BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ඊශ්‍රායලය සහ ඉරානය අතර සටන් විරාමයේ ඇති බොහෝ අසාමාන්‍ය තැන් මොනවා ද?, - විශ්ලේෂණයකි

T

The Leader Desk

June 25, 2025 • 4:06 AM

ඊශ්‍රායලය සහ ඉරානය අතර සටන් විරාමයේ ඇති බොහෝ අසාමාන්‍ය තැන් මොනවා ද?, - විශ්ලේෂණයකි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බොහෝ යුද්ධවලදී, සාකච්ඡා මාර්ගයෙන් සටන් විරාමවලට එළඹෙන අතර, සමාජ මාධ්‍යවලින් සටන් විරාම ප්‍රකාශයට පත් කෙරෙන්නේ නැහැ.
  • එවැනි තත්ත්වයන් යටතේ නීත්‍යනුකූල පළිගැනීමක් ලෙස සලකනු ලබන්නේ කුමක් ද?
  • උදාහරණයක් ලෙස, යේමනයේ හූති වැනි ඉරානයට සමීපව මිත්‍ර කණ්ඩායමක් ඊශ්‍රායලයට පහර දුන්නොත් කුමක් කළ යුතු ද?
  • මෙම විරාමයේ කොන්දේසි යනු දෙපාර්ශවය ම ඔවුන්ගේ මිසයිල ප්‍රහාර නැවැත්වීමට වඩා වැඩි යමක් නොවන බව පෙනේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ නිසා, ඊශ්‍රායලය සහ ඉරානය අතර සටන් විරාමය අසාමාන්‍ය දෙයක් වන අතර එය බොහෝ දුරට එක්සත් ජනපදය විසින් පනවන ලද්දක්.

ඒ කියන්නේ අපැහැදිලි දේවල් ගොඩක් තියෙනවා. මේ සටන් විරාමය උල්ලංඝණය කිරීමක් කියන්නේ මොකක් ද?

ඊට දඬුවම කුමක් ද? එවැනි තත්ත්වයන් යටතේ නීත්‍යනුකූල පළිගැනීමක් ලෙස සලකනු ලබන්නේ කුමක් ද?

උදාහරණයක් ලෙස, යේමනයේ හූති වැනි ඉරානයට සමීපව මිත්‍ර කණ්ඩායමක් ඊශ්‍රායලයට පහර දුන්නොත් කුමක් කළ යුතු ද? ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය නීත්‍යනුකූලව ඉරානයට පහර දෙයි ද? පහර දෙන්න පුළුවන් ද?

මෙම විරාමයේ කොන්දේසි යනු දෙපාර්ශවය ම ඔවුන්ගේ මිසයිල ප්‍රහාර නැවැත්වීමට වඩා වැඩි යමක් නොවන බව පෙනේ. ඉරානය තම න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කරනු ඇතැයි අපේක්ෂා කෙරේ ද?

ඊට සහනයක් ලෙස ආර්ථික සම්බාධක ලිහිල් කිරීමක් ලබා ගත හැකි ද? තවමත් පිළිතුරු නොමැති ප්‍රශ්න ගණනාවක් ඇත.




ඉරාන න්‍යෂ්ටික වැඩසටහන ප්‍රහාරවලින් විනාශ නොවූ බවට බුද්ධි අංශ කළ තක්සේරුව ධවල මන්දිරය ප්‍රතික්ෂේප කරයි

ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල වූ ඇමෙරිකානු ප්‍රහාරවලින් ඉරාන න්‍යෂ්ටික වැඩසටහන විනාශ වී නොමැති බව බුද්ධි අංශ වාර්තාවකින් හෙළි වෙයි.

නමුත් ධවල මන්දිරය එය ප්‍රතික්ෂේප කරයි.

පෙන්ටගනයේ ආරක්ෂක බුද්ධි ඒජන්සියේ මූලික හානි තක්සේරුව පිළිබඳ තොරතුරු බීබීසීයේ ඇමෙරිකානු හවුල්කරු සීබීඑස් සහ අනෙකුත් මාධ්‍ය වෙත හෙළි වීමෙන් පසු මේ බව අනාවරණය විය.

APTOPIX Trump 09008 scaled

නමුත් ධවල මන්දිරය පවසන්නේ, මෙම තක්සේරුව "සම්පූර්ණයෙන් ම වැරදි" බවත් එය ජනාධිපති ට්‍රම්ප් පහත් කොට සැලකීමේ "පැහැදිලි උත්සහයක්" බවත්ය.

එමෙන් ම, බුද්ධි අංශ ඇගයීමකින් ඒවායේ සාර්ථකත්වය පිළිබඳව සැක පහළ වුව ද, ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඇමෙරිකානු හමුදා ප්‍රහාර මගින් "සම්පූර්ණයෙන් ම විනාශ වූ" බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවතත් අවධාරණය කර තිබෙනවා.

කෙසේවුවද ට්‍රම්ප්ගේ දැඩි වාග් ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලය හා ඉරානය අතර සටන් විරාමයක් පවතින බව පෙනී යයි.

Screenshot 2025 06 25 092440


| ජේම්ස් ලැන්ඩේල්
BBC රාජ්‍ය තාන්ත්‍රික වාර්තාකරු
උපුටා ගැනීම් | බීබීසී සිංහල සේවය

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...