BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

එක්සත් ජාතීන්ගේ කොමිසමක සියලු දෙනා ඉල්ලා අස්වෙති

T

The Leader Desk

July 20, 2025 • 9:03 AM

එක්සත් ජාතීන්ගේ කොමිසමක සියලු දෙනා ඉල්ලා අස්වෙති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘ඉල්ලා අස්වූයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ සම්බාධකවලට බියේ හෝ වෙනත් බාහිර පීඩනයක් හෝ’ හේතුවෙන් නොවන බව පලස්තීනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විමර්ශන කොමිසම සඳහන් කරයි.
  • තමන් කොමිසමෙන් ඉවත් වූයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ සම්බාධකවලට බියට පත්ව හෝ වෙනත් බාහිර පීඩනයකට හෝ යටත් ව නොවන බව ඔවුන් තිදෙනා උපුටා දක්වමින් මිඩ්ල් ඊස්ට් අයි වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
  • කෙසේ නමුත් මිඩ්ල් ඊස්ට් අයි වෙබ් අඩවියට අනුව කොමිසමේ සාමාජිකයන් තිදෙනා ඔවුන්ගේ ඉල්ලා අස්වීම දැනුම් දී තිබෙන මේ මස මුලදී ය.
  • ඒ මෙම කොමිසමේ 2025 වැඩසටහන අවසන් වීමත් සමඟ ය.
අකුරු ප්‍රමාණය (Font Size):


2021 වසරේ අප්‍රේල් මාසයේ සිට පලස්තීනයේ සහ ඊශ්‍රායලයේ සිදු වූ මානුෂීය සහ මානව හිමිකම් නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය 2021 වසරේ මැයි මාසයේ දී ස්ථීර වරමක් සහිතව මෙම කොමිසම පත් කරන ලදි.

MEE

දකුණු අප්‍රිකාවේ නවනීදම් පිල්ලේ මෙම කොමිසමේ සභාපතිධුරය හොබවන අතර ඔස්ට්‍රේලියානු ජාතික ක්‍රිස් සිධෝති සහ ඉන්දීය ජාතික මිලූන් කොතාරි මෙම කොමිසමේ අනෙකුත් සාමාජිකයෝ දෙදෙනා ය.

තමන් කොමිසමෙන් ඉවත් වූයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ සම්බාධකවලට බියට පත්ව හෝ වෙනත් බාහිර පීඩනයකට හෝ යටත් ව නොවන බව ඔවුන් තිදෙනා උපුටා දක්වමින් මිඩ්ල් ඊස්ට් අයි වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

albaneseෆ්‍රැන්චෙස්කා ඇල්බනීස්

ඔවුන් තිදෙනාගේ ඉල්ලා අස්වීම වාර්තා වූයේ, පලස්තීනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ෆ්‍රැන්චෙස්කා ඇල්බනීස්ට එරෙහිව ට්‍රම්ප් පරිපාලනය සම්බාධක පැනවීමෙන් දිනකට පසුව ය.

කෙසේ නමුත් මිඩ්ල් ඊස්ට් අයි වෙබ් අඩවියට අනුව කොමිසමේ සාමාජිකයන් තිදෙනා ඔවුන්ගේ ඉල්ලා අස්වීම දැනුම් දී තිබෙන මේ මස මුලදී ය.

ඔවුන් තිදෙනාගේ ඉල්ලා අස්වීම ක්‍රියාත්මක වන්නේ මේ වසරේ නොවැම්බර් මාසයේ දී ය. ඒ මෙම කොමිසමේ 2025 වැඩසටහන අවසන් වීමත් සමඟ ය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය 2006 වසරේ දී ස්ථාපිත කිරීමෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ කොමිසමක සියලු සාමාජිකයන් මෙලෙස ඒකාබද්ධව ඉල්ලා අස්වී ඇත්තේ පළමු වරට ය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...