BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ඉරාන - ඊශ්‍රායල ගැටුම් තවත් උග්‍ර අතට

T

The Leader Desk

June 16, 2025 • 4:59 PM

ඉරාන - ඊශ්‍රායල ගැටුම් තවත් උග්‍ර අතට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊශ්‍රායලය හා ඉරානය අතර පවතින යුධ ගැටුම් දිනෙන් දින උත්සන්න වෙමින් පවති.
  • පසුගිය සිකුරාදා සිට ඊශ්‍රායලයේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 24 කි.
  • තුවාල ලැබූ සංඛ්‍යාව 300 කට ආසන්නය.
  • මේ වන විට ඉරානයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් 220 කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊයේ (15) රාත්‍රියේ ඊශ්‍රායලයට එල්ල වූ ඉරාන ප්‍රහාරවලින් පුද්ගලයින් අට දෙනෙකු මියගොස් ඇති බවයි.

පසුගිය සිකුරාදා සිට ඊශ්‍රායලයේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 24 කි.

තුවාල ලැබූ සංඛ්‍යාව 300 කට ආසන්නය.

මේ වන විට ඉරානයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් 220 කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන් 70 දෙනෙකු කාන්තාවන් සහ දරුවන් බවයි.

ඉරානයට ඊයේ එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ බුද්ධි අංශ ප්‍රධානියා සහ තවත් ජනරාල්වරුන් දෙදෙනෙකු මිය ගියේය.

cghttt
මේ අතර, ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් විසින් එරට රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින්, සියලුදෙනා එක්ව මිය ගිය පුද්ගලයින් වෙනුවෙන් සටන සිදු කළ යුතු බව අවධාරණය කළේය.

යුක්තිය උදෙසා කැපවීම ජනතාවගේ අයිතිය බවත් ඔහු ප්‍රකාශ කළේ ය.

ඉරානය ආක්‍රමණිකයා නොවන බවත් ඊශ්‍රායලයේ ප්‍රහාරය වළක්වා ගැනීම පමණක් ඔවුන්ගේ වගකීම බවත් ඔහු පැවසිය.

xfgeryerfv
ඉරානය සහ ඊශ්‍රාලය අතර සටන් විරාමයක් සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කිරීමේ උත්සහය ව්‍යර්ථ වී තිබේ.

ඉරාන සඳහන් කළේ, ඊශ්‍රායලයට ප්‍රති ප්‍රහාර එල්ල කරන තුරු සටන්විරාම සාකච්ඡා සඳහා සහභාගී නොවන බවයි.

ඉන් අනතුරුව සාකච්ඡා සම්බන්ධයෙන් සළකා බැලිය හැකි බව, ඉරානය පවසයි.

මේ අතර ඉරානයට සහයෝගය පළ කරන බවට හමාස් සංවිධානය නිවේදනය කර  තිබේ.

හමාස් සංවිධානය සඳහන් කළේ, තමන් ඉරාන නායකත්වය සමග සහ ඉරාන ජනතාව සමග සමීපව කටයුතු කරමින් සිටින බවයි.

chtrtd
මේ අතර ඉරානයට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කළහොත්, පාකිස්ථානයද ඊශ්‍රායලය එරෙහි න්‍යෂ්ටි ප්‍රහාරයක් එල්ල කරනු ඇති බව ඉරානය පවසා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පාකිස්ථානය එය ප්‍රතික්ෂේප කර ඇති බවයි.

ඉන්දියාව ඉරානයේ සිසුන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

ඒ ඊශ්‍රායලය හා ඉරානය අතර පවතින නොසංසුන්කාරී තත්ත්වය හේතුවෙනි.

ඉන්දීය විදේශ අමාත්‍යාංශය පැවසුවේ ටෙහෙරානයේ ඉන්දීය තානාපති කාර්යාලය ආරක්ෂක තත්ත්වය අඛණ්ඩව නිරීක්ෂණය කරමින් සිටින බවයි.

ඉරානයේ සිටින ඉන්දියානු සිසුන්ගේ ආරක්ෂාව සහතික කිරීමට කටයුතු කරන බවත් එම අමාත්‍යාංශය පැවසුවේ ය.

cvhvrtyfbf
මේ අතර පාකිස්ථානය සහ ඉරානය සමග දේශසීමා වසා දමා තිබිණි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ අනුව පකිස්ථානය ඉරානය සමග ඇති ගුවන් සහ ගොඩබිම් මාර්ග වසා දමා ඇති බවයි.

ඊශ්‍රායලයේ බෙයිට් ෂියාන් ප්‍රදේශය සඳහා ඩ්‍රෝන් අනතුරු ඇඟවීමක් නිකුත් කෙරිණි.

ඒ ඊශ්‍රායල ගුවන් හමුදාව ඊශ්‍රායල ගුවන් සීමාවේ හඳුනාගත් සැක සහිත ගුවන් ඉලක්කයක් හේතුවෙනි.

ඊශ්‍රායලයේ ගෝලාන් කඳුකරයට ද නව ඩ්‍රෝන අනතුරු ඇඟවීමක් නිකුත් කෙරිණි.

මුළු රට පුරාම ඩ්‍රෝන යානා නිරීක්ෂණය කරමින් සිටින බව ඊශ්‍රායල ගුවන් හමුදාව ප්‍රකාශ කළේ ය.

cghdhrt
මේ අතර අද පස්වරුවේ බටහිර ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයක් එල්ල කළේ ය.

එම ප්‍රහාරයෙන් කර්මන්ෂා නගරයේ ෆරාබි රෝහලට හානි සිදුව ඇත.

ඉරානයේ ටෙහෙරාන් අගනුවරට ඉහළ අහසේ ඊශ්‍රායල ගුවන් යානාවලට බාධාවකින් තොරව ගමන් කරමින් ප්‍රහාර එල්ල කළ හැකි බව ඊශ්‍රායලය පවසයි.

ඒ දිගු දුර මිසයිල දියත් කිරීමට යොදාගන්නා ඉරාන මිසයිල දියත් කිරීමේ උපකරණ තුනෙන් එකක් පමණ විනාශ කිරීමෙන් අනතුරුවයි.

ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල වන ඊශ්‍රායල ප්‍රහාර සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය හදිසි රැස්වීමක් කැඳවා ඇත.

එහිදී ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට සිදුවූ බලපෑම් පිළබඳ සාකච්ඡා කිරීමට නියමිතයි.

මේ අතර සාකච්ඡා කිරීමට වැදගත්ම මාතෘකාව ඉරානය සහ ඊශ්‍රායලය අතර ගැටුම බව ලෝක නායකයින් පෙන්වා දෙයි

ඒ ඊයේ කැනඩාවේ කනනාස්කිස්හිදී ආරම්භ වු 51 වැනි ජී 7 සමුලුවේදීයි.  

| News 1st 


වැඩිදුරටත් තොරතුරු :

ඉරාන අහසේ 'ගුවන් මෙහෙයුම් පාලනය' සම්පූර්ණයෙන් තමන් සතු කර ගත් බව ඊශ්‍රායලය පවසයි

'කිසි ම තැනක ආරක්ෂාවක් නෑ': ඊශ්‍රායල් ප්‍රහාර හමුවේ ඉරාන වැසියන්ගේ ජීවිත වෙනස් වූ හැටි

හොසේන් සලාමි: ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය ඉරාන විප්ලවවාදී ආරක්ෂක ප්‍රධානියා කවුද?

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...