BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ඇමරිකාව, ඉරානයට බෝම්බ හෙලයි

T

The Leader Desk

June 22, 2025 • 2:23 AM

 ඇමරිකාව, ඉරානයට බෝම්බ හෙලයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරානයේ ෆෝඩෝ සහ අනෙකුත් න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට බෝම්බ හෙලූ බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.
  • "ෆෝර්ඩෝ, නටාන්ස් සහ ඉස්ෆහාන් ඇතුළු ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනට එල්ල කළ අපගේ ඉතා සාර්ථක ප්‍රහාරය අපි අවසන් කර තිබෙනවා.
  • ෆෝඩෝ වෙත රැගෙන ගිය "සම්පූර්ණ බෝම්බ ප්‍රමාණය" හෙළන ලද බවත්, සියලුම ගුවන් යානා එක්සත් ජනපදයට ආපසු ළඟා වෙමින් ඇති බවත් ට්‍රම්ප් සඳහන් කරයි..
  • සියලුම ගුවන් යානා ආරක්ෂිතව නිවෙස් බලා යමින් තිබෙන බවත් දැන් සාමයට කාලය වන බවත් පවසන ඇමරිකානු ජනාධිපතිවරයා, "මෙම යුද්ධය අවසන් කරන්න ඉරානය දැන් එකඟ විය යුතුයි" යනුවෙන් තවදුරටත් අවධාරණය කර සිටියි.
අකුරු ප්‍රමාණය (Font Size):


ප්‍රහාරයෙන් පසු Truth Social හී සටහනක් තබමින් ට්‍රම්ප් පවසා ඇත්තේ මෙම ප්‍රහාර "ඉතා සාර්ථක" බවයි.

"ෆෝර්ඩෝ, නටාන්ස් සහ ඉස්ෆහාන් ඇතුළු ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනට එල්ල කළ අපගේ ඉතා සාර්ථක ප්‍රහාරය අපි අවසන් කර තිබෙනවා. දැන් සියලුම ගුවන් යානා ඉරාන ගුවන් සීමාවෙන් පිටත තියෙන්නේ," ඔහු Truth Social සමාජ මාධ්‍යයේ සටන් කරමින් අනාවරණය කර සිටියේය.

ෆෝඩෝ වෙත රැගෙන ගිය "සම්පූර්ණ බෝම්බ ප්‍රමාණය" හෙළන ලද බවත්, සියලුම ගුවන් යානා එක්සත් ජනපදයට ආපසු ළඟා වෙමින් ඇති බවත් ට්‍රම්ප් සඳහන් කරයි..


3f3cc640cf3f4960c4b2cca41a32f7af
"මෙය ඇමෙරිකා එක්සත් ජනපදයට, ඊශ්‍රායලයට සහ ලෝකයට ඓතිහාසික මොහොතක්," ට්‍රම්ප් කියා සිටියි.

සියලුම ගුවන් යානා ආරක්ෂිතව නිවෙස් බලා යමින් තිබෙන බවත් දැන් සාමයට කාලය වන බවත් පවසන ඇමරිකානු ජනාධිපතිවරයා, "මෙම යුද්ධය අවසන් කරන්න ඉරානය දැන් එකඟ විය යුතුයි" යනුවෙන් තවදුරටත් අවධාරණය කර සිටියි.

මේ අතර ඉරානයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු ට්‍රම්ප් අද ජාතිය ඇමතීමට නියමිත බවද විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව තිබේ.


රොයිටර් පුවත් සේවයට අනුව ඉරානයට එල්ල කළ අමෙරිකානු ප්‍රහාරවලට B-2 බෝම්බ හෙලන යානා සම්බන්ධ වූ බවද වාර්තා වේ.

අමෙරිකානු B-2 රහසිගත බෝම්බ හෙලන යානා අමෙරිකානු දූපතක් වන ගුවාම් වෙත ගෙන ගොස් ඇති බවට ඊයේ (21) වාර්තා වූ අතර ඉරානයට එරෙහි එක්සත් ජනපද ප්‍රහාරයකට එය සම්බන්ධ විය හැකි බවටද අනුමාන මතු විය.

B-2 බෝම්බ ප්‍රහාරක යානා යනු අමෙරිකාවේ බංකර් බ්ලාස්ටර් බෝම්බ රැගෙන යා හැකි එකම ගුවන් යානා වන අතර ඉරාන ප්‍රහාරයට අමෙරිකාව භාවිත කර ඇත්තේද මෙම ගුවන් යානා බවද වාර්තා වේ.

 1x 1

න්‍යෂ්ටික අවියක් නිෂ්පාදනය කිරීමට ඉරානය ගන්නා වූ උත්සාය ව්‍යාර්ථ කිරීමේ අරමුණින් ඊශ්‍රායලය පසුගියදා ඉරානය වෙත ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කරන ලදි.

කෙසේ වෙතත් එල්ල වන චෝදනා හමුවේ ඉරානය පවසා ඇත්තේ න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කිරීමට ඉරානය සූදානම් නොමැති බවත් සිය න්‍යෂ්ටික වැඩසටහන සාමකාමී අරමුණු සඳහා පමණක් වන බවය.

එමෙන්ම මින් පෙර ඉරානය අනතුරු අඟවා තිබුණේ ඉරානයට පහර දීමට අමෙරිකාව සූදානම් වුවහොත් මැදපෙරදිග පිහිටි අමෙරිකානු කඳවුරුවලට ඉරානය විසින් පහර දෙන බවය.

කෙසේවුවද මේවනවිට ඊශ්‍රායලය සහ ඉරානය අතර ප්‍රහාර එල්ල කිරීම් අඛණ්ඩව සිදුවෙමින් පවතින අතර, ඊශ්‍රායල හමුදාව පවසන්නේ ටෙහෙරානයේ මිසයිල නිෂ්පාදන ස්ථාන ඇතුළු ඉලක්ක විශාල ගණනකට ප්‍රහාර එල්ල කළ බවයි.

ඉරානය නිල වශයෙන් ජීවිත හානි පිළිබඳ සංඛ්‍යාලේඛන නිකුත් කර නැති අතර මාධ්‍යවේදීන්ට රට තුළ සිට වාර්තා කිරීම සීමා කර ඇති බැවින් ඊශ්‍රායල ප්‍රහාරවලින් සිදු වූ හානිය තක්සේරු කිරීම දුෂ්කර වී ඇතැයි බීබීසී ය පවසයි.



මෙම පුවතට අදාල තවත් විස්තර

Trump announces that US completed ‘successful’ attack on three Iran nuclear sites

ඉරානයේ ෆෝර්ඩෝ සහ අනෙකුත් න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එක්සත් ජනපදය බෝම්බ හෙලන ලද බව ට්‍රම්ප් කියයි

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඇමරිකාව, ඉරානයට බෝම්බ හෙලයි | The Leader