BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ඉරානයට නැවතත් පහර දීමට ට්‍රම්ප් මාන බලයි

T

The Leader Desk

June 28, 2025 • 4:24 PM

ඉරානයට නැවතත් පහර දීමට ට්‍රම්ප් මාන බලයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරානයට නැවතත් පහරදීමට තමන් සලකා බලන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
  • අලි කමේනිගේ ප්‍රකාශටත් ට්‍රම්ප්ගෙන් පිළිතුරු මේ අතර ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි පසුගිය අඟහරුවාදා සටන් විරාමයෙන් පසු පළමු දේශනය පවත්වමින් පැවසුවේ ප්‍රහාරවලින් සැලකිය යුතු කිසිවත් අත්කර ගැනීමට අමෙරිකාවට නොහැකි වූ බවය.
  • ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන කඩාකප්පල් කිරීමට මෙම ප්‍රහාරවලින් සැලකිය යුතු කිසිවක් ඉටු නොවූ බවත් කටාර් හී අමෙරිකානු ගුවන් කඳවුරට එල්ල වූ පළිගැනීමේ ප්‍රහාරය අමෙරිකාවට දැඩි පහරක් බවත් දෙරට අතර යුද ජයග්‍රහණයෙන් ඉරානය ජයගත් බවත් ඔහු පවසා තිබේ.
  • මීට පිළිතුරු ලබා දෙමින් සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ යුද්ධයෙන් විනාශ වූ ඉරානයේ ඊනියා උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි ඊශ්‍රායලය සමග ඇති මෙම යුද්ධය ජයග්‍රහණය කළ බව පැවසීම මෝඩකමක් වන බවය.
අකුරු ප්‍රමාණය (Font Size):

ධවල මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඉරානයට යුරේනියම් සැලකිය යුතු මට්ටමකට සුපෝෂණය කළ හැකි බවට බුද්ධි අංශ නිගමනය කළහොත් තමන් කිසිදු සැකයකින් තොර ඉරානයට නැවත පහර දෙන බවය.

මින් පෙර සති අන්තයේදී ඊශ්‍රායලය සහ ඉරානය අතර ගැටුමට අමෙරිකාව සෘජුව සම්බන්ධ වෙමින් ට්‍රම්ප් ඉරානයේ භූගත න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට බංකර් බස්ටර් බෝම්බ ප්‍රහාරයක් එල්ල කළේය.

අලි කමේනිගේ ප්‍රකාශටත් ට්‍රම්ප්ගෙන් පිළිතුරු

මේ අතර ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි පසුගිය අඟහරුවාදා සටන් විරාමයෙන් පසු පළමු දේශනය පවත්වමින් පැවසුවේ ප්‍රහාරවලින් සැලකිය යුතු කිසිවත් අත්කර ගැනීමට අමෙරිකාවට නොහැකි වූ බවය.

ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන කඩාකප්පල් කිරීමට මෙම ප්‍රහාරවලින් සැලකිය යුතු කිසිවක් ඉටු නොවූ බවත් කටාර් හී අමෙරිකානු ගුවන් කඳවුරට එල්ල වූ පළිගැනීමේ ප්‍රහාරය අමෙරිකාවට දැඩි පහරක් බවත් දෙරට අතර යුද ජයග්‍රහණයෙන් ඉරානය ජයගත් බවත් ඔහු පවසා තිබේ.

මීට පිළිතුරු ලබා දෙමින් සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ යුද්ධයෙන් විනාශ වූ ඉරානයේ ඊනියා උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි ඊශ්‍රායලය සමග ඇති මෙම යුද්ධය ජයග්‍රහණය කළ බව පැවසීම මෝඩකමක් වන බවය.

එමෙන්ම කමේනි රැකවරණය ලබන ස්ථානය තමන් නිවැරදිව දැන සිටි නමුත් ඔහුව ඝාතනය කිරීමට තමන් ඉඩ නොදුන් බවත් අමෙරිකානු ජනාධිපතිවරයා සිය සටහනේ සඳහන් කර තිබේ.

එමෙන්ම තමන් පසුගිය දින කිහිපය තුළ සම්බාදක ඉවත් කිරීම සහ අනෙකුත් දේවල් පිළිබඳව තමන් කටයුතු කරමින් සිටි නමුත් ඒ වෙනුවට ඉරාන ආධ්‍යාත්මික නායකයා තමන්ට කෝපය සහ වෛරය, පිළිකුළ පිළිබඳ ප්‍රකාශයකින් පහර වැදීම හේතුවෙන් තමන් සම්බාධක සහන සහ තවත් බොහෝ දේවල් වහාම අත්හැර දැමීමට පියවර ගත් බවත් අමෙරිකානු ජනාධිපතිවරයා සිය සටහන මගින් සඳහන් කර ඇත.

| adaderana


Trump lambasts Khamenei, says he’d bomb Iran if nuclear activities restart

Trump says he would 'absolutely' consider bombing Iran again


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...