BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

රුසියාවෙන් අනතුරු ඇඟවීමක්

T

The Leader Desk

June 20, 2025 • 8:54 AM

රුසියාවෙන් අනතුරු ඇඟවීමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී ඉලක්ක කරගනිමින් ප්‍රහාරයක් එල්ල කිරීම තමන් ‘කුපිත’ කිරීමට හේතුවනු ඇතැයි රුසියාව ප්‍රකාශ කරයි.
  • එමෙන්ම ඊශ්‍රායලයට, ඉරාන උත්තරීතර නායකයා ඝාතනය කිරීමට අවස්ථාවක් තිබූ බවත් ඇමෙරිකා ජනාධිපතිවරයා ඒ අවස්ථාවේදී එම සැලැස්ම ප්‍රතික්ෂේප කළ බවත් විදෙස් මාධ්‍ය මීට දින කිහිපයකට පෙර වාර්තා කර තිබිණි.
  •     ට්‍රම්ප් පරිපාලනයේ මේ පිළිබඳ දැනුවත් නිලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය ඒ බව වාර්තා කර තිබිණි.
  •   ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කිරීම “කිසිසේත්ම පිළිගත නොහැකි” බවත් එවැනි ප්‍රහාරයක් එල්ල වුවහොත් රුසියාවෙන් ඊට දැඩි සහ ඍණාත්මක ප්‍රතිචාරයක් දක්වන බවත් ක්‍රෙම්ලීනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පැවැසීය.
අකුරු ප්‍රමාණය (Font Size):
 
ඉරානයේ උත්තරීතර නායකයා සිටින ස්ථානය දන්නා බවත් ඔහු ඝාතනය කිරීමට හැකි වුවත් දැනට එවැනි ක්‍රියාමාර්ගයක් නොගන්නා බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට දින කිහිපයකට පෙර පැවැසීය.

එමෙන්ම ඊශ්‍රායලයට, ඉරාන උත්තරීතර නායකයා ඝාතනය කිරීමට අවස්ථාවක් තිබූ බවත් ඇමෙරිකා ජනාධිපතිවරයා ඒ අවස්ථාවේදී එම සැලැස්ම ප්‍රතික්ෂේප කළ බවත් විදෙස් මාධ්‍ය මීට දින කිහිපයකට පෙර වාර්තා කර තිබිණි.
 
කොන්දේසි විරහිතව යටත්වන්නැයි' ට්‍රම්ප් ඉරානයට කියයි
 
ට්‍රම්ප් පරිපාලනයේ මේ පිළිබඳ දැනුවත් නිලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය ඒ බව වාර්තා කර තිබිණි. මේ අනුව මීට ප්‍රතිචාර දක්වමින් රුසියාව මෙම අනතුරු ඇඟවීම කර තිබේ.
 
ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කිරීම “කිසිසේත්ම පිළිගත නොහැකි” බවත් එවැනි ප්‍රහාරයක් එල්ල වුවහොත් රුසියාවෙන් ඊට දැඩි සහ ඍණාත්මක ප්‍රතිචාරයක් දක්වන බවත් ක්‍රෙම්ලීනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පැවැසීය.
 
 
රුසියානු රජයේ ප්‍රකාශකයන් විදෙස් මාධ්‍ය වෙත සම්මුඛ සාකච්ඡා ලබාදීම ඉතාම දුලබ වන අතර ‘ස්කයි නිව්ස්’ වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් පෙස්කොව් මෙම අනතුරු ඇඟවීම කළේය.
 
ඊශ්‍රායලය ජූනි 13 වැනි සිකුරාදා අලුයම් කාලයේ දී ඉරානයේ ඉලක්ක 100කට වැඩි ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කළේ ය. ඉරානය න්‍යෂ්ටික අවියක් අත්පත් කරගැනීම ඊශ්‍රායලයේ ආරක්ෂාවට තර්ජනයක් බවත් එම නිසා ඊට  පූර්ව පියවරක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කළ බවත් ඊශ්‍රායලය ප්‍රකාශ කළේ ය.
 
“ඉරාන-ඊශ්‍රායල තත්ත්වය අපි ඉතාම සැලකිල්ලෙන් බලා සිටිනවා” යැයි පෙස්කොව්, ස්කයි නිව්ස් පුවත් සේවයට පැවැසීය.

“අයතුල්ලා කමේනී ඝාතනය කිරීම හෝ ඝාතනය කිරීමට උත්සාහ කිරීම ජාත්‍යන්තර සම්මත ඉක්මවා යෑමක්. ඒ තුළින් පැන්ඩෝර් පෙට්ටිය ඇරියා වගේ වැඩක්” යැයි පෙස්කොව් කීය.
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...