BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ඩොනල්ඩ් ට්‍රම්ප්, ‘වෝල් ස්ට්‍රීට් ජර්නල්’ පුවත්පතට හා රූපට් මර්ඩොක්ට නඩු දමයි

T

The Leader Desk

July 20, 2025 • 6:31 AM

ඩොනල්ඩ් ට්‍රම්ප්, ‘වෝල් ස්ට්‍රීට් ජර්නල්’ පුවත්පතට හා රූපට් මර්ඩොක්ට නඩු දමයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අසත්‍ය සහ අපහාසාත්මක ප්‍රවෘත්තියක් පළ කළ බවට චෝදනා කරමින් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ‘වෝල් ස්ට්‍රීට් ජර්නල්’ ප්‍රවෘත්ති පත්‍රය හිමි ඩව් ජෝන්ස් සමාගමට සහ එහි හිමිකරු වන රූපට් මර්ඩොක්ට එරෙහිව නඩු පවරා ඇත.
  • ලිංගික අපරාධකරුවකු වන ජෙෆ්රි එප්ස්ටීන් ට, ඇමෙරිකානු ජනාධිපතිවරයා 2003 වසරේ දී යැවූ ලිපියක් පදනම් කරගනිමින් ‘වෝල් ස්ට්‍රීට් ජර්නල්’ පුවත්පත අදාළ ප්‍රවෘත්තිය පළ කර තිබේ.
  • ජෙෆ්රි එප්ස්ටීන්ගේ 50 වැනි උපන්දිනයට ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙම කියන ලියුම යවා තිබෙන අතර නිරුවත් කාන්තාවකගේ චිත්‍රයක් ද එහි ඇඳ තිබී ඇතැයි වාර්තා වේ.
  • මෙම ලිපිය අසත්‍යයක් බවත්, තමන් එවැනි ලිපියක් යැව්වේ නැති බවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා දිගින් දිගටම අවධාරණය කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 10ක වන්දියක් ද ඉල්ලමින් මෙම නඩුව පවරා තිබෙන අතර ප්‍රවෘත්තියේ කිසිදු සත්‍යතාවයක් නැතැයි ද ප්‍රවෘත්තිය මඟින් තමන්ට අපහාසයක් වූයේ යැයි ද ඇමෙරිකානු ජනාධිපතිවරයා වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පතට චෝදනා කර තිබේ.

ab5u578980890232353454

ලිංගික අපරාධකරුවකු වන ජෙෆ්රි එප්ස්ටීන් ට, ඇමෙරිකානු ජනාධිපතිවරයා 2003 වසරේ දී යැවූ ලිපියක් පදනම් කරගනිමින් ‘වෝල් ස්ට්‍රීට් ජර්නල්’ පුවත්පත අදාළ ප්‍රවෘත්තිය පළ කර තිබේ.

ජෙෆ්රි එප්ස්ටීන්ගේ 50 වැනි උපන්දිනයට ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙම කියන ලියුම යවා තිබෙන අතර නිරුවත් කාන්තාවකගේ චිත්‍රයක් ද එහි ඇඳ තිබී ඇතැයි වාර්තා වේ.

nznu676i7i677

මෙම ලිපිය අසත්‍යයක් බවත්, තමන් එවැනි ලිපියක් යැව්වේ නැති බවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා දිගින් දිගටම අවධාරණය කළේ ය.

