BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

පාකිස්තානය ඉරානය සමඟ දේශසීමාව වසා දමයි

T

The Leader Desk

June 17, 2025 • 5:02 PM

පාකිස්තානය ඉරානය සමඟ දේශසීමාව වසා දමයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරාන-ඊශ්‍රායල යුද ගැටුම් උත්සන්න වීමත් සමඟ අසල්වැසි ඉරානය සමඟ තිබෙන දේශසීමාව දින නියමයක් නොමැතිව වසා දැමීමට පාකිස්තානය තීරණය කර ඇත.
  • ඊට අමතරව පාකිස්තානයේ සිට ඉරානයේ සහ ඉරාකයේ ඇතැම් නගරවලට ගමන් ගන්නා ගුවන් ගමන් කිහිපයක්ම අත්හිටුවීමට ද පාකිස්තානය පියවර ගෙන තිබිණි.
  • මේ අනුව චාගි, වෂූක්, පන්ජ්ගූර්, කෙක් සහ ග්වදාර් යන දිස්ත්‍රික්කවල දේශසීමා පහසුකම් වසා දමා තිබේ.
  • කෙසේ නමුත් දේශසීමා ඔස්සේ කෙරෙන වෙළෙඳ කටයුතුවලට කිසිදු බාධාවක් න‌ොමැති බවත්, ඉරානයේ සිට පාකිස්තානයට පැමිණෙන, පාකිස්තාන ජාතිකයන්ට ද ඒ සඳහා අවසර ලබා දී ඇති බව පාකිස්තානයෙන් වාර්තා විය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉකුත් ඉරිදා සිට මෙම සීමා ක්‍රියාත්මක වන අතර පාකිස්තානය බලධාරීන් මේ බව නිල වශයෙන් නිවේදනය කළේ සඳුදා ය.

ඊට අමතරව පාකිස්තානයේ සිට ඉරානයේ සහ ඉරාකයේ ඇතැම් නගරවලට ගමන් ගන්නා ගුවන් ගමන් කිහිපයක්ම අත්හිටුවීමට ද පාකිස්තානය පියවර ගෙන තිබිණි.

ඉරානය සමඟ දේශසීමාවේ මායිම් වන්නේ පාකිස්තානයේ බලෝචිස්තාන් පළාතේ දිස්ත්‍රික්කය. දෙරට අතර හුවමාරු සිදුවන සියලු ගොඩබිම් ස්ථාන ඒ අනුව වසා දැමීමට පියවර ගෙන තිබේ.

xfgrtret

“දිස්ත්‍රික්ක පහේ සියලුම දේශසීමා වසා දමනවා” යැයි බලෝචිස්තාන් පළාතේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු උපුටා දක්වමින් ප්‍රංශ ප්‍රවෘත්ති සේවය වාර්තා කර තිබිණි.

මේ අනුව චාගි, වෂූක්, පන්ජ්ගූර්, කෙක් සහ ග්වදාර් යන දිස්ත්‍රික්කවල දේශසීමා පහසුකම් වසා දමා තිබේ.

කෙසේ නමුත් දේශසීමා ඔස්සේ කෙරෙන වෙළෙඳ කටයුතුවලට කිසිදු බාධාවක් න‌ොමැති බවත්, ඉරානයේ සිට පාකිස්තානයට පැමිණෙන, පාකිස්තාන ජාතිකයන්ට ද ඒ සඳහා අවසර ලබා දී ඇති බව පාකිස්තානයෙන් වාර්තා විය.

එසේ වුවත් ගුවන් ගමන් සහ ගොඩබිම් මාර්ග වසා දැමීමට පාකිස්තානය ගත් තීරණයත් සමඟ සැලකිය යුතු පිරිසක් දැඩි අපහසුතාවලට පත්ව ඇතැයි වාර්තා වේ.

දේශසීමා ආසන්නයේ ඇති පාකිස්තානයට අයත් ඇතැම් පළාත් දේශසීමා ඔස්සේ ඉරානයෙන් පැමිණෙන ආහාර මත යැපෙයි. ඇතැම් පිරිස් ඉරානයෙන් හොර රහසේ තෙල් රැගෙන එති.

මෙලෙස දේශසීමා වසා දැමීමත් සමඟ එවැනි පළාත්වලට ආහාර ලැබීම නැවතෙනු ඇතැයි ඒවායේ ජීවත්වන ජනතාව බිය පළ කරති.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...