BREAKING
වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට●
Top Ad
විදේශ

ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර එල්ල කරමින් ඉරානය අනතුරු අඟවයි

T

The Leader Desk

June 14, 2025 • 10:44 AM

ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර එල්ල කරමින් ඉරානය අනතුරු අඟවයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තම ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලයට උදව් කළහොත් කලාපයේ එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ප්‍රංශයට අයත් ඔවුන්ගේ කඳවුරු සහ නැව් ඉලක්ක කරන බවට ඉරානය අනතුරු අඟවා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
  • ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි පවසා ඇත්තේ, ඊශ්‍රායලයට "දැඩි ප්‍රහාරවලින් දඬුවම් කළ" බව ය.
  • ඊශ්‍රායලයේ ජෙරුසලම් නගරයෙන් පිපිරුම් හඬ ඇසුණු බවත් ටෙල් අවිව් නගරයට ඉහළ අහස කළු දුමාරයකින් පිරී තිබුණු බවත් බීබීසී මාධ්‍යවේදිනී ඉයෝන් වෙල්ස් වාර්තා කරයි.
  • වාර්තා වී ඇති පරිදි ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාරවලින් තුවාල ලැබූ පුද්ගලයින් 40 දෙනෙකු රෝහල්වලින් ප්‍රතිකාර ලබා ඇති අතර, ඒ අතරින් දෙදෙනෙක් බරපතළ තත්ත්වයක පසු වූහ.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ අතර ඊශ්‍රායලය පෙර දා රාත්‍රියේ එල්ල කළ මිසයිල ප්‍රහාරවලට "පළිගැනීමක්" ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිල් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි පවසා ඇත්තේ, ඊශ්‍රායලයට "දැඩි ප්‍රහාරවලින් දඬුවම් කළ" බව ය.

ඊශ්‍රායලයේ ජෙරුසලම් නගරයෙන් පිපිරුම් හඬ ඇසුණු බවත් ටෙල් අවිව් නගරයට ඉහළ අහස කළු දුමාරයකින් පිරී තිබුණු බවත් බීබීසී මාධ්‍යවේදිනී ඉයෝන් වෙල්ස් වාර්තා කරයි.

ap25164685072901

වාර්තා වී ඇති පරිදි ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාරවලින් තුවාල ලැබූ පුද්ගලයින් 40 දෙනෙකු රෝහල්වලින් ප්‍රතිකාර ලබා ඇති අතර, ඒ අතරින් දෙදෙනෙක් බරපතළ තත්ත්වයක පසු වූහ.

මේ අතර, ඉරානය එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් ටෙල් අවිව් නගරයේ කාන්තාවක ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඇමෙරිකානු මාධ්‍යවේදීන් ඉදිරියේ එරට ඊශ්‍රායල් තානාපතිවරයා පවසා තිබේ.

ලෝක නායකයින්ගේ ඉල්ලීම්

කලාපය තුළ ප්‍රහාර දිගට ම සිදුවන විට, යුද්ධ ක්‍රියා උත්සන්නවීම අවම කරන ලෙසත්, සංයමයෙන් කටයුතු කරන ලෙසත් ලෝක නායකයින් ඉල්ලා තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ඉල්ලා ඇත්තේ, ඉරානය සහ ඊශ්‍රායලය යන දෙපාර්ශවය ම "ගැටුම් උත්සන්න වීම" නතර කරන ලෙස ය.

"ඊශ්‍රායලය ඉරාන න්‍යෂ්ටික ස්ථාන වෙත බෝම්බ හෙලීම. ටෙල් අවිව්හි ඉරාන මිසයිල ප්‍රහාර. දුරදිග ගියා ඇති. දැන් නතර කරන්න කාලය ඇවිත්. සාමය සහ රාජ්‍ය තාන්ත්‍රිකභාවය පවත්වාගත යුතු යි," ඔහු X හි සටහනක් තබා තිබිණි.

Screenshot 2025 06 14 155655

යුරෝපා කොමිසමේ සභාපතිනි උර්සුලා වොන් ඩර් ලෙයෙන් පවසන්නේ, පවතින තත්ත්වය පිළිබඳව ඇය ඊශ්‍රායල් ජනාධිපති අයිසැක් හර්සොග් සමග කතා කළ බව ය.

