය (Font Size):
 
“විවෘත අවස්ථා පොදුවේ බෙදා ගෙන ලෝකයට සුන්දර අනාගතයක් එක්ව ගොඩනැගීම”යන්න තේමාවෙන් පැවති මෙවර ප්‍රදර්ශනයට රටවල් හා ප්‍රදේශ 71ක ව්‍යවසායන් 1767ක් හා සන්නාම 4290ක් සහභාගී වුණා. ප්‍රදර්ශනය අතරතුර එළඹි සහයෝගිතාවල වටිනාකම චීන යුවාන් බිලියන 92ක් වන අතර එය වාර්තාගත තත්ත්වයක් බවයි චීනය පවසන්නේ.
 
6802e81ac6d0868f1eab41b5
මෙලෙස විදේශ ව්‍යවසායන් චීන වෙළඳපොල කෙරෙහි යොමු වීමට බලපා ඇත්තේ පාරිභෝගික වෙළඳපොල ව්‍යාප්ත කිරීම හා නව නිෂ්පාදන ඵලදායිතාව යන සාධකයන්ගෙන් ගෙන එන පරිභෝජන දියුණුවයි. පසුගිය 2024 වසරේ චීනයේ සමස්ත සිල්ලර අලෙවි වටිනාකම චීන යුආන් ට්‍රිලියන 48.8කට ළඟා වුණා. මේ වසරේ පළමු කාර්තුව තුළ, පාරිභෝගික වෙළඳපොල අඛණ්ඩව වර්ධනය වෙමින් නවෝත්පාදන ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ චීනය ඉහළට පැමිණ තිබෙනවා. මෙවර ප්‍රදර්ශනයේදී පරිභෝජන තාක්ෂණයන් සඳහා විශේෂ ප්‍රදර්ශන කලාපයක් වෙන් කර තිබූ අතර විවිධ විදේශ ව්‍යවසායකයෝ සිය නවෝත්පාදන නිෂ්පාදන මෙවර ප්‍රදර්ශනයට යොමු කර තිබුණා.   
 
 
චීන ජාත්‍යන්තර පාරිභෝගික භාණ්ඩ ප්‍රදර්ශනය නිමාවට පත්වීමෙන් පසු කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය, චීන ජාත්‍යන්තර සැපයුම් දාම ප්‍රවර්ධන ප්‍රදර්ශනය යන ජාත්‍යන්තර ප්‍රදර්ශන පැවැත්වීමට ද නියමිතයි. විවෘතභාවය අඛණ්ඩව ව්‍යාප්ත කිරීමට මෙන්ම විදේශ ආයෝජන සඳහා ඵලදායී පරිසරයක් නිර්මාණය කරමින් ගමන් කිරීම සිය අරමුණ බවයි චීනය පවසන්නේ.
 
සටහන - දිනූෂි ධීරසිංහ
චීන මාධ්‍ය සමූහය
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සාර්ථකව අවසන් වූ පස්වන චීන ජාත්‍යන්තර පාරිභෝගික භාණ්ඩ ප්‍රදර්ශනය | The Leader