BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ජනප්‍රිය නිලි අයේෂා ඛාන් අභාවප්‍රාප්ත වේ

T

The Leader Desk

June 21, 2025 • 4:45 AM

ජනප්‍රිය නිලි අයේෂා ඛාන් අභාවප්‍රාප්ත වේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පකිස්ථානයේ ජනප්‍රිය නිලි අයේෂා ඛාන් අභාප්‍රාප්ත වී ඇත.
  • ඇයගේ දේහය දින කිහිපයකට පසු ඇය පදිංචිව සිටි නිවස තුළ තිබී සොයා ගෙන ඇත.
  •  නිවස ආසන්නයෙහි දැඩි දුර්ගන්ධයක් පවතින බවට අසල්වැසියෙක් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පොලිසිය සිදු කළ විමර්ශනයේ දී අයේෂාගේ දේහය සොයා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
  •  වැඩිදුරටත් අදහස් දක්වමින් පොලිසිය සඳහන් කර ඇත්තේ, අයෂා ඛාන්ගේ මරණය සිදුව ඇත්තේ දින කිහිපයකට පෙර අතර මරණයේ නිවැරදි වේලාව සහ හේතුව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව පමණක් තහවුරු කළ හැකි බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


මිය යන විට ඇය 76 හැවිරිදි වියේ පසු වූ බව වාර්තා වේ.

ඇයගේ දේහය දින කිහිපයකට පසු ඇය පදිංචිව සිටි නිවස තුළ තිබී සොයා ගෙන ඇත.  නිවස ආසන්නයෙහි දැඩි දුර්ගන්ධයක් පවතින බවට අසල්වැසියෙක් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පොලිසිය සිදු කළ විමර්ශනයේ දී අයේෂාගේ දේහය සොයා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

 වැඩිදුරටත් අදහස් දක්වමින් පොලිසිය සඳහන් කර ඇත්තේ, අයෂා ඛාන්ගේ මරණය සිදුව ඇත්තේ දින කිහිපයකට පෙර අතර මරණයේ නිවැරදි වේලාව සහ හේතුව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව පමණක් තහවුරු කළ හැකි බවයි.

1948 නොවැම්බර් 22 දින උපත ලැබූ අයෂා ඛාන්, පාකිස්තානු රූපවාහිනියේ වාසනාවන්ත යුගයකදී කලාංගනයට පිවිසෙමින් දැඩි ජනප්‍රියත්වයට පත්විය.

ඇය රඟපෑ නාට්‍ය අතර Akhri Chattan', 'Tipu Sultan: The Tiger Lord', 'Dehleez', 'Daraarein', 'Bol Meri Machli', සහ 'Ek Aur Aasman'. වැනි නාට්‍ය වඩාත් ජනප්‍රිය වී තිබේ.

එමෙන්ම ඇය "මස්කාන්", "ෆාතිමා" යන චිත්‍රපටවලද රංගනයෙන් දැක්වූ අතර ඉන්දියාවේ ජනප්‍රිය "රාජු බන් ගයා ජෙන්ට්ල්මන්" චිත්‍රපටයටද දායක වී ඇති බව  විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

| hirunews

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...