BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

එලෝන් මස්ක් නව දේශපාලන පක්ෂයක් අරඹයි

T

The Leader Desk

July 6, 2025 • 10:00 AM

එලෝන් මස්ක් නව දේශපාලන පක්ෂයක් අරඹයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ටෙස්ලා සමාගමේ නිර්මාතෘ ඊලොන් මස්ක් සිය නව දේශපාලන පක්ෂය නිවේදනය කර ඇතැයි අමෙරිකානු මාධ්‍ය වාර්තා කර තිබේ.
  • එම සටහනට මත විමසුම් ලැබෙමින් පැවැති අවස්ථාවක මස්ක් ඊයේ (05) සිය X ගිණුමේ සටහනක් තබමින් පැවසුවේ "2 ට 1 ගුණයකින්, ඔබට නව දේශපාලන පක්ෂයක් අවශ්‍ය වන අතර ඔබට එය ලැබෙනු ඇත!" යනුවෙනි.
  • ඒ අනුව 'අමෙරිකානු පක්ෂය' නමින් නව පක්ෂයක් දියත් කර ඇති මස්ක් එහිදී සඳහන් කර ඇත්තේ අමෙරිකානුවන්ගේ යහපත් අනාගතයක් වෙනුවෙන් මෙන්ම නිදහස නැවත ලබා දීමට තමන් මෙලෙස නව පක්ෂයක් ආරම්භ කළ බවය.
  • අද, ඔබේ නිදහස ඔබට නැවත ලබා දීම සඳහා ඇමරිකානු පක්ෂය පිහිටුවා ඇත." යනුවෙන් මස්ක් සිය X ගිණුමේ සටහන් කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මිතුරෙකු වූ ඊලොන් මස්ක් පසුව දෙදෙනා අතර ඇතිවූ මතභේදයෙන් පසුව ට්‍රම්ප්ගෙන් වෙන් වූ අතර එහිදී ඔහු සිය X ගිණුමේ සටහනක් තබමින් සිය පරිශීලකයින්ගෙන් විමසීමක් සිදුකරනු ලැබුවේ එක්සත් ජනපදයට නව දේශපාන පක්ෂයක් තිබිය යුතුද යන්නය.

Gs0ZU6SakAAd s
එම සටහනට මත විමසුම් ලැබෙමින් පැවැති අවස්ථාවක මස්ක් ඊයේ (05) සිය X ගිණුමේ සටහනක් තබමින් පැවසුවේ "2 ට 1 ගුණයකින්, ඔබට නව දේශපාලන පක්ෂයක් අවශ්‍ය වන අතර ඔබට එය ලැබෙනු ඇත!" යනුවෙනි.

ඒ අනුව 'අමෙරිකානු පක්ෂය' නමින් නව පක්ෂයක් දියත් කර ඇති මස්ක් එහිදී සඳහන් කර ඇත්තේ අමෙරිකානුවන්ගේ යහපත් අනාගතයක් වෙනුවෙන් මෙන්ම නිදහස නැවත ලබා දීමට තමන් මෙලෙස නව පක්ෂයක් ආරම්භ කළ බවය.

 

b77809789789
"අපේ රට නාස්තියෙන් හා දූෂණයෙන් බංකොලොත් කිරීම සම්බන්ධයෙන් ගත් කල, අප ජීවත් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයක නොව එක පක්ෂ ක්‍රමයක ය. අද, ඔබේ නිදහස ඔබට නැවත ලබා දීම සඳහා ඇමරිකානු පක්ෂය පිහිටුවා ඇත." යනුවෙන් මස්ක් සිය X ගිණුමේ සටහන් කර තිබේ.

කෙසේ වෙතත් මස්ක්ගේ පක්ෂය එක්සත් ජනපද මැතිවරණ බලධාරීන් සමග විධිමත් ලෙස ලියාපදිංචි කර තිබේද යන්න මෙතෙක් වාර්තා වී නැති අතර ඔහු එක්සත් ජනපදයෙන් පිටත උපත ලැබූ නිසා එක්සත් ජනපද ජනාධිපති ධුරයට තරග කිරීමට සුදුසුකම්ද ලබා නොමැත.

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අමෙරිකාවට ගෙන එන ලද නව බදු පනත සම්බන්ධව විවේචන ඉදිරිපත් කිරීම හේතුවෙන් දෙදෙනා අතර මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වූ අතර එහිදී ඊලොන් මස්ක් විසින් ට්‍රම්ප්ගේ නව බදු ප්‍රතිපත්තිය දැඩිව විවේචනය කළේය.

එහිදී ට්‍රම්ප්ගේ අදාළ පනත් කෙටුම්පතට සහාය දුන් නීති සම්පාදකයින් නෙරපා හැරීම සඳහා තමන් මුදල් වියදම් කරන බවත් මස්ක් මීට පෙර පවසා තිබුණි.

trump musk9cfu59
කෙසේ වෙතත් දෙදෙනා අතර මතුව ඇති මෙම දැඩි මතභේදාත්මක තත්ත්වය හමුවේ ට්‍රම්ප් විසින් පසුගියදා තර්ජනය කරන ලද්දේ ඊලෝන් මස්ක්ගේ සමාගම්වලට ෆෙඩරල් රජයෙන් ලබා දෙන ඩොලර් බිලියන ගණනක සහනාධාර කපා හරින බව පවසමිනි.

එමෙන්ම මස්ක්ගේ අමෙරිකානු පුරවැසිභාවය අහෝසි කිරීමටද ට්‍රම්ප් සූදානමින් සිටින බවද මින් පෙර වාර්තා වී තිබුණි.

කෙසේ වෙතත් දෙදෙනා අතර මතුවන මෙම ආරවුල 2026 වසරේදී මධ්‍යකාලීන කොංග්‍රස් මැතිවරණයේදී ඔවුන්ගේ බහුතරය ආරක්ෂා කර ගැනීමේ අවස්ථාවට හානි සිදුවිය හැකි බවට මේ වන විට ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයේ පිරිස් කනස්සල්ල පළ කර තිබේ.

muske6i78

 

මෑතක් වන තුරුම මස්ක් ට්‍රම්ප්ගේ ප්‍රධාන ආධාරකරුවෙකු වූ අතර, පසුගිය වසරේ මැතිවරණ රැලිවලදී ඔහු නිතර දක්නට ලැබුණි.

එමෙන්ම ට්‍රම්ප්ගේ මැතිවරණයේදී ප්‍රධාන මූල්‍ය ආධාරකරුද වූ මස්ක් ට්‍රම්ප් නැවත ජනාධිපති ධුරයට පත්වීමට උපකාර කිරීම සඳහා අමරෙිකානු ඩොලර් මිලියන 250ක් විදයම් කර තිබුණි.

| aruna


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...