BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ට්‍රම්ප් කැනඩාව සමග වෙළෙඳ සාකච්ඡා වහාම අත්හිටුවයි

T

The Leader Desk

June 28, 2025 • 4:23 AM

ට්‍රම්ප් කැනඩාව සමග වෙළෙඳ සාකච්ඡා වහාම අත්හිටුවයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කැනඩාව සමග ඇති වෙළෙඳ සාකච්ඡා වහාම අත්හිටුවන බවත් ඉදිරි සතිය තුළ කැනේඩියානු භාණ්ඩ සඳහා නව තීරුබදු අනුපාතයක් නියම කරන බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
  • අමෙරිකානු ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ ඇමසන් ඇතුළු අමෙරිකානු සමාගම් සඳහා කලින් පනවන ලද ඩිජිටල් සේවා බද්දක් කැනඩාව විසින් එළැඹෙන සඳුදා දින සිට නැවත ආරම්භ කිරීමට සැලසුම් කිරීමට පෙරය.
  • සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ කැනඩාව විසින් අමෙරිකානු තාක්ෂණ සමාගම් සඳහා ඩිජිටල් සේවා බද්ධක් පනවන බවට නිවේදනය කර ඇති බවත් එය අමෙරිකාවට සෘජු හා පැහැදිළි ප්‍රහාරයක් වන බවය.
  • එමෙන්ම වසර ගණනාවක් පුරාවට කිරි නිෂ්පාදන සඳහා ගොවීන්ගෙන් 400%ක තීරුබදු කැනඩාව විසින් අයකරගෙන ඇති බවත් කැනඩාව යනු වෙළෙඳාම් කිරීමට ඉතා අපහසු රටක් බවත් අමෙරිකානු ජනාධිපතිවරයා සිය සටහන මගින් කැනඩාවට චෝදනා කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ජූලි මැද භාගය වන විට අමෙරිකාව සහ කැනඩාව වෙළෙඳ ගිවිසුමකට එකඟ වීමට කටයුතු කරමින් සිටියදී ට්‍රම්ප් විසින් මෙම හදිසි තීරණය ගෙන තිබේ.

අමෙරිකානු ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ ඇමසන් ඇතුළු අමෙරිකානු සමාගම් සඳහා කලින් පනවන ලද ඩිජිටල් සේවා බද්දක් කැනඩාව විසින් එළැඹෙන සඳුදා දින සිට නැවත ආරම්භ කිරීමට සැලසුම් කිරීමට පෙරය.

VVIMVFMJGZJRZMIGVD7W627EMM

සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ කැනඩාව විසින් අමෙරිකානු තාක්ෂණ සමාගම් සඳහා ඩිජිටල් සේවා බද්ධක් පනවන බවට නිවේදනය කර ඇති බවත් එය අමෙරිකාවට සෘජු හා පැහැදිළි ප්‍රහාරයක් වන බවය.

එමෙන්ම වසර ගණනාවක් පුරාවට කිරි නිෂ්පාදන සඳහා ගොවීන්ගෙන් 400%ක තීරුබදු කැනඩාව විසින් අයකරගෙන ඇති බවත් කැනඩාව යනු වෙළෙඳාම් කිරීමට ඉතා අපහසු රටක් බවත් අමෙරිකානු ජනාධිපතිවරයා සිය සටහන මගින් කැනඩාවට චෝදනා කර තිබේ.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදී කැනඩාව සමග වෙළඳ සාකච්ඡා අවසන් කරන බවත් ඉදිරි දින 7 තුළ අමෙරිකා එක්සත් ජනපදය සමග ව්‍යාපාර කිරීමට ඔවුන් ගෙවන තීරුබදු සම්බන්ධව කැනඩාව දැනුවත් කරන බවත් සිය සටහන මගින් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා තිබේ.

 



| aruna


Trump says he’s ending trade talks with Canada over its ‘egregious’ tax on technology firms

Trump cuts off US trade talks with Canada, shattering optimism over tariff deals

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...