BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ඊශ්‍රායල - ඉරාන යුද ගැටුම් තවදුරටත් : එක්සත් ජනපද මැදිහත්වීම තීරණය කිරීම 'සති දෙකක් ඇතුළත'

T

The Leader Desk

June 20, 2025 • 6:07 AM

ඊශ්‍රායල - ඉරාන යුද ගැටුම් තවදුරටත් : එක්සත් ජනපද මැදිහත්වීම තීරණය කිරීම 'සති දෙකක් ඇතුළත'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊශ්‍රායල-ඉරාන ගැටුමට එක්සත් ජනපදය සම්බන්ධ වීමට ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කරයිද යන්න ගැන ලෝකය ම සමීපව බලා සිටියි.
  • ඇමරිකානු ජනාධිපතිවරයා ඉරානයට පහර දීමේ සැලසුම් අනුමත කළ නමුත් පහර දිය යුතුද යන්න පිළිබඳව අවසන් තීරණයක් ගෙන නොමැති බව බීබීසීයේ ඇමරිකානු සහකරු CBS පවසයි.
  • ඉරානය ප්‍රතිචාර දක්වා සිටියේ ඔවුන් "ධවල මන්දිරයේ ගේට්ටු ළඟ කෙඳිරි ගාන්නේ නැති" බවයි.
  • ඇමෙරිකාව ඊශ්‍රායල ප්‍රහාරවලට සම්බන්ධ වුවහොත් "ආපසු හැරවිය නොහැකි හානියක්" සිදුවන බවට ඉරානයේ උත්තරීතර නායකයා ට්‍රම්ප්ට අනතුරු ඇඟවා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


පැය කිහිපයකට පෙර ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් නිකුත් කරන ලද පණිවිඩයක සඳහන් කර තිබුණේ, "සති දෙකක් ඇතුළත" එක්සත් ජනපද මැදිහත්වීම පිළිබඳව ජනාධිපතිවරයා තීරණයක් ගනු ඇති බවයි.

ඇමෙරිකානු මැදිහත්වීම ගැන ට්‍රම්ප් සලකා බලමින් සිටියදී ඉරානය සහ ඊශ්‍රායලය තවදුරටත් එකිනෙකාට ප්‍රහාර එල්ල කරයි.

fb7d8a42 17ad 4deb a8a1 3b49191ae3ae.jpgධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට්

මීට ඉහතදී, ඉරානයට එල්ල කරන ඊශ්‍රායල ප්‍රහාරවලට ඇමෙරිකාව සම්බන්ධ වේද යන්න විමසූ විට ට්‍රම්ප් 'මම ඒක කරන්නත් පුළුවන්, නොකර ඉන්නත් පුළුවන්' යනුවෙන් පැවසීය.

ඇමරිකානු ජනාධිපතිවරයා ඉරානයට පහර දීමේ සැලසුම් අනුමත කළ නමුත් පහර දිය යුතුද යන්න පිළිබඳව අවසන් තීරණයක් ගෙන නොමැති බව බීබීසීයේ ඇමරිකානු සහකරු CBS පවසයි.

ඉරානය ප්‍රතිචාර දක්වා සිටියේ ඔවුන් "ධවල මන්දිරයේ ගේට්ටු ළඟ කෙඳිරි ගාන්නේ නැති" බවයි.

ඇමෙරිකාව ඊශ්‍රායල ප්‍රහාරවලට සම්බන්ධ වුවහොත් "ආපසු හැරවිය නොහැකි හානියක්" සිදුවන බවට ඉරානයේ උත්තරීතර නායකයා ට්‍රම්ප්ට අනතුරු ඇඟවා තිබේ.

දැවැන්ත ප්‍රතිවිපාක ඇතිවිය හැකි බවට එක්සත් ජාතීන්ගෙන් අනතුරු ඇඟවීම්

0cb16906213d4ea8a41eef5b524e09d4 1920ඇන්ටෝනියෝ ගුටියරේස්
ඊශ්‍රායලය සහ ඉරානය අතර ගැටුම් තවදුරටත් පැවතුනහොත් දැවැන්ත ප්‍රතිවිපාක ඇතිවිය හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි.