"ඊශ්‍රායලයට තමන්ව ආරක්ෂා කර ගැනීමට සහ තම ජනතාව ආරක්ෂා කිරීමට ඇති අයිතිය මම නැවත අවධාරණය කළා. ඒ සමග ම, කලාපීය ස්ථාවරත්වය ආරක්ෂා කිරීම අත්‍යවශ්‍යඩයි," ඇය X හි සඳහන් කර ඇති අතර, "උපරිම සංයමයකින් ක්‍රියා කරන ලෙස" සහ ගැටුම් උත්සන්න වීම අවම කරන ලෙස සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බව ඇය තවදුරටත් සඳහන් කළා ය

ඊයේ ඉරානයේ න්‍යෂ්ටික මර්මස්ථාන කිහිපයකට ඊශ්‍රායල් ආරක්ෂක බළකාය (IDF) ප්‍රහාර එල්ල කළේ ය.

මෙම ප්‍රහාර ඔපරේෂන් රයිසින් ලයන් මෙහෙයුමේ කොටසක් බව ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු පැවසූ අතර ඉරානය "ඊශ්‍රායලයේ පැවැත්මට" තර්ජනයක් වූ බව ද පැවසීය.

 

routers

ජ්‍යෙෂ්ඨ න්‍යෂ්ටික විද්‍යාඥයින් ප්‍රහාරවලින් මිය ගොස් තිබීමට ඉඩ ඇති බව ඊශ්‍රායල් පුවත් මූලාශ පවසන අතර, ඉරාන රාජ්‍ය මාධ්‍ය පවසන්නේ, ටෙහෙරානයට සහ අනෙකුත් නගර කීපයකට එල්ල වූ මෙම ප්‍රහාරය සාමාන්‍ය ජනතාව ජීවත් වන ප්‍රදේශ ඉලක්ක කර එල්ල කර ඇති බව ය.

ඉරානයේ එක්සත් ජාතීන්ගේ නියෝජිතයා පවසා ඇත්තේ, ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් හමුදා නිලධාරීන් ඇතුළු 78 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව ය.

මියගිය පුද්ගලයින් අතර ළමුන් ද සිටින බව ඉරාන රජයේ රූපවාහිනී සේවය වාර්තා කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේ ය.

ඉරාන රාජ්‍ය මාධ්‍යයක් වන වන Nour News උපුටා දක්වමින් රොයිටර් පුවත් ඒජන්සිය වාර්තා කළේ, ටෙහෙරානයේ ඊසාන දෙසින් පිපිරීම් ඇසුණු බව ය.

පිපිරීම්වලට හේතුව ඒ මොහොතේ ම පැහැදිලි නොවූ බව එහි වැඩිදුරටත් සඳහන් විය.

 

12int israel iran wwk photo lhtf articleLarge

ඉරානයේ ප්‍රතිප්‍රහාරයක් අපේක්ෂා කරන බව පවසමින්, ඊශ්‍රායලය රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

ජෙරුසලමේ පදිංචිකරුවන් සයිරන් හඬින් අවදි වූ අතර පසුව දුරකතන හරහා අනතුරු ඇඟවීමක් නිකුත් විය.

"ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සහ අනෙකුත් හමුදා ඉලක්ක" ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල් නිලධාරියෙක් පැවසීය.

මේ අතර, ඊශ්‍රායල් ප්‍රහාරවලින් ටෙහෙරානයේ විප්ලවවාදී ආරක්ෂක මූලස්ථානයට හානි සිදුවී ඇති බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය වාර්තා තවදුරටත් වාර්තා කළේ ය.

එම ස්ථානයෙන් ගින්නක් සහ දුමාරයක් පිටවන බව ප්‍රාදේශීය මාධ්‍ය ද වාර්තා කර තිබේ.

ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂකයින් (The Islamic Revolutionary Guards) යනු ඉරාන සන්නද්ධ හමුදාවන්හි ශාඛාවක් වන අතර එරට බලවත් සංවිධානයකි.

41 2025 638854246089038710 903

ගුවන් ගමන් නිරීක්ෂණ වෙබ් අඩවියක් වන FlightRadar24හි නවතම දර්ශනවලින් පෙනී යන්නේ, ටෙල් අවීව් නගරය [ඊශ්‍රායලය] බලා යාමට නියමිතව තිබූ ගුවන් ගමන් හරවා යවා ඇති බව ය.

ඊශ්‍රායලයට ඉහළින් ඇති ගුවන් අවකාශය සම්පූර්ණයෙන් ම පාහේ හිස්ව දිස්විය.

උපුටා ගැනීම | BBC සිංහල සේවය

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...