BREAKING
වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට●
Top Ad
විදේශ

'සාම්ප්‍රදායික මව් පදවියට අභියෝග කළ' ඇම්බර් හර්ඩ් මව්වරුන්ගේ දිනයේ සටහනක් තබමින් නිවුන් දරු ප්‍රසූතියක් නිවේදනය කරයි

T

The Leader Desk

May 12, 2025 • 12:06 PM

'සාම්ප්‍රදායික මව් පදවියට අභියෝග කළ' ඇම්බර් හර්ඩ් මව්වරුන්ගේ දිනයේ සටහනක් තබමින් නිවුන් දරු ප්‍රසූතියක් නිවේදනය කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මව්වරුන්ගේ දිනයේදී තැබූ ඉන්ස්ටග්‍රෑම් සටහනකින් ඇමෙරිකානු රංගන ශිල්පිනී ඇම්බර් හර්ඩ් නිවුන් දරු ප්‍රසූතියක් නිවේදනය කර තිබේ.
  • 39 හැවිරිදි හර්ඩ්, සිය පළමු දියණිය වන ඌනා ප්‍රසූත කළේ, 2021 වසරේදී ය.
  • ඇය තම පවුල විස්තර කළේ, "වසර ගණනාවක් තිස්සේ ගොඩනගා ගැනීමට උත්සහ කළ" පවුලක් ලෙස ය.
  • අද ඔබ කොතැනක සිටියත්, කෙසේ සිටියත්, මගේ සිහින පවුල සහ මම ඔබ සමග (මව්වරුන්ගේ දිනය) සමරනවා," ඇය තවදුරටත් සඳහන් කළා ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇමෙරිකානු රංගන ශිල්පිනිය හෙළි කළේ, ඇය සිය දියණිය ඇග්නස් සහ පුත් ඕෂන් ප්‍රසූත කළ බවත් ඇගේ පවුල "සම්පූර්ණත්වයට පත්වීම" සැමරීම සම්බන්ධයෙන් "වචනවලින් කිව නොහැකි තරම් ප්‍රීති වූ" බවත් ය.

39 හැවිරිදි හර්ඩ්, සිය පළමු දියණිය වන ඌනා ප්‍රසූත කළේ, 2021 වසරේදී ය.

පාද යුගල තුනක ඡායාරූපයක් පළ කරමින් හර්ඩ් මෙසේ ලිවීය: "මගේ ම සරු බව පිළිබඳ අභියෝග මධ්‍යයේ වුව ද, මා විසින් ම සහ මගේ ම කොන්දේසි මත මවක වීම මගේ ජීවිතයේ වඩාත් ම නිහතමානී අත්දැකීම යි."

d63e69e0 2f02 11f0 8f57 b7237f6a66e6.jpg
ඇය මාතෘත්වය "වගකීමෙන් හා කල්පනාකාරීව" තෝරා ගත් බවත් "ඊට වඩා ප්‍රීතියට පත්වීම දරාගත නොහැකි වනු ඇති" බවත් ඇය පැවසුවා ය.

ඇය තම පවුල විස්තර කළේ, "වසර ගණනාවක් තිස්සේ ගොඩනගා ගැනීමට උත්සහ කළ" පවුලක් ලෙස ය.

"සියලු මව්වරුන් වෙත ලියමි. අද ඔබ කොතැනක සිටියත්, කෙසේ සිටියත්, මගේ සිහින පවුල සහ මම ඔබ සමග (මව්වරුන්ගේ දිනය) සමරනවා," ඇය තවදුරටත් සඳහන් කළා ය.

2021 දී හර්ඩ් ඇගේ පළමු දියණියගේ උපත නිවේදනය කරමින්, ඇය "දරුවෙකු ලබා ගැනීමට විවාහ වීමට අවශ්‍ය නොවන බව පවසමින් දරුවන් බිහි කිරීම සාමාන්‍යකරණය කිරීමට" ඇති ඇගේ කැමැත්ත ගැන කතා කළා ය.

