BREAKING
වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට●
Top Ad
විදේශ

ඉන්දියාවෙන් පාකිස්ථානයට ගුවන් ප්‍රහාරයක්

T

The Leader Desk

May 7, 2025 • 2:16 AM

 ඉන්දියාවෙන් පාකිස්ථානයට ගුවන් ප්‍රහාරයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාකිස්තානයේ සහ පාකිස්තානයේ පාලනය යටතේ පවතින කාශ්මීර් පළාතේ ත්‍රස්තවාදී ඉලක්ක 9 ක් වෙත ඉන්දීය සන්නද්ධ හමුදා අද(07) අලුයම
  • ඉන්දීය හමුදා ප්‍රහාර එල්ල කළ ස්ථාන 9 අතර ලෂ්කර්-ඊ-තායිබා සහ ජයිෂ්-ඊ-මොහොමඩ් යන ත්‍රස්තවාදී සංවිධානවල බළකොටුද තිබෙන බව විදෙස් මාධ්‍ය පැවැසුවේය.
  • පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉන්දීය හමුදාව මෙම ප්‍රහාර මාලාව අද(07) අලුයම 1.44 ට පමණ එල්ල කර ඇති අතර එම මෙහෙයුම සින්දූර් ලෙස නම් කර ඇත.
  • ඉන්දීය හමුදා එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉන්දීය ගුවන් හමුදවට අයත් ප්‍රහාරක ජෙට් යානා තුනක් පාකිස්තාන හමුදා විසින් වෙඩි තබා බිම හෙළා ඇතැයිද විදෙස් මාධ්‍ය පැවැසුවේය.
අකුරු ප්‍රමාණය (Font Size):
මිසයිල් ප්‍රහාර එල්ල කර ඇති බවත් ඉන් පාකිස්තාන ජාතිකයන් 8 දෙනකු මියගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉන්දීය හමුදා ප්‍රහාර එල්ල කළ ස්ථාන 9 අතර ලෂ්කර්-ඊ-තායිබා සහ ජයිෂ්-ඊ-මොහොමඩ් යන ත්‍රස්තවාදී සංවිධානවල බළකොටුද තිබෙන බව විදෙස් මාධ්‍ය පැවැසුවේය.

පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉන්දීය හමුදාව මෙම ප්‍රහාර මාලාව අද(07) අලුයම 1.44 ට පමණ එල්ල කර ඇති අතර එම මෙහෙයුම සින්දූර් ලෙස නම් කර ඇත.

ඉන්දීය හමුදා එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉන්දීය ගුවන් හමුදවට අයත් ප්‍රහාරක ජෙට් යානා තුනක් පාකිස්තාන හමුදා විසින් වෙඩි තබා බිම හෙළා ඇතැයිද විදෙස් මාධ්‍ය පැවැසුවේය. ඉන් ප්‍රහාරක ජෙට් යානා 2 ක් බිම දමා ඇත්තේ ඉන්දීය භූමිය තුළදී බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ප්‍රහාරය පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියාව එල්ල කළ ප්‍රහාරය යුද ප්‍රකාශ කිරීමක් බවත් එයට ප්‍රතිචාර දැක්වීමට පාකිස්තානයට සම්පූර්ණ අයිතිය තිබෙන බවත්ය.


(lankadeepa | විමුක්ති එස් රුද්‍රිගු)


මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

India launches air strikes on Pakistan and Pakistan-administered Kashmir

India's strikes come after days of mounting pressure on its Hindu nationalist Prime Minister Narendra Modi

What we know about India's strike on Pakistan and Pakistan-administered Kashmir

India strikes Pakistan over Kashmir tourist killings

බග්ලිහාර් සහ සලාල් වේලි: ඉන්දියාවට අයත් මේ වේලි ගැන පකිස්ථානය බියෙන් පසුවන්නේ ඇයි?


ඉන්දියාව, පකිස්ථානය සහ දකුණු කාශ්මීරයේදී සංචාරකයින්ට එල්ලවූ ප්‍රහාරය ගැන විමසුමක්


කාශ්මීර ප්‍රහාරය ඉන්දු-පාකිස්ථාන හමුදා ගැටුමක් දක්වා උත්සන්න වීමේ අවදානමක්


දකුණු කාශ්මීරයේදී එල්ලවූ ප්‍රහාරය ගැන මෙතෙක් අප දන්නේ මොනවා ද?


ඉන්දියාව දෙකඩවීම: වසර 75කට පෙර බ්‍රිතාන්‍ය ඉන්දියාව බෙදීගියේ ඇයි?

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...