විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ රුසියාව සමග සාමය සඳහා ඇති අපේක්ෂාවන් බිඳ වැටෙමින් පවතින පසුබිමක යුද කාලීන කළමනාකරණය සහ පුනර්ජීවනය අරමුණු කරගනිමින් මෙම සංශෝධනය සිදුකර ඇති බවය.
ඒ අනුව එරට නව අගමැතිවරිය ලෙස 39 හැවිරිදි යුලියා ස්වයිරිඩෙන්කෝ පත් කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන් ව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර ඇති පරිදි යුක්‍රේන ජනාධිපතිවරයා එරට කැබිනට් මණ්ඩලයේ මෙම වෙනස්කම සිදුකර ඇත්තේ වසර පහකට පසුවීමද විශේෂත්වයකි.
පසුගිය අඟහරුවාදා දින යුක්‍රේනයේ හිටපු අගමැති ඩෙනිස් ෂ්මිහාල් පැවසුවේ එළැඹෙන සතියේදී රජය විසින් අපේක්ෂා කරන එරට විශාලතම යුද කාලින රජයේ ප්‍රතිංසංවිධානයේ කොටසක් ලෙස තමන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවය.
ඒ අනුව අදාළ ඉල්ලා අස්වීමෙන් පසු යුක්‍රේන ජනාධිපතිවරයා විසින් නව අගමැති ධුරය සඳහා යුලියා ස්වයිරිඩෙන්කෝ නම් කළ අතර ඊට එරට පාර්ලිමේන්තුවේද අනුමැතිය හිමිව ඇත.
යුලියා යනු පසුගිය 2021 නොවැම්බර් මාසයේ සිට යුක්‍රේනයේ නියෝජ්‍ය අගමැතිනිය මෙන්ම ආර්ථික අමාත්‍ය ධූරය දැරූ කාන්තාවද වන අතර ඇය යුක්‍රේන ජනාධිපතිවරයාගේ සමීපතම සහ දිගුකාලීන මිතුරියකි.
මේ අතර අගමැති ධුරයෙන් ඉල්ලා අස්වූ යුක්‍රේන හිටපු අගමැති ඩෙනිස් ෂ්මිහාල් යුක්‍රේනයේ නව ආරක්ෂක අමාත්‍යවරයා ලෙසද පත් කිරීමට සෙලෙන්ස්කි තීරණය කර ඇති බවද වාර්තා වේ.
යුක්‍රේන ජනාධිපතිවරයා මෙම තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුලියා පවසා ඇත්තේ තීරණාත්මක අවස්ථාවේදී තමන් අගමැති ධුරයට පත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධව තමන් සෙලෙන්ස්කිට කෘතඥ වන බවය.
එමෙන්ම යුක්‍රේනයේ ආර්ථික විභවය ශක්තිමත් කිරීම මෙන්ම යුක්‍රේන ජාතිකයින් සඳහා ආධාරක වැඩසටහන් පුළුල් කිරීම මෙන්ම අවි නිෂ්පාදනය ඉහළ නැංවීම රජයේ ප්‍රමුඛතා වනු ඇතැයිද ඇය මෙහිදී පවසා ඇත.
මෙම සතිය අගදි පාර්ලිමේන්තුව විසින් යුලියාගේ නාමයෝජනාව සඳහා ඡන්දය ප්‍රකාශය කිරීමට නියමිත අතර ඉදිරි මාස 06 සඳහා ප්‍රමුඛතා කාර්යයන් පිළිබඳව තමා දැනටමත් ඇය සමග සාකච්ඡා කර ඇති බවද යුක්‍රේන ජනාධිපතිවරයා පවසා තිබේ.
| adaderana.lk
යුක්‍රේන අගමැති ධුරයේ වෙනසක්
T
The Leader Desk
July 18, 2025 • 4:29 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි විසින් එරට අග්‍රාමාත්‍ය ධුරයේ වෙනසක් සිදුකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
- ඒ අනුව එරට නව අගමැතිවරිය ලෙස 39 හැවිරිදි යුලියා ස්වයිරිඩෙන්කෝ පත් කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන් ව තිබේ.
- පසුගිය අඟහරුවාදා දින යුක්‍රේනයේ හිටපු අගමැති ඩෙනිස් ෂ්මිහාල් පැවසුවේ එළැඹෙන සතියේදී රජය විසින් අපේක්ෂා කරන එරට විශාලතම යුද කාලින රජයේ ප්‍රතිංසංවිධානයේ කොටසක් ලෙස තමන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවය.
- ඒ අනුව අදාළ ඉල්ලා අස්වීමෙන් පසු යුක්‍රේන ජනාධිපතිවරයා විසින් නව අගමැති ධුරය සඳහා යුලියා ස්වයිරිඩෙන්කෝ නම් කළ අතර ඊට එරට පාර්ලිමේන්තුවේද අනුමැතිය හිමිව ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



