BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

පලස්තීනය 'රාජ්‍යයක්' ලෙස පිළිගන්නවා - ප්‍රංශ ජනාධිපති

T

The Leader Desk

July 27, 2025 • 3:38 PM

පලස්තීනය 'රාජ්‍යයක්' ලෙස පිළිගන්නවා - ප්‍රංශ ජනාධිපති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එළැඹෙන ස්පැතැම්බර් මාසයේ දී පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගන්නා බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් ඉකුත් දා ප්‍රකාශ කළේ ය.
  • ලබන සැප්තැම්බර් මාසයේ දී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයේ දී පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගන්නා බව නිල වශයෙන් නිවේදනය කරන බව ද ප්‍රංශ ජනාධිපතිවරයා සිය ට්විටර් පණිවුඩය මඟින් නිවේදනය කළේ ය.
  • මැද පෙරදිග කලාපයට සාමය ගෙන ඒමේ අරමුණින් මෙම තීරණය ගත් බව ද ප්‍රංශ ජනාධිපතිවරයා සිය ට්විටර් පණිවුඩයේ සඳහන් කර ඇත.
  • කෙසේ නමුත් ප්‍රංශයේ මෙම තීරණය ප්‍රංශයේ මිත්‍ර රටවල් ලෙස සැලකෙන ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලයේ ‍කෝපයට හේතු වී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ප්‍රංශ ජනාධිපතිවරයා ජූලි 24 වැනිදා එක්ස් (ට්විටර්) පණිවුඩයක් නිකුත් කරමින් ඔහුගේ එම තීරණය ප්‍රසිද්ධ කළේ ය.

ලබන සැප්තැම්බර් මාසයේ දී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයේ දී පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගන්නා බව නිල වශයෙන් නිවේදනය කරන බව ද ප්‍රංශ ජනාධිපතිවරයා සිය ට්විටර් පණිවුඩය මඟින් නිවේදනය කළේ ය.

මැද පෙරදිග කලාපයට සාමය ගෙන ඒමේ අරමුණින් මෙම තීරණය ගත් බව ද ප්‍රංශ ජනාධිපතිවරයා සිය ට්විටර් පණිවුඩයේ සඳහන් කර ඇත.

කෙසේ නමුත් ප්‍රංශයේ මෙම තීරණය ප්‍රංශයේ මිත්‍ර රටවල් ලෙස සැලකෙන ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලයේ ‍කෝපයට හේතු වී තිබේ.

පලස්තීන ජනාධිපති මහ්මූද් අබ්බාස්ට යවන ලද ලිපියක් ද සමඟ ප්‍රංශ ජනාධිපතිවරයා එම ට්විටර් පණිවුඩය නිකුත් කර තිබිණි.

“මැදපෙරදිගට දිගුකාලීන සාමය සහ යුක්තිය ගෙන ඒම සඳහා අපගේ ඓතිහාසික කැපවීම තහවුරු කරමින්, පලස්තීනය රාජ්‍ය පිළිගැනීමට මම තීරණය කළා” යැයි ප්‍රංශ ජනාධිපතිවරයා සිය ට්විටර් පණිවුඩයේ සඳහන් කර තිබිණි.

“ලබන සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසියේ දී මෙම ඓතිහාසික තීරණය ප්‍රකාශයට පත් කරනවා” යැයි ද එහි දැක්විණි.

යුරෝපයේ විශාලතම යුදෙව් ප්‍රජාව සහ මුස්ලිම් ප්‍රජාව ජීවත් වන්නේ ප්‍රංශයේ වන අතර පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගත් පළමු ප්‍රධාන බටහිර රට වන්නේ ද ප්‍රංශයයි.

ඊශ්‍රායලයේ මෑතකාලීන ක්‍රියාකාරම් ‘කුඩා’ රටවල් රැසක දැඩි විවේචනයට ලක්වූ අතර එවැනි බොහෝ රාජ්‍යවල මැදිහත් වීම ද ඇතුළු ව මේ වනවිට ලොවපුරා ඊශ්‍රායලයට එරෙහිව දැවැත්ත විරෝධතා ව්‍යාපාරයක් නිර්මාණය වී තිබේ. ප්‍රංශයේ මෙම තීරණය එම විරෝධතා ක්‍රියාමාර්ගයට එක්තරා ආකාරයකින් ඉහළට ඔසවා තැබීමක් යැයි ද දේශපාලන විචාරකයන්ගේ අදහස වී තිබේ.

“මෙම තීරණය ත්‍රස්තවාදයට සහාය දීමක්. ඒ වගේම තවත් ඉරාන ප්‍රොක්සි රාජ්‍යයක් නිර්මාණය කිරීමක්” යැයි ප්‍රංශයේ තීරණයෙන් කෝපයට පත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පැවැසීය.

ප්‍රංශය, ඊශ්‍රායලයේ මිත්‍ර රටක් වන අතරම ජී7 කණ්ඩායමේ ද සාමාජිකයෙකි.

දැන් තිබෙන තත්ත්වයෙන් පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගැනීමෙන් සිදුවන්නේ, ඊශ්‍රායලය විනාශ කිරීමක් යැයි ද වත්මන් පලස්තීනය, ඊශ්‍රායලය විනාශ කිරීමට මඟ පෑදීමක් යැයි ද ඊශ්‍රායලය අග්‍රාමාත්‍යවරයා චෝදනා කළේ ය. වර්තමානයේ තිබෙන පලස්තීනය සමඟ සාමයෙන් ජීවත් විය නොහැකි යැයි ද හෙතෙම පැවැසීය.

“අපි පැහැදිලිව කතා කරමු. පලස්තීනය, ඊශ්‍රායලය සමඟ වෙනම රාජ්‍යයක් ඉල්ලන්නේ නැහැ. ඔවුන් ඉල්ලන්නේ ඊශ්‍රාලය, වෙනුවට පලස්තීන” රාජ්‍යයක් යැයි ද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් බෙන්ජමින් නෙදන්යාහු චෝදනා කළේ ය. වර්තමානයේ පවතින තත්ත්වය මත සාමකාමී සහ ද්විත්ව රාජ්‍ය විසඳුමකට යා නොහැකි බව ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා එමඟින් සඳහන් කළේ ය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...