BREAKING
වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට●
Top Ad
විදේශ

ඉරානය ඊශ්‍රායලට එල්ල කළ මිසයිල ප්‍රහාර වලින් ලාංකිකයෙකුට තුවාල

T

The Leader Desk

June 15, 2025 • 10:35 AM

ඉරානය ඊශ්‍රායලට එල්ල කළ මිසයිල ප්‍රහාර වලින් ලාංකිකයෙකුට තුවාල

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරානය මධ්‍යම ඊශ්‍රායලයට එල්ල කර ඇති බැලැස්ටික් මිසයිල ප්‍රහාර වලින් අතර, අවම වශයෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තවත් 99 දෙනෙකු තුවාල ලබා තිබේ.
  • ඊශ්‍රායලය ටෙහෙරානයට එල්ල කළ මිසයිල ප්‍රහාර වලින් පසු ඉරානය මෙම ප්‍රහාරය එල්ල කර ඇත.
  • ඉරාන රාජ්‍ය රූපවාහිනිය කියා සිටියේ ප්‍රධාන වශයෙන් ඊශ්‍රායලයේ ටෙල් අවිව් සහ හයිෆා නගර ඉලක්ක කර ගනිමින් මිසයිල 100ක් එල්ල කර ඇති බවයි.
  • මිසයිල ප්‍රහාරයෙන් බැට් යම් නගරයේ ගොඩනැගිල්ලකට සෘජුවම හානි සිදුවී ඇති ආකාරයත්, සුන්බුන් අතරින් තුවාල ලැබූවන් බේරා ගැනීමට සහන සේවා කණ්ඩායම් කටයුතු කරන ආකාරයත් වීඩියෝ දර්ශනවල දක්නට ලැබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රහාර වලින් ලාංකික කාන්තාවක ද සුළු තුවාල ලබා ඇතැයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර සඳහන් කළේය.

ඊශ්‍රායලය ටෙහෙරානයට එල්ල කළ මිසයිල ප්‍රහාර වලින් පසු ඉරානය මෙම ප්‍රහාරය එල්ල කර ඇත.

ඉරාන රාජ්‍ය රූපවාහිනිය කියා සිටියේ ප්‍රධාන වශයෙන් ඊශ්‍රායලයේ ටෙල් අවිව් සහ හයිෆා නගර ඉලක්ක කර ගනිමින් මිසයිල 100ක් එල්ල කර ඇති බවයි.

 

attackhr676
ඉරාන ප්‍රහාර වලින් මධ්‍යම ටෙල් අවිව් මෙට්‍රොපොලිටන් ප්‍රදේශයක් වන බැට් යම් නගරයේ ගොඩනැගිලිවලට හානි සිදුව තිබේ.

මිසයිල ප්‍රහාරයෙන් බැට් යම් නගරයේ ගොඩනැගිල්ලකට සෘජුවම හානි සිදුවී ඇති ආකාරයත්, සුන්බුන් අතරින් තුවාල ලැබූවන් බේරා ගැනීමට සහන සේවා කණ්ඩායම් කටයුතු කරන ආකාරයත් වීඩියෝ දර්ශනවල දක්නට ලැබුණි.

මියගිය සිව්දෙනා අතර වයස අවුරුදු 60 ගණන්වල කාන්තාවක්, 80 ගණන්වල කාන්තාවක්, අවුරුදු 10 ක් පමණ වන පිරිමි ළමයෙකු සහ දැරියක් ද වේ.



ට්‍රම්ප්ගෙන් ඉරානයට දැඩි ප්‍රතිචාරයක්

ඉරානය සහ ඊශ්‍රායලය අතර අතර ඇතිව තිබෙන යුද ගැටුමට අමෙරිකා එක්සත් ජනපදය සම්බන්ධ නොවන බව ආමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

Truth Social ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කරන ලද නව ප්‍රහාර සම්බන්ධයෙන් එක්සත් ජනපදය කිසිදු සම්බන්ධයක් නොපවතින බවය.

vw46uy5686957897
කෙසේ වෙතත් ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කරන සිය පළි ගැනීමේ ප්‍රහාර නැවැත්වීමට උදව් නොකරන ලෙස ඉරානය විසින් අමෙරිකාව, ප්‍රංශය සහ එක්සත් රාජධානියට අනතුරු අඟවා තිබුණි.

එමගින් ඉරානය පෙන්වා දී තිබුණේ යම් හෙයකින් එසේ වුවහොත් ඉරානය විසින් කලාපයේ පිහිටි එම රටවල් තුනට අදාළ හමුදා කඳවුරු සහ නැව් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවය.

මීට පිළිතුරු ලබා දෙමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ යම් ආකාරයකින් හෝ පහර දීමක් සිදුවුවහොත් එක්සත් ජනපද හමුදාවන්ගේ පූර්ණ ශක්තිය සහ බලය ඉරානයට දැක ගත හැකි වනු ඇති බවය.

"ඉරානය අපට කිසියම් ආකාරයකින්, ස්වරූපයෙන් හෝ ආකාරයකින් පහර දුන්නොත්, එක්සත් ජනපද සන්නද්ධ හමුදාවන්ගේ සම්පූර්ණ ශක්තිය සහ බලය පෙර කිසිදා නොදුටු මට්ටමකින් ඔබ මතට වැටෙනු ඇත," යනුවෙන් ට්‍රම්ප් සිය ගිණුමේ සටහන් කර තිබේ.

කෙසේ වෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ ඉරානය සහ ඊශ්‍රායලය අතර ගිවිසුමක් ඇති කර ගත හැකි බවත් එමගින් මෙම ලේ හැලීම් අවසන් කළ හැකි බවය.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...