BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ඊශ්‍රායලයෙන් සිරියාවේ ඩැමැස්කස් අගනුවරට ප්‍රහාර

T

The Leader Desk

July 17, 2025 • 9:15 AM

ඊශ්‍රායලයෙන් සිරියාවේ ඩැමැස්කස් අගනුවරට ප්‍රහාර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊශ්‍රායලය සිරියානු ආරක්ෂක අමාත්‍යාංශයට සහ තවත් ඉලක්ක කිහිපයකට ගුවන් ප්‍රහාර එල්ල කර ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.
  • අඛණ්ඩව දින තුනක් තිස්සේ මෙම ගැටුම් පවතින අතර ඊශ්‍රායලය සිරියාවේ ඩැමැස්කස් අගනුවරට සහ ස්වෙයිදා හි ඉලක්ක වෙත මෙලෙස ප්‍රහාර එල්ල කරයි.
  • ඩෲස් ජන කොටස් ආරක්ෂා කරන බවට ඊශ්‍රායලය ප්‍රතිඥා දී තිබේ.
  • “ඊශ්‍රායලය මහ පරිමාණ අර්බුදයක් ඇති කරනවා” යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් සිරියාවේ අන්තර්වාර ජනාධිපති අහ්මද් අල්-ෂාරා චෝදනා කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):


සිරියාවේ දකුණු දෙසට වන්නට පිහිටි ස්වෙයිදා හී ජීවත් වන ඩෲස් ජන කොටස් ආරක්ෂා කරගැනීමේ අරමුණින් මෙම ප්‍රහාර එල්ල කරන බව ඊශ්‍රායලය පැවැසීය.



අඛණ්ඩව දින තුනක් තිස්සේ මෙම ගැටුම් පවතින අතර ඊශ්‍රායලය සිරියාවේ ඩැමැස්කස් අගනුවරට සහ ස්වෙයිදා හි ඉලක්ක වෙත මෙලෙස ප්‍රහාර එල්ල කරයි.

ඩෲස් යනු සිරියාවේ සුළුතර ජන කොටසක් වන අතර ඔවුන්ගෙන් වැඩි දෙනා ජීවත් වෙන්නේ දකුණු දිග සිරියාවේ ස්වෙයිදාහී ය. ඩෲස් ජන කොටස් ආරක්ෂා කරන බවට ඊශ්‍රායලය ප්‍රතිඥා දී තිබේ.

 

“අපගේ ඩෲස් සහෝදරවරුන් ආරක්ෂා කරගැනීමට අපි ක්‍රියාමාර්ග ගන්නවා” යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පැවැසීය.

“ඊශ්‍රායලය මහ පරිමාණ අර්බුදයක් ඇති කරනවා” යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් සිරියාවේ අන්තර්වාර ජනාධිපති අහ්මද් අල්-ෂාරා චෝදනා කළේ ය.

ඊශ්‍රායලය බදාදා දිනයේ දී සිරියාවේ ඩැමැස්කස් අගනුවර පිහිටි සිරියානු ආරක්ෂක අමාත්‍යාංශ ගොඩනැගිලි සංකීර්ණයට ගුවන් ප්‍රහාර එල්ල කර තිබූ අතර මෙම ප්‍රහාරවලින් අගනුවර පහිටි ජනාධිපති මන්දිරයට ද අලාභ හානි සිදුව තිබිණි.

 



මෙම ගැටුම් සමථයකට පත් කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය ද මැදිව සිටින බව වාර්තා වේ.

ඊශ්‍රායාලය ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ප්‍රාදේශීය නායකයන්ගේ මැදිහත් වීම ද ඇති ව සටන් විරාමයක් ප්‍රකාශයට පත් කෙරුණු බව වාර්තා වූ අතර සිරියානු රජයේ හමුදා මෙම ප්‍රදේශවලින් ඉවත් වූ බව ද වාර්තා විය. කෙසේ නමුත් ඊශ්‍රායල ආරක්ෂක අංශ ඊයේ රාත්‍රියේ නැවත වරක් සිරියානු අගනුවරට ගුවන් ප්‍රහාර එල්ල කර ඇත.

 
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...