BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

සෞදියේ 'නිදා සිටින කුමාරයා' මිය යයි

T

The Leader Desk

July 20, 2025 • 4:49 PM

සෞදියේ 'නිදා සිටින කුමාරයා' මිය යයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සෞදියේ "නිදන කුමරා" (Sleeping Prince) ලෙස නම් දැරූ අල්වලීද් බින් ඛාලිද් කුමරා වසර 20ක් පුරා කෝමා තත්ත්වයේ ප්‍රථිකාර ලබමින් සිටියදී
  • ඔහුගේ මරණය පිළිබඳ නිවේදනය ඊයේ (19) දිනයේ ඔහුගේ පියා වන කලීද් බින් තලාල් කුමරු විසින් සිදු කරන ලදී.
  • අවමංගල්‍යය අද (20) රියාද් නුවර ඉමාම් ටර්කි බින් අබ්දුල්ලා පල්ලියේ දී සිදු කෙරින.
  • 1990 අප්‍රේල් මස උපත ලද අල්වලීද් කුමරු, කලීද් බින් තලාල් අල් සවුද් කුමරුගේ වැඩිමහල් පුත්‍රයා වූ අතර, ප්‍රකෝටිපති ව්‍යාපාරික අල්වලීද් බින් තලාල් කුමරුගේ බෑණනුවන් ද විය.
අකුරු ප්‍රමාණය (Font Size):

මියගිය බව දැනුම් දී තිබේ.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 36 කි.

ඔහුගේ මරණය පිළිබඳ නිවේදනය ඊයේ (19) දිනයේ ඔහුගේ පියා වන කලීද් බින් තලාල් කුමරු විසින් සිදු කරන ලදී.

cbdgsdc
අවමංගල්‍යය අද (20) රියාද් නුවර ඉමාම් ටර්කි බින් අබ්දුල්ලා පල්ලියේ දී සිදු කෙරින.

1990 අප්‍රේල් මස උපත ලද අල්වලීද් කුමරු, කලීද් බින් තලාල් අල් සවුද් කුමරුගේ වැඩිමහල් පුත්‍රයා වූ අතර, ප්‍රකෝටිපති ව්‍යාපාරික අල්වලීද් බින් තලාල් කුමරුගේ බෑණනුවන් ද විය.

පසුගිය අප්‍රේල් 18 වනදා ඔහුගේ 36 වැනි උපන්දිනය බව සඳහන් වේ.

2005 වසරේ ලන්ඩනයේදී සිදු වූ දරුණු රිය අනතුරකින් පසු කෝමා තත්ත්වයට පත්වී දශක දෙකක් පුරා මෙලෙස කෝමා තත්ත්වයෙන් සිටියේය.

xdvsddd
මෙම අනතුර සිදුවන විට අල්වලීද් කුමරාට වයස අවුරුද 15ක් වූ අතර ඔහු ඒ වන විට එක්සත් රාජධානියේ හමුදා විද්‍යාලයක අධ්‍යාපනය ලබමින් සිට තිබේ.

මෙම අනතුරෙන් කුමරාගේ මොළයට බරපතළ තුවාල සිදුවී අභ්‍යන්තර රුධිර වහනයක් සිදුව ඇත.

එබැවින් ඔහු සම්පූර්ණ කෝමා තත්ත්වයකට පත්ව ඇති බව සඳහන් වේ.

කෙසේ නමුත්, පසුව ඔහුව සෞදියේ රියාද් නුවර පිහිටි කිං අබ්දුල් අසීස් රෝහලට ගෙනවිත් ඊයේ දිනයේ ඔහු මියයන තුරුම වසර 20ක් පුරා නිරන්තර වෛද්‍ය අධීක්ෂණය යටතේ වෛද්‍ය උපකරණ සහ ජීවිත ආධාරක මත ප්‍රථිකාර ලබමින් සිට තිබුණි.

ඒ අනුව ඔහුව "Sleeping Prince" ලෙස ලොව පුරා ප්‍රසිද්ධියට පත් විය.

අල්වලීද් කුමරු බොහෝ දුරට කෝමා තත්ත්වයේ සිටි නමුත් ඉඳහිට සියුම් චලන දැක්වූ බව සඳහන් වේ.

2019 වසරේදී එනම් අනතුරට මුහුණ දී කෝමා තත්ත්වයට පත්වීමෙන් වසර 14කට පසු ඔහු එක් අතක ඇඟිලි ඉහළට ඔසවා චලනය කළ වීඩියෝවක් දැකගත හැකි විය.

ඔහුගේ පියා වන කලීද් කුමරු කිසිවිටෙකත් සිය පුත් කුමරුගේ වෛද්‍ය උපකරණ සහ ජීවිත ආධාරක ඉවත් කිරීමට එකඟ වී නොමැති බව සඳහන් වේ.

ඔහු පවසා ඇත්තේ මරණය සිදුවන මොහොත තීරණය කරන්නේ දෙවියන් වහන්සේ පමණක් බවය.

| aruna.lk

 

 

මුලාශ්‍ර :

‘Sleeping Prince’ of Saudi Arabia dead at 36 after 20-year coma

Saudi Sleeping Prince die afta 20 years in coma

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සෞදියේ 'නිදා සිටින කුමාරයා' මිය යයි | The Leader