"කාන්තාවන් ලෙස අපගේ ඉරණමේ මූලික ම අංගයක් ගැන මේ ආකාරයෙන් සිතීම කොතරම් රැඩිකල් ද කියලා මට දැන් වැටහෙනවා," ඇය ඒ අවස්ථාවේ ඉන්ස්ටග්‍රෑම්හි ලිවීය.

ඇම්බර් හර්ඩ් වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ, ඇයගේ The Rum Diary, Drive Angry, Zombieland සහ Aquaman යන චිත්‍රපට හරහා ය.

ඇය 2015 සිට 2016 දක්වා අතර කාලය තුළ හොලිවුඩ් නළු ජොනී ඩෙප් සමග විවාහ වී සිටියා ය.

ඔවුන්ගේ විවාහය අවසන් වූ පසු, මෙම යුවළ ගෘහස්ථ හිංසනය සම්බන්ධයෙන් එකිනෙකාට චෝදනා කර ගත් අතර දීර්ඝ හා ඉහළ පෙළේ අපහාස නඩු දෙකකට සම්බන්ධ වූහ.

2020 දී ඩෙප්ට එරෙහිව පැවති News Group Newspapers (NGN) නඩු විභාගයේදී, ඔහු "බිරිඳට පහර දෙන්නෙකු" බවට ඇම්බර් හර්ඩ් පුවත්පතේ පළවූ ප්‍රකාශයන්ට සහය දැක්වීමට සාක්ෂි දීමෙන් පසු, ඩෙප් සන් පුවත්පතට එරෙහිව පැවරූ අපහාස නඩුවෙන් පරාජයට පත් විය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ පුළුල් ලෙස ප්‍රසිද්ධියට පත්වූ ඩෙප්ට එරෙහිව ඇම්බර් හර්ඩ් ගොනුකළ නඩු විභාගයේදී, ඩෙප්ට අපහාස කිරීම සම්බන්ධයෙන් හර්ඩ් වගකිව යුතු බව අනාවරණය විය.

2022 දී සති හයක් පුරා, එක්සත් ජනපදයේ වර්ජිනියා ප්‍රාන්තයේ උසාවියක් යුවළගේ අස්ථාවර සම්බන්ධය පිළිබඳ නඩුව විභාග කළේ ය.

ඩෙප් ඔහුගේ හිටපු බිරිඳට අපහාස කිරීම සම්බන්ධයෙන් නඩු පැවරුවේ, ඇය ගෘහස්ථ අපයෝජනයට ලක්වූ බවට වොෂින්ටන් පෝස්ට් පුවත්පතට ලියූ ලිපියක් නිසා ය,

නමුත් එහි ඔහුගේ නම සඳහන් කර තිබුණේ නැත. හර්ඩ් ඊට එරෙහිව නඩුවක් පවරා තිබිණි.

හර්ඩ්ට අතවර කිරීම ප්‍රතික්ෂේප කළ ඩෙප්ට ජූරි සභිකයින් ඩොලර් මිලියන 15 (£12m) ක වන්දි සහ අපහාස වන්දි ප්‍රදානය කිරීමට නියෝල කළේ ය.

ඩෙප්ට එරෙහිව පැවරූ නඩු තුනෙන් එකක් හර්ඩ් ජයග්‍රහණය කළ අතර වන්දි වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක් ප්‍රදානය කරන ලදී.


(සටහන | ලුසී ක්ලාර්ක්-බිලිංස්)
බීබීසී

උපුටා ගැනීම - BBC සිංහල සේවය

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

ජොනී ඩෙප් සහ ඇම්බර් හර්ඩ් නඩුවේ වැදගත් අවස්ථා පෙළගැස්මක්

ඩෙප්-හර්ඩ් නඩු විභාගය: තීන්දුවෙන් පසු පිළිතුරු ලැබුණු ප්‍රශ්න තුනක්

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...