BREAKING
වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට●
Top Ad
විදේශ

සාගරය හෝ ග්‍රීන්ලන්තය වෙළෙඳ භාණ්ඩයක් නොවේ - ප්‍රංශ ජනාධිපති

T

The Leader Desk

June 10, 2025 • 2:39 PM

සාගරය හෝ ග්‍රීන්ලන්තය වෙළෙඳ භාණ්ඩයක් නොවේ - ප්‍රංශ ජනාධිපති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සාගරය හෝ ග්‍රීන්ලන්තය හෝ ආක්ටික් කළාපය වෙළෙඳ භාණ්ඩ නොවන බව අවධාරණය කරමින් එක්සත් ජාතීන්ගේ සාගර සමුළුව
  • “The deep sea is not for sale; Greenland is not for sale; the Arctic is not for sale," ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මක්‍රෝන් අවධාරණය කළා. ඔහු එම විශේෂ ප්‍රකාශය කළේ සමුළුවේ සම-සභාපතිධුරයට පත්කර ගනු ලැබීමෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් කරමින්.
  • අනාගත පරපුරේ අභිවෘද්ධිය වෙනුවෙන් සාගරය රැක ගැනීමේ අවශ්‍යතාව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුතෙරෙස් ඇතුළු ලෝක නායකයින් පෙන්වා දුන්න.
  • ග්‍රීන්ලන්තය මිලදී ගන්නා බවට ට්‍ර්ම්ප් දිගින් දිගටම වහසි බස් දොඩමින් ඉන්නවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රංශයේ නීස් නගරයේදී උත්සවාකාරයෙන් ආරම්භ වුණා.

“The deep sea is not for sale; Greenland is not for sale; the Arctic is not for sale," ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මක්‍රෝන් අවධාරණය කළා. ඔහු එම විශේෂ ප්‍රකාශය කළේ සමුළුවේ සම-සභාපතිධුරයට පත්කර ගනු ලැබීමෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් කරමින්.

අනාගත පරපුරේ අභිවෘද්ධිය වෙනුවෙන් සාගරය රැක ගැනීමේ අවශ්‍යතාව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුතෙරෙස් ඇතුළු ලෝක නායකයින් පෙන්වා දුන්න.

ජුනි 09 වෙනි සඳුදා එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් නිල වශයෙන්  සමුළුව විවෘත කරනු ලැබීමෙන් අනතුරුව, සම-සත්කාරක ප්‍රංශයේ සහ කොස්ටා රිකාවේ ජනාධිපතිවරුන් දෙදෙනා (Emmanuel Macron & Rodrigo Chaves Robles) සමුළුවේ සම සභාපති ධුරයට පත්කරගනු ලැබුවා. සත්කාරක උප ජනාධිපතිවරුන් උප සභාපති පදවියටත් පත්කෙරුණා.

එහිදී මහ ලේකම්වරයා වගේම සම සභාපතිවරුනුත් අවධාරණය කළේ සාගරය රැකගැනීම සඳහා දැනටමත් සිදුවන ක්‍රියාදාමයන් වහාම තවදුරටත් වේගවත් කිරීමේ වැදගත්කම.

"මිහිතලය රත්වෙද්දී, සාගරය රත් වෙලා නටන මට්ටමට ඇවිත්," සමුළුව අමතමින් ජනාධිපති මක්රෝන් කිවුව.

"අපේ රටවල් යටවෙන දවසත් වැඩි ඈතක නෙවෙයි."

විශේෂයෙන්ම ග්‍රීන්ලන්තය ගැන ඔහු කළ සඳහන එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත එල්ල කළ ඇනුම් පදයක්. ග්‍රීන්ලන්තය මිලදී ගන්නා බවට ට්‍ර්ම්ප් දිගින් දිගටම වහසි බස් දොඩමින් ඉන්නවා.

