BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ඉරානය මෙතෙක් භාවිත නොකළ නව මිසයිල ගුවන්ගත කරයි

T

The Leader Desk

June 19, 2025 • 10:28 AM

 ඉරානය මෙතෙක් භාවිත නොකළ නව මිසයිල ගුවන්ගත කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉදිරි සතිය ඉරානයට ඉතාමත් තීරණාත්මක වනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
  • ඉරානය, කොන්දේසි විරහිතව යටත් විය යුතු බවට පසුගියදා අවධාරණය කළ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ පැවසුවේ, තමන් ඊශ්‍රායලය, ඉරානය වෙත එල්ල කරන ප්‍රහාරවලට සම්බන්ධවීමේ ඉඩකඩක් පවතින බවය.
  •   අමෙරිකානු ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේ ඉරාන ජනතාව කිසිදු දිනෙක යටත් නොවන බවටත්, ඊශ්‍රායල ප්‍රහාරවලට අමෙරිකාව සම්බන්ධ වුවහොත් 'ආපසු හැරවිය නොහැකි හානියක්' විය හැකි බවටත් ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමෙයිනි කළ ප්‍රකාශයට සමගාමීවය.
  • එහිදී ඉරානය වෙත පහරදීමට අනුමැතිය පළවී ඇතැයි ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබූ නමුත්, අවසන් තීරණයක් ගෙන නොමැති බව බොහෝ මාධ්‍ය වාර්තා කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ, ඊශ්‍රායලය ඉරානය වෙත එල්ල කරමින් සිටි ප්‍රහාරවලට දායකවීමට අමෙරිකාව ද සූදානම් බවට වාර්තා වන පසුබිමකය.

පසුගිය සිකුරාදා ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ලකරමින් ආරම්භ කළ යුද ගැටුම මේ වනවිට වඩාත් පුළුල් යුද්ධයක් කරා දික්ගැස්සෙමින් පවතී.

ඉරානය, කොන්දේසි විරහිතව යටත් විය යුතු බවට පසුගියදා අවධාරණය කළ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ පැවසුවේ, තමන් ඊශ්‍රායලය, ඉරානය වෙත එල්ල කරන ප්‍රහාරවලට සම්බන්ධවීමේ ඉඩකඩක් පවතින බවය.

 

skynews ayatollah ali khamenei 6706243

අමෙරිකානු ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේ ඉරාන ජනතාව කිසිදු දිනෙක යටත් නොවන බවටත්, ඊශ්‍රායල ප්‍රහාරවලට අමෙරිකාව සම්බන්ධ වුවහොත් 'ආපසු හැරවිය නොහැකි හානියක්' විය හැකි බවටත් ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමෙයිනි කළ ප්‍රකාශයට සමගාමීවය.

මේ අතර මෙම තීරණාත්මක මොහොතේ දී අමෙරිකාව ඊශ්‍රායල ප්‍රහාරවලට එක්වනවාද යන්න තීරණය කිරීමේ ඉහළ පෙළේ හමුවක් අමෙරිකාවේ ධවල මන්දිරයේදී පවත්වා තිබුණි.

එහිදී ඉරානය වෙත පහරදීමට අනුමැතිය පළවී ඇතැයි ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබූ නමුත්, අවසන් තීරණයක් ගෙන නොමැති බව බොහෝ මාධ්‍ය වාර්තා කර ඇත.

මෙහිදී අමෙරිකාවේ වැඩි අවධානය යොමුවී ඇත්තේ, ඉරානය අතිශය රහසිගතව පවත්වාගෙන යන ෆෝර්දෝ යුරේනියම් බලගැන්වීමේ කම්හල වෙතය.

මේ අතර ගෙවුණු දිනය පුරාම ඉරානය සහ ඊශ්‍රායලය එකිනෙකා වෙත ප්‍රහාර එල්ල කරගනිමින් සිටී.

 

tehran e1750249549750

ඊශ්‍රායලය ඊයේ එල්ල කළ ප්‍රහාරවල ඉලක්ක වී තිබුණේ මිසයිල නිපදවන කම්හල් සහ ටෙහෙරාන් පොලිස් මූලස්ථානය ඇතුළු ඉලක්කගත ස්ථාන කිහිපයකි. ඊට සමගාමීව ඊශ්‍රායලය වෙත මිසයිල ප්‍රහාර මාලාවක් එල්ලකිරීමට ඉරානය ද කටයුතු කළ අතර, එහිදී මෙතෙක් යුද ගැටුම්වලට භාවිත කර නොතිබුණු නව බැලැස්ටික් මිසයිල ගුවන්ගත කළ ආකාරය දැක්වෙන වීඩියෝ විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

ඇරෝ ත්‍රී මිසයිල ආරක්ෂණ පද්ධතිය යොදාගෙන එම මිසයිලය ගුවනේදීම වැනසීමට ඊශ්‍රායලය සමත්වී තිබුණි.

 



අමෙරිකාව, ඉරාන - ඊශ්‍රායල ගැටුමට සම්බන්ධවීමේ ඉහළ අවස්ථාවක් පවතින පසුබිමක අමෙරිකානු ප්‍රහාරක යානා රැසක් එම කලාපයට යොමුකිරීමේ පුවත් ඊයේ වාර්තා වුණි.

දැනටමත් මැදපෙරදිග කලාපීය රටවල් පහක අමෙරිකානු හමුදා කඳවුරු පිහිටුවා ඇති අතර, ඒවායේ රඳවා සිටි අමෙරිකානු සෙබළු ගණන 40,000කි.

එමෙන්ම ඕමාන බොක්කේ සහ පර්සියානු බොක්කේ රඳවා ඇති යුද නෞකා කිහිපයක්ම දැනටමත්, ඉරාන මිසයිල බිම හෙලීමට ඊශ්‍රායලයට සහාය වෙමින් සිටී.

දකුණු චීන මුහුදේ රඳවා තිබූ USS නිම්ස් යුද නෞකාව ඇතුළු මිසයිල නාශක යාත්‍රා කිහිපයක්ම මැදපෙරදිග කලාපය වෙත යොමුකර ඇත්තේ එවන් පසුබිමකය.


2022 09 21T104728Z 1 LYNXMPEI8K0HK RTROPTP 4 UCRANIA CRISE PUTIN MOBILIZA 1 scaled
මේ අතර වටමේස සාකච්ඡාවකට එක්වූ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් යුද ගැටුම සම්බන්ධව අදහස් පළකර තිබුණි.

එහිදී ඉරාන ආධ්‍යාත්මික නායකයා ඝාතනය කිරීමට ඇති අවස්ථාව සම්බන්ධව පුටින්ගෙන් ප්‍රශ්න කර තිබුණි.

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ඊට පිළිතුරු දෙමින් පවසා තිබුණේ, "මං එවන් අවස්ථාවක් ගැන කතා කරන්නවත් කැමැති නැහැ. මට ඒ වගේ කතා ඇහෙනවා. ඒත් මට ඒ ගැන කතා කරන්නවත් කැමති නැහැ." යනුවෙනි.

| adaderana


ඊශ්‍රායලය - ඉරානය යුධ ගැටුමට අදාල තවත් විස්තර :

ඉරාන මිසයිල ප්‍රහාරවලින් ඊශ්‍රායල රෝහලකට හානි: 30කට අධික පිරිසකට තුවාල

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...