BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ඇමෙරිකා-ඉරාන න්‍යෂ්ටික සාකච්ඡා ලබන සතියේ

T

The Leader Desk

June 26, 2025 • 4:14 AM

ඇමෙරිකා-ඉරාන න්‍යෂ්ටික සාකච්ඡා ලබන සතියේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ලබන සතියේ දී ඉරානය සමඟ සාකච්ඡා කරන බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බදාදා පැවැසීය.
  • ඇමෙරිකා එක්සත් ජනපදය, ඉරානයේ න්‍යෂ්ටික වැඩබිම් තුනකට එල්ල කරන ලද ප්‍රහාරවලින් ඉරානයට දරුණු බලපෑමක් සිදුව ඇති බවත්, ඉරානය නැවත එවැනි ක්‍රියාකාරකම්වල නිරත නොවනු ඇති බවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා කීය.
  • ‍කෙසේ නමුත් ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර න්‍යෂ්ටික කාරණා සම්බන්ධයෙන් පසුගිය අප්‍රේල් මාසයේ දී, ඕමානයේ දී සාකච්ඡා ආරම්භ වූ අතර ඉරාන-ඊශ්‍රායල ගැටුම හේතුවෙන් ඒවා අතරමැද නැවැතුණි.
අකුරු ප්‍රමාණය (Font Size):


නෙදර්ලන්තයේ හේග් නුවර පැවැති නේටෝ සමුළුවෙන් පසුව ඔහු මේ බව කීවේ ය.

ඇමෙරිකා එක්සත් ජනපදය, ඉරානයේ න්‍යෂ්ටික වැඩබිම් තුනකට එල්ල කරන ලද ප්‍රහාරවලින් ඉරානයට දරුණු බලපෑමක් සිදුව ඇති බවත්, ඉරානය නැවත එවැනි ක්‍රියාකාරකම්වල නිරත නොවනු ඇති බවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා කීය.


ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ සමයේ දී ඉරානය, න්‍යෂ්ටික ගිවිසුමකට අත්සන් තැබූ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පළමු ධුර කාලයේ දී (2018) ඇමෙරිකාව අදාළ ගිවිසුමෙන් ඉවත් කරගත්තේ ය.


‍කෙසේ නමුත් ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර න්‍යෂ්ටික කාරණා සම්බන්ධයෙන් පසුගිය අප්‍රේල් මාසයේ දී, ඕමානයේ දී සාකච්ඡා ආරම්භ වූ අතර ඉරාන-ඊශ්‍රායල ගැටුම හේතුවෙන් ඒවා අතරමැද නැවැතුණි.

iran

ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රහාරවලින්, ඉරාන‍ න්‍යෂ්ටික වැඩබිම්වලට එතරම් හානියක් සිදු වී නැති බවත්, සිදුව ඇත්තේ මාස කිහිපයක පසුබෑමක් පමණක් බවත් ඇමෙරිකානු බුද්ධි අංශ උපුටා දක්වමින් ඇමෙරිකානු ප්‍රවෘත්ති පසුගිය දෙදින වාර්තා කර තිබිණි.

කෙසේ නමුත් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයා ඊට වෙනස් අදහසක් දැරූ අතර ඇමෙරිකානු ප්‍රහාරවලින් ඉරානයේ න්‍යෂ්ටික වැඩබිම් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික බුද්ධි අධ්‍යක්ෂ තුල්සි ගැබාඩ් පවසා ඇත.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඇමෙරිකා-ඉරාන න්‍යෂ්ටික සාකච්ඡා ලබන සතියේ | The Leader