සාගර සමුළුව පැවැත්වෙන්නේ නීස් නගරය තුළ Blue Zone සහ Green Zone විදියට නම් කරලා තියන ප්‍රධාන සම්මන්ත්‍රණ ශාලා දෙකක. රාජ්‍ය නායකයින්, රජ කුමාරවරුන්, ඇමතිවරුන් සහ දූත මණ්ඩල සහභාගි වෙන ප්‍රධාන සමුළුව පැවැත්වෙන්නේ Blue Zone ශාලාවේ. මේ ප්‍රධාන සමුළුවට සහභාගි වෙන්න අති විශාල පිරිසක් ඉල්ලීම් කරලා තිබුණ නිසා සංවිධායකයින් විසින් Blue Zone ශාලාවට ඇතුළු වෙන්න විශේෂ අවසර පත්‍ර දෙකක් නිකුත්කරලා තිබුණ. ඒ අවසර පත්‍ර දෙකම තිබුණත් පාස්පෝට් එක අතේ නැත්නම් ශාලාවට ඇතුළුවෙන්න බැහැ.

ඒ වගේම නගරය පුරාම දැවැන්ත පොලිස් ආරක්ෂාවක් යොදවල තියෙනව. හැම මොහොතකම සයිරන් නලා හඬ නගමින් පොලිස් රථ කිහිපයක ආරක්ෂාව මැද්දේ විශේෂ අමුත්තෙක් අප පසුකර යනවා. රාජ්‍ය නොවන සංවිධාන, පරිසර ක්‍රියාධරයින්, විද්‍යාඥයින් ඇතුළු පිරිස් සාකච්ඡා සහ දේශන පවත්වන්නේ Blue Zone එකේ ඉඳල කිලෝමීටර් තුනක් පමණ ඈතින් තියන Green Zone ශාලාවේ. රාජ්‍ය නායකයින් සහ රාජ්‍යතාන්ත්‍රිකයින් හැරුණු කොට මාධ්‍යවේදීන්, පරිසර ක්‍රියාධරයින්, විද්‍යාඥයින් වගේම පරිසරය ගැන උනන්දුවක් දක්වන අති විශාල පිරිසක් නගරයට රැස් වෙලා ඉන්නවා.

සමුළුව වෙනුවෙන් නගරයේ සූදානම කොයිතරම් ද කියනවා නම් පසුගිය සිකුරාදා ඉඳල ඉරිදා දක්වා ඕනෑම කෙනෙකුට නගරය තුළ සියලුම පොදු ප්‍රවාහන සේවා - බස්, ට්‍රෑම් සහ උමං දුම්රිය - නොමිලේ විවෘත කරලා තිබුණ. Blue, Green zone දෙක හැරුණු කොට නගරයේ බොහෝ හෝටල්වල සම්මන්ත්‍රණ ශාලාවලත් සාගර සමුළුවට අනුබද්ධ රැස්වීම් (side events) පැවැත්වෙනවා. ඊයේ රාත්‍රියේ මම නැවතිලා ඉන්න හෝටලයේ තිබුණ සාකච්ඡාවකට Cape Verde රාජ්‍යයේ ජනාධිපතිතුමාත් සහභාගී වෙලා හිටිය.  

ඊශ්‍රායල ජන සංහාරයට එරෙහිව පැරිස් අගනුවර දැවැන්ත උද්ඝෝෂණ පැවැත්වෙද්දීත් ජනාධිපති මක්රෝන් දිගටම නීස් නගරයේ රැඳී සිටීමත් විශේෂත්වයක්. ආරම්භක දේශනයෙන් පසුව ඔහු සාගර සමුළුව පැවැත්වෙන භූමියේ ඊයේ රාත්‍රියේ මාධ්‍ය හමුවකටත් සහභාගි වුනා.

“Ocean Wonders” තේමාව යටතේ පැවැත්වුන ලෝක සාගර දින සැමරුම වෙනුවෙන් සාගර පර්යේෂණවල යෙදිල ඉන්න නෞකා සමූහයක් වරායබද නීස් නගරය අසලින් යාත්‍රා කළා.

(Pulitzer Cenre හි Ocean Reporting Network අනුග්‍රහයෙනි)

bfcfd
Saroj Pathirana(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක
ප්‍රංශයේ නීස් නගරයේ සිට
2025 ජුනි 10

sarojpathi@gmail.com
(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)

 



සබැඳි පුවත් :

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සාගරය හෝ ග්‍රීන්ලන්තය වෙළෙඳ භාණ්ඩයක් නොවේ - ප්‍රංශ ජනාධිපති | The Leader