BREAKING
වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට●
Top Ad
විදේශ

වොෂින්ටන් වෙඩි ප්‍රහාරයෙන් මියගිය ඊශ්‍රායල තරුණ යුවළ ගැන හෙළිවෙයි

T

The Leader Desk

May 23, 2025 • 4:40 AM

 වොෂින්ටන් වෙඩි ප්‍රහාරයෙන් මියගිය ඊශ්‍රායල තරුණ යුවළ ගැන හෙළිවෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අමෙරිකාවේ වොෂින්ටන්හි යුදෙව් කෞතුකාගාරය ඉදිරිපිටදී එරට වේලාවෙන් ඊයේ (21) ප.ව. 12.45ට පමණ සිදු වූ වෙඩි ප්‍රහාරයෙන් ඝාතනයට ලක් වූ ඊශ්‍රායල යුවළ ගැන තොරතුරු අනාවරණය කර ඇත.
  • ඔවුන් දෙපළ විවාහ ගිවිස ගැනීමට ආසන්නව සිටි යුවළක් බව වොෂින්ටනයේ ඊශ්‍රායල තානාපති යෙචියෙල් ලයිටර් විදෙස් මාධ්‍ය වෙත අනාවරණය කර ඇත.
  •   ලිස්චින්ස්කි 2022 වසරේ සැප්තැම්බර් මාසයේ සිට වොෂින්ටනයේ සේවය කරමින් සිටි අයෙකු වේ.
  • ඔහු ජර්මනියේ උපත ලැබූවෙකු වන අතර, වයස අවුරුදු 16දී ඊශ්‍රායලයට සංක්‍රමණය වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙලෙස මියගොස් ඇත්තේ ඊශ්‍රායල තානාපති කාර්යාලයේ සේවය කළ සේවකයින් දෙදෙනෙකු වන 26 හැවිරිදි සාරා ලින් මිල්ග්‍රිම් සහ 30 හැවිරිදි යාරොන් ලිස්චින්ස්කිය.

ඔවුන් දෙපළ විවාහ ගිවිස ගැනීමට ආසන්නව සිටි යුවළක් බව වොෂින්ටනයේ ඊශ්‍රායල තානාපති යෙචියෙල් ලයිටර් විදෙස් මාධ්‍ය වෙත අනාවරණය කර ඇත.

"ලිස්චින්ස්කි ලබන සතියේ ජෙරුසලමේදී තම පෙම්වතියට විවාහ යෝජනාවක් කිරීමේ අදහසින් ඔහු මේ සතියේ මුද්දක් මිලදී ගෙන තිබුණා" යනුවෙන් පවසා තිබේ.

 

ලිස්චින්ස්කි 2022 වසරේ සැප්තැම්බර් මාසයේ සිට වොෂින්ටනයේ සේවය කරමින් සිටි අයෙකු වේ.

ඔහු ජර්මනියේ උපත ලැබූවෙකු වන අතර, වයස අවුරුදු 16දී ඊශ්‍රායලයට සංක්‍රමණය වී ඇත.

ජෙරුසලමේ හෙබ්‍රෙව් විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ උපාධියක් සහ රීච්මන් විශ්වවිද්‍යාලයෙන් රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ උපායමාර්ග පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ඇති අයෙකු වේ.

 

v56oij
එමෙන්ම සාරාට ද අමෙරිකවේ විශ්වවිද්‍යාලයක ජාත්‍යන්තර සබඳතා පිළිබඳ පශ්චාත් උපාධි දෙකක් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පවත්වාගෙන යනු ලබන සාම විශ්වවිද්‍යාලයෙන් ස්වාභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ පශ්චාත් උපාධි දෙකක් තිබී ඇත.

මෙම වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් 30 හැවිරිදි එලියාස් රොඩ්‍රිගස් නමැති අයෙකු අත්අඩංගුවට ගත් අතර, ඔහු චිකාගෝ හි පදිංචිකරුවෙකු බව සඳහන්.

ඔහු ප්‍රහාරයෙන් පසු "නිදහස් පලස්තීනය" යනුවෙන් කෑ ගසා ඇති බව වොෂින්ටන් පොලීසිය පවසයි.

කෙසේ නමුත් මෙම ප්‍රහාරයෙන් පසු ලොව පුරා ඊශ්‍රායල තානාපති කාර්යාලවල ආරක්ෂාව වැඩිකිරීමට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු කටයුතු යොදා ඇත.


| adaderana.lk

They Were Days From Getting Engaged. Then They Were Killed in D.C.

Israeli museum victim 'was planning to propose'


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

වොෂින්ටන් වෙඩි ප්‍රහාරයෙන් මියගිය ඊශ්‍රායල තරුණ යුවළ ගැන හෙළිවෙයි | The Leader