BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා නොදැමීමට ඉරානයට බලපෑම් කරන ලෙස ඇමරිකාව චීනයෙන් ඉල්ලයි

T

The Leader Desk

June 23, 2025 • 11:36 AM

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා නොදැමීමට ඉරානයට බලපෑම් කරන ලෙස ඇමරිකාව චීනයෙන් ඉල්ලයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගෝලීය තෙල් මිල ඉහළ යමින් පවතින අතර හෝමූස් සමුද්‍ර සන්ධිය වසා නොදැමීමට ඉරානයට බලපෑම් කරන ලෙස එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ චීනයෙන් ඊයේ (22) ඉල්ලීමක්ද කර ඇත.
  • හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමෙන් රටවල් රැසකට හානි වනු ඇති බවත් එය ආර්ථික සියදිවි නසා ගැනීමක් වනු ඇති බවත් රූබියෝ පවසයි.
  •   ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ඇමෙරිකානු හමුදාව පෙරේදා (21) එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු ලෙස මැද පෙරදිග රටවල් බොරතෙල් අපනයනය සඳහා භාවිත කරන හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුව ඊයේ (22) ඡන්දය භාවිත කළ බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය.
  • හොමුස් සමුද්‍ර සන්ධිය හරහා දිනකට බොරතෙල් බැරල් මිලියන 20 ක් ප්‍රවාහනය වන අතර එය ලෝක බොරතෙල් පරිභෝජනයෙන් සියයට 20 කි.
අකුරු ප්‍රමාණය (Font Size):


චීනයද යැපෙන්නේ හොමුස් සමුද්‍ර සන්ධිය හරහා පැමිණෙන බොරතෙල් මත බැවින් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා නොදැමීමට චීනය ඉරානය දිරිමත් කළ යුතු යැයි රූබියෝ එහිදී ප්‍රකාශ කර තිබේ.

හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමෙන් රටවල් රැසකට හානි වනු ඇති බවත් එය ආර්ථික සියදිවි නසා ගැනීමක් වනු ඇති බවත් රූබියෝ පවසයි.

 

ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ඇමෙරිකානු හමුදාව පෙරේදා (21) එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු ලෙස මැද පෙරදිග රටවල් බොරතෙල් අපනයනය සඳහා භාවිත කරන හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුව ඊයේ (22) ඡන්දය භාවිත කළ බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය.

Straße von Hormuz

 

පර්සියානු බොක්ක, ඕමාන් බොක්ක සහ අරාබි මුහුද සමඟ සම්බන්ධ කරන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය වන අතර එය ලෝකයේ වැදගත්ම බොරතෙල් වෙළඳ නැව් මාර්ගවලින් එකකි.

හොමුස් සමුද්‍ර සන්ධිය හරහා දිනකට බොරතෙල් බැරල් මිලියන 20 ක් ප්‍රවාහනය වන අතර එය ලෝක බොරතෙල් පරිභෝජනයෙන් සියයට 20 කි.

එසේම ද්‍රව වායුද අපනයනය වන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහාය.

 

hormuz iweurtw0984
හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමත් සමග සෞදි අරාබිය, ඉරාකය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කුවේට් ඇතුළු ප්‍රධාන ගල්ෆ් නිෂ්පාදකයින්ගෙන් තෙල් අපනයනය අඩාල වනු ඇත.

තෙල් අපනයනය කිරීම සඳහා විකල්ප නළ මාර්ග තිබුණත් එම මාර්ගවලට හැසිරවිය හැක්කේ දිනකට බොරතෙල් බැරල් මිලියන 2.6 ක් පමණක් බවද ඉරාන මාධ්‍ය වාර්තා කළේය.

ඇමෙරිකාව න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව ඊයේ (22) උදෑසන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ නාවික හමුදාපති බ්‍රිගේඩියර් ජෙනරාල් අලිරේසා ටැංසිරි, පැය කීපයක් තුළ හොමුස් සමුද්‍ර සන්ධිය වසා දමන බවට අනතුරු ඇඟවීමක් නිකුත් කළ අතර ඒ සමග ලෝක බොරතෙල් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 90 සීමාව දක්වා ඉහළ ගියේය.

iranhe565

 

හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමත් සමග බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 120 ත් 150 ත් අතර මිලක් දක්වා ඉහළ යනු ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දී ඇත.

හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුව අවසරය ලබා දුන්නත් අවසන් තීරණය ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලය මත වන අතර එම කවුන්සිලයද පාර්ලිමේන්තුවේ තීරණය අනුමත කළ හොත් ඉන්දියාව ඇතුළු රටවල් රැසක ඉන්ධන මිලට එය බලපෑමක් එල්ල කරනු ඇත.

( මුලාශ්‍රය : lankadeepa)

ඉරාන - ඊශ්‍රායල් යුධ ගැටුමට අදාල සජීවී වාර්තාකරණය


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...