“මම රූපට් මර්ඩොක්ට කිව්වා මේක බොරුවක් කියලා. ඔහු මේ බොරුව පළ නොකළ යුතුව තිබුණා. මම ඔහුට නඩු දානවා. ඔහුගේ මේ ජරා පත්තරේටත් මම නඩු දානවා” යැයි නඩු පැවැරීමට පෙර ඇමෙරිකානු ජනාධිපතිවරයා බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිය ටෘත් සෝෂල් සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් පැවැසීය.

ruppert trump
ඇමෙරිකානු ජනාධිපතිවරයා සහ මාධ්‍ය හිමිකරුවකු, ව්‍යාපාරිකයකු සහ ප්‍රබල චරිතයක් වන රූපට් මර්ඩොක් අතර දශක ගණනාවක් පැරැණි සම්බන්ධතාවයක් පවතී. කෙසේ නමුත් දෙදෙනා අතර නිරන්තරයෙන් මත ගැටුම් ඇති ව තිබෙන අතර එකිනෙකා, ප්‍රශංසා සහ වර්ණනා කරගත් අවස්ථා ද තිබේ.

වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත මෙම ලිපිය පළ කිරීමට පෙර, ඇමෙරිකානු ජනාධිපතිවරයා, ධවල මන්දිරා ප්‍රකාශික කැරෝලයින් ලෙවිට්, ඇතුළු ට්‍රම්ප් පරිපාලනයේ ඇතැම් අය අදාළ ලිපිය පළ වීම වළක්වා ගැනීමට උත්සාහ දරා ඇත.

ලිපිය පළ කළහොත් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද මෙම පිරිස් වෝල් ස්ට්‍රීට් පුවත්පතට දන්වා ඇත.

අදාළ ප්‍රවෘත්තිය වෙනුවෙන් පෙනී සිටින බවත්, ප්‍රවෘත්තිය සත්‍ය බවත් ඕනෑම ආකාරයක නෛතික ක්‍රියාවකට පෙනී සිටීමට සූදානම් බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පුවත්පත හිමි ඩව් ජෝන්ස් සමාගමේ ප්‍රකාශයකු බී.බී.සී. ප්‍රවෘත්ති සේවයට පවසා ඇත.

 

ruppert03ryt9834ජෙ‍ෆ්රි එප්ස්ටීන් යනු ලිංගික අපරාධ චෝදනාවලට වරදකරුවකු වන අතර ඔහු 2019 වසරේ දී මියගියේ ය. ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහු අතර මිත්‍රත්වයක් පැවැති බවට චෝදනා එල්ල වේ.
ජෙ‍ෆ්රි එප්ස්ටීන් යනු ලිංගික අපරාධ චෝදනාවලට වරදකරුවකු වන අතර ඔහු 2019 වසරේ දී මියගියේ ය. ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහු අතර මිත්‍රත්වයක් පැවැති බවට චෝදනා එල්ල වේ.

එප්ස්ටීන් ලොව ප්‍රමුඛ පෙළේ චරිත සමඟ සම්බන්ධතා පැවැත්වූ බවත්, කාන්තාවන් සහ තරුණියන්ම මෙන්ම වයස අවුරුදු 20ට අඩු දැරිවියන්, මෙම පිරිස්වලට සපයමින් ලිංගික ජාවාරම් සහ ලිංගික හිංසන කළ බවටත් චෝදනා එල්ල වූ අතර ඔහු චෝදනාවලට වරදකරු ද විය. ඊට අදාළ නඩු විභාගවල ලිපිලේඛන ප්‍රසිද්ධියට පත් කරන බව ඇමෙරිකානු ජනාධිපතිවරයා ඔහුගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය තුළ දී ප්‍රකාශ කළේ ය.

jeffv 7yrt4rter

කෙසේ නමුත් මෙම ලිපිලේඛන ප්‍රසිද්ධියට පත් කිරීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් රිපබ්ලිකන් පක්ෂයෙන් මෙන්ම ඇමෙරිකානු ජනාධිපතිවරයාට සහාය දක්වන පිරිස්වලින් ද ඔහුට චෝදනා එල්ල වන අතර, ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ නම ද මෙම ලිපි ලේඛනවල තිබෙන බවට ට්‍රම්ප් පරිපාලනයට සමීපව කටයුතු කළ ඉලෝන් මස්ක් වරෙක චෝදනා කළේ ය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...