BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මරුට

T

The Leader Desk

June 24, 2025 • 10:48 AM

ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මරුට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරානයේ විදුලිබල උත්පාදන ඒජන්සිය වන තවනිර් හි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් මිය ගොස් තිබේ.
  • මේ අතර යුද්ධය අවසන් කර ඊශ්‍රායලය නැවත ගොඩනැගීම ආරම්භ කළ යුතු බව ඊශ්‍රායලයේ විපක්ෂ නායක යාහිර් ලැපිඩ් පවසයි.
  • එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ප්‍රාණ ඇපකරුවන් ආපසු ලබා දීමට කටයුතු කරන ලෙසය.
  • මෝටර් රථයක් ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව විදසේ මාධ්‍ය වාර්තා කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):


තවනිර් හි ජ්‍යෙෂ්ඨ කළමණාකාරිනියක වන ආචාර්ය නෙඩා රෆීයි පර්සා "රාජකාරියේ යෙදී සිටියදී" එසෙල මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

විදුලිබල ඒජන්සියේ දත්ත සහ සංඛ්‍යාලේඛන අධීක්ෂණය කිරීමේ වගකීම දැරූ පර්සාගේ මරණය පිළිබඳ වැඩිදුර තොරතුරු මේ වන තෙක් ඉරාන මාධ්‍ය වාර්තා කර නොමැත.

මේ අතර යුද්ධය අවසන් කර ඊශ්‍රායලය නැවත ගොඩනැගීම ආරම්භ කළ යුතු බව ඊශ්‍රායලයේ විපක්ෂ නායක යාහිර් ලැපිඩ් පවසයි.

ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් පුවත්පත සමග සිදුකළ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මෙම අදහස්  පළ කර තිබේ.

එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ප්‍රාණ ඇපකරුවන් ආපසු ලබා දීමට කටයුතු කරන ලෙසය.

මේ අතර ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් දකුණු ලෙබනනයේ තිදෙනෙකු මියගොස් තිබේ.

මෝටර් රථයක් ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව විදසේ මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ රාත්‍රියේ සිට මේ දක්වා (පැය 6කට පෙර ) සිදුවූයේ මොනවා ද?


* තම න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත ඇමෙරිකාව එල්ල කළ ප්‍රහාරවලින් දින දෙකකට පසු ඉරානය ඊයේ (ජූනි 23) රාත්‍රියේ කටාර්හි පිහිටි එක්සත් ජනපදය විසින් පවත්වාගෙන යනු ලබන අල් උඩෙයිඩ් කඳවුරට මිසයිල ප්‍රහාර එල්ල කළා.

* නමුත් මෙම ප්‍රහාරයෙන් කිසිදු හානියක් සිදුව නොමැති බව ට්‍රම්ප් පැවසුවේ, ඉරානයේ ප්‍රතිචාරය "ඉතා දුර්වල" බවත් ඒ පිළිබඳව "කලින් දැනුම් දීම" සම්බන්ධයෙන් තමන් ඉරානයට ස්තූති වන බවත් සඳහන් කරමින්.


*කටාර්හි අගනුවර වන දෝහා ආසන්නව පිහිටා ඇති අල් උඩෙයිඩ්, මැද පෙරදිග කලාපයේ එක්සත් ජනපද මධ්‍යම විධානයේ ගුවන් මෙහෙයුම් මූලස්ථානය ලෙස පවත්වාගෙන යන අතර එක්සත් ජනපද හමුදා භටයින් 8,000කට ආසන්න සංඛ්‍යාවක් එහි සේවය කරනවා.

*මේ අතර, අල්-උඩෙයිඩ් ගුවන් කඳවුරට එල්ල වූ ප්‍රහාරය "දැඩි ලෙස හෙළා දකින" බව කටාර් රජය පැවසුවා.

*අද (ජූනි 24) අලුයම 4:00 දක්වා ටෙහෙරානයට දැඩි ප්‍රහාර එල්ල වුණා.

*ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය සහ ඊශ්‍රායලය අතර සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළ නමුත්, ඒ වන විට දෙපාර්ශවය ම එය ප්‍රසිද්ධියේ තහවුරු කර තිබුණේ නැහැ.

*නමුත් ඉරානය කොන්දේසි සහිත ගිවිසුමක් වැනි යමක් සම්බන්ධයෙන් ඉඟියක් ලබා දුන්නා. නමුත් ඊශ්‍රායලය මේ දක්වා ප්‍රතිචාර දක්වා නැහැ.

*ඊශ්‍රායල ආරක්ෂක බළකාය සඳහන් කළේ, ඉරානයෙන් එල්ල වන මිසයිල ප්‍රහාර මධ්‍යයේ සයිරන් නාද වන බවයි.

සටන් විරාමය ගිවිසුම උල්ලංඝණය කරමින් ඉරානය පහර දුන්නැයි ඊශ්‍රායලය කියයි

සටන් විරාමය ආරම්භ වීමෙන් පසු ඉරානය විසින් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර එල්ල කර ඇතැයි CNN පුවත් සේවය පවසයි.

541cedba 8ae1 4301 bb38 5886495402aa.jpg

ඊශ්‍රායලයේ ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, සටන් විරාම ගිවිසුම ‘සම්පූර්ණයෙන් ම උල්ලංඝණය කිරීම’ හේතුවෙන් ඊශ්‍රායලය ඉරානයට පහර දීම අඛණ්ඩව සිදු කරන බව ය.

මෙම ප්‍රහාරයට එරෙහිව ප්‍රබල ප්‍රචාරයක් දක්වන ලෙස තමන් ඊශ්‍රායල හමුදාවට උපදෙස් ලබා දුන් බව ද ඔහු සඳහන් කර ඇත.

ඊයේ (ජූනි 23) ඉරානය කටාර්හි පිහිටි ඇමෙරිකානු කඳවුරක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කළේ ය.

ඉන් පැය කිහිපයකට පසු, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන-ඊශ්‍රායල අතර ‘පූර්ණ’ සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළ අතර පැය 24කට කාලයකින් පසු යුද්ධය නිල වශයෙන් අවසන් කිරීමට ද යෝජනා කළේ ය.


(මුලාශ්‍ර | adaderana + බීබීසී සිංහල + mawbima)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මරුට | The Leader