BREAKING
වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට●
Top Ad
විදේශ

ලොව බලවත්ම පුද්ගලයයි ලොව ධනවත්ම පුද්ගලයයි අතර අඹයාලුකම අවසන් ද?

T

The Leader Desk

June 8, 2025 • 5:49 AM

ලොව බලවත්ම පුද්ගලයයි ලොව ධනවත්ම පුද්ගලයයි අතර අඹයාලුකම අවසන් ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝකයේ දේශපාලනිකව බලවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ඩොනල්ඩ් ට්‍රම්ප් හා ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ඊලෝන් මස්ක් සිය සමාජ මාධ්‍ය හරහා එකිනෙකාට එරෙහිව යුද්ධය ප්‍රකාශ කරන්නට පටන් ගෙන ඇත.
  • මේ අතර ව්‍යාපාරික ඊලෝන් මස්ක්, අමෙරිකාවේ නව දේශපාලන පක්ෂයක් පිහිටුවිය යුතු ද යන්න සම්බන්ධයෙන් මත විමසුමක් ක්‍රියාත්මක කර ඇත.
  •   ඒ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග විරසකය, තීවුර වී ඇති පසුබිමකයි.
  •   නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට කාලය පැමිණ ඇද්දැයි, සිය එක්ස් ගිණුම හරහා මිලියන 200 කට අධික අනුගාමිකයින්ගෙන් ඔහු විමසා තිබිණ.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙම සීතල යුද්ධය සමාජ මාධ්‍යවලින් පිටතට පැමිණ ක්‍රියාමාර්ගමය වශයෙන් උණුසුම් වෙයිද?

මේ වෙද්දී ජාත්‍යන්තර මාධ්‍යවල විශේෂ අවදානය මේ සම්බන්ධයෙන් යොමුව තිබේ.

මේ අතර ව්‍යාපාරික ඊලෝන් මස්ක්, අමෙරිකාවේ නව දේශපාලන පක්ෂයක් පිහිටුවිය යුතු ද යන්න සම්බන්ධයෙන් මත විමසුමක් ක්‍රියාත්මක කර ඇත.
 
musk
ඒ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග විරසකය, තීවුර වී ඇති පසුබිමකයි.  

නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට කාලය පැමිණ ඇද්දැයි, සිය එක්ස් ගිණුම හරහා මිලියන 200 කට අධික අනුගාමිකයින්ගෙන් ඔහු විමසා තිබිණ.

ඊට ඔහුගේ අනුගාමිකයින් මනාපය පළ කරමින් ප්‍රතිචාර දක්වා තිබේ.

දෙදෙනා අතර විරසයක ආරම්භ වූයේ, නව තීරු බදු පනතට ඊලෝන් මස්ක් විරෝධය පළ කිරීමත් සමගයි.
 
musk456
ඒ සම්බන්ධයෙන් තමා කළ කිරීමට පත්ව ඇතැයි ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය.

එක්ස් සටහනක් තබමින් එලෝන් මස්ක් සඳහන් කළේ, තමා නොමැති නම් ට්‍රම්ප්, ජනාධිපතිවරණය පරාජය වනු ඇති බවයි.
 
 
ට්‍රම්ප්ගේ මේ බදු තීරණත් සමග ටෙස්ලා කොටස් මිල 14% පහත වැටුනු අතර, ට්‍රම්ප් එවැනි පියවරකට ගියහොත් ඊලෝන් මස්ක්ගේ ව්‍යාපාර වලට දැවැන්ත පාඩුවක් සිදුවනු ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.
 
 
දෙදෙනා අතර පවතින අර්බුදය හේතුවෙන් ඊලොන් මස්ක්ගේ ටෙස්ලා සමාගමේ කොටස් මිල පසුගිය 05 වනදා 14%කින් පහතවැටී තිබුණි. ඉන් සමාගමට අහිමි වූ වෙළෙපොළ වටිනාකම ඩොලර් බිලියන 150කට අධිකය.

මේ අතර ඊලෝන් මස්ක්, ට්‍රම්ප් ට අභියෝග කරමින් ට්‍රම්ප්ට එරෙහිව දෝශාභියෝගයක් ගෙන ආයුතු බවට අදහස් දක්වා ඇත.

මෙවැනි තත්ත්වයන් හමුවේ ට්‍රම්ප් සහ මස්ක්ගේ මිත්‍රත්වය නිල වශයෙන් අවසන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
 
musk 2985
ඊලෝන් මස්ක් සමඟ කතා කිරීමට තමාට කිසිදු සැලසුමක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

එරට මාධ්‍ය අමතමින් ට්‍රම්ප් පවසා ඇත්තේ, ටෙස්ලා ප්‍රධාන විධායක නිලධාරියා පිළිබඳ තමාන් කිසිදු තැකීමක් නොකරන  බවය.

ඊලෝන් මස්ක් ටෙස්ලා සමඟ හොඳින් කටයුතු කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවද මෙහිදී ට්‍රම්ප් පැවසීය.

කෙසේ වෙතත්, ෆෙඩරල් රජය සමඟ මස්ක්ගේ පුළුල් ගිවිසුම් සමාලෝචනය කිරීම සුදුසු බව ට්‍රම්ප් සඳහන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...