BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

තායිලන්ත-කාම්බෝජ ගැටුම් තවමත් තෙවැනි දිනටත්

T

The Leader Desk

July 27, 2025 • 4:51 AM

තායිලන්ත-කාම්බෝජ ගැටුම් තවමත් තෙවැනි දිනටත්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තායිලන්තය සහ කාම්බෝජය අතර දින තුනක් මුළුල්ලේ පැවැති ගැටුම් හේතුවෙන් මිය ගිය ගණන ඊයේ (26) වනවිට 33 දක්වා ඉහළ ගියේ ය.
  • ඉක්මනින් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන්නැයි කාම්බෝජය මෙම තත්ත්වය යටතේ ඊයේ ඉල්ලීමක් කළේ ය.
  •   දෙරට අතර දේශසීමාවේ පවතින අර්බුදය මුල් කරගනිමින් මෙම ගැටුම් ඇති වූ අතර මෙවර ගැටුම් උග්‍ර අතට හැරිණි.
  • දෙරට ඇති වී තිබෙන මෙම තත්ත්වය හේතුවෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය සිකුරාදා හදිසි රැස්වීමක් ද පැවැත්වීය.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙම රටවල් දෙක අතර මෙලෙස ගැටුම් ඇතිවූයේ දශක ගණනාවකට පසුව ය. ඉක්මනින් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන්නැයි කාම්බෝජය මෙම තත්ත්වය යටතේ ඊයේ ඉල්ලීමක් කළේ ය.

 

cambodia 1

දෙරට අතර දේශසීමාවේ පවතින අර්බුදය මුල් කරගනිමින් මෙම ගැටුම් ඇති වූ අතර මෙවර ගැටුම් උග්‍ර අතට හැරිණි. ප්‍රහාරයක ජෙට් යානා, කාලතුවක්කු සහ යුද ටැංකි ද භාවිත වී තිබිණි.

cambodia 2

දෙරට ඇති වී තිබෙන මෙම තත්ත්වය හේතුවෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය සිකුරාදා හදිසි රැස්වීමක් ද පැවැත්වීය.

ගැටුම් හේතුවෙන් 13 දෙනකු මියගිය බවත් ඔවුන්ගෙන් අටදෙනකු සිවිල් වැසියන් බවත් ඉතිරි පස්දෙනා හමුදා සාමාජිකයන් බවත් 71 දෙනකු තුවාල ලබා ඇති බවත් කාම්බෝජ ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ ය.

සිකුරාදා හමුදා සාමාජිකයන් පස් දෙනකු මියගිය බවත් ඒ අනුව ගැටුම් හේතුවෙන් මියගිය 20 දක්වා ඉහළ ගිය බවත් තායිලන්තය ප්‍රකාශය කළේ ය. ඔවුන්ගෙන් 14 දෙනකු සිවිල් වැසියන් බවත් හයදෙනකු හමුදා සාමාජිකයන් බවත් තායිලන්තය තවදුරටත් සඳහන් කළේ ය.  

තායිලන්තය සහ කාම්බෝජය අතර 2008 සහ 2011 වසරවලදී මේ ආකාරයෙන් ගැටුම් ඇති විය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...