එහි මහලේකම් ඇන්ටෝනියෝ ගුටියරේස් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඊශ්‍රායල - ඉරාන ගැටුම් උත්සන්න වීම සම්බන්ධයෙන් දැඩි කනස්සල්ලට පත්ව සිටින බවයි.

ඒ , කඩිනමින් සටන් විරාමයක් අවශ්‍ය බව නැවතත් අවධාරණය කරමිනි.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණේ මෙම ගැටුම මැදපෙරදිග කලාපයට මෙන්ම ජාත්‍යන්තර සාමයට හා ආරක්ෂාවට තර්ජනයක් බවයි.

මේ අතර අද දින විශේෂ රැස්වීමක් කැදවීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ දැනට පවතින ගැටුම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.

ඉරානය, රුසියාව, චීනය, පාකිස්ථානය සහ ඇල්ජීරියාවේ ඉල්ලීම් අනුව මෙම හදිසි රැස්වීම කැදවා තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඊශ්‍රායල තානාපති ඩැනී ඩැනන් පැවසුවේ තම රටද ඒ සදහා සහභාගී වන බවයි.

ඉරානයෙන් ඊශ්‍රායලයට තවත් මිසයිල ප්‍රහාරයක්

AP25170259026622
ඊයේ රාත්‍රියේද ඉරානය විසින් ඊශ්‍රායලයට තවත් මිසයිල ප්‍රහාර එල්ල කළ බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා ක‍ළේ ය.

ඉරානය රාත්‍රියේ අඛණ්ඩව එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් දකුණු ඊශ්‍රායලයේ බීර්ෂිබාහි රෝහලකට හානි සිදුව තිබේ.

ඉරාන මිසයිල ප්‍රහාරයක් සොරෝකා රෝහලට එල්ල වීමෙන් පසු, ඉරානයේ උත්තරීතර නායකයාට "තවදුරටත් පැවතීමට ඉඩ දිය නොහැකි" බවට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා පවසන බව AFP සහ එරට මාධ්‍ය වාර්තා කරයි.

එම ප්‍රහාරයෙන් දකුණු ඊශ්‍රායලයේ බීර්ෂිබාහි රෝහලකට හානි සිදුව තිබේ.

මෙම ප්‍රහාරයෙන් සොරෝකා රෝහලට විශාල වශයෙන් හානි සිදුවී ඇති බව ප්‍රකාශකයෙකු පවසන අතර ඊශ්‍රායලයේ හදිසි සේවා පවසන්නේ පුද්ගලයින් 30කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.

 



ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ මිසයිල ප්‍රහාරය රෝහල අසල පිහිටි හමුදා ස්ථානයක් ඉලක්ක කර ගත් බවත් රෝහල ඉලක්ක කර නොගත් බවත්ය.

5500 1
ඉරාන ප්‍රහාර වලින් මේ දක්වා ඊශ්‍රායලයේ මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 24 කී.

ගත වූ පැය 24 තුළ ඉරානයේ ස්ථාන 40කට ප්‍රහාර එල්ල කල බව ඊශ්‍රායලය පවසයි.

ඊශ්‍රායල බුද්ධි අංශ වාර්තා කළේ, ප්‍රහාරක ජෙට් යානා 25ක් යොදා ගනිමින් ඉරාන මිසයිල ගබඩා සහ ඉරාන හමුදා ක්‍රියාකාරි ස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බවයි.

ඒ අනුව ගත වු දින 5ක් තුළ ඉරාන ඉලක්ක 1,100කට පහර දි තිබේ.

ඊශ්‍රායලය පැවසුවේ ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 240 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි.

මේ අතර ඉරානය තමන්ගෙන් උපකාර ඉල්ලා නොමැති බව රුසියානු ජනාධිපති ව්ලැඩිමියර් පුටින් පවසයි.

ජනධිපතිවරයා පැවසුවේ මෙම ගැටුම් සම්බන්ධ තීරණ එම රටවල දේශපාලන නායකත්වයට භාර දිය යුතු බවයි.


(මුලාශ්‍ර | News1st + BBC සිංහල)


ඉරාන - ඊශ්‍රායල යුධ ගැටුමට අදාල තවදුරටත් විස්තර :

ඉරාන නායකයා 'තවදුරටත් නොසිටිය යුතු' බවට ඊශ්‍රායල ආරක්ෂක ඇමතිගෙන් ප්‍රකාශයක්

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...