BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ට්‍රම්ප්ගේ බදු ගැන ඉන්දියාවේ ස්ථාවරය කියයි

T

The Leader Desk

August 2, 2025 • 4:58 AM

ට්‍රම්ප්ගේ බදු ගැන ඉන්දියාවේ ස්ථාවරය කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ සියයට 25ක ආනයන තීරු බද්ද සම්බන්ධයෙන් ඉන්දීය රජය සිය ස්ථාවරය ප්‍රකාශ කර තිබේ.
  • එක්සත් ජනපදය විසින් ප්‍රකාශයට පත් කරන ලද අන්‍යෝන්‍ය බදු පිළිබඳව ලෝක් සභාවේදී ප්‍රකාශයක් කරමින් ඔහු මෙම අදහස් පළ කර තිබේ.
  • එහිදී ඔහු පෙන්වාදී ඇත්තේ ජාතික අවශ්‍යතා ආරක්ෂා කිරීමට ඉන්දියාව සියලු පියවර ගන්නා බවය.
  • එමෙන්ම ගොවීන්, ව්‍යවසායකයින්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ කර්මාන්ත ආයතන ඇතුළු සියලුම පාර්ශ්වකරුවන් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවද අමාත්‍යවරයා පවසා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව ඉන්දියාවේ වාණිජ හා කර්මාන්ත අමාත්‍යවරයා පවසා ඇත්තේ, මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද එක්සත් ජනපදයේ ඉන්දීය භාණ්ඩ සඳහා සියයට 25ක තීරුබදු පැනවීම රජය විසින් විශ්ලේෂණය  කරමින් සිටින බවය.

එක්සත් ජනපදය විසින් ප්‍රකාශයට පත් කරන ලද අන්‍යෝන්‍ය බදු පිළිබඳව ලෝක් සභාවේදී ප්‍රකාශයක් කරමින් ඔහු මෙම අදහස් පළ කර තිබේ.

එහිදී ඔහු පෙන්වාදී ඇත්තේ ජාතික අවශ්‍යතා ආරක්ෂා කිරීමට ඉන්දියාව සියලු පියවර ගන්නා බවය.

එමෙන්ම ගොවීන්, ව්‍යවසායකයින්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ කර්මාන්ත ආයතන ඇතුළු සියලුම පාර්ශ්වකරුවන් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවද අමාත්‍යවරයා පවසා ඇත.

පසුගිය මාස කිහිපය තුළ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුමක් අවසන් කිරීම සඳහා ඉන්දියාව සහ එක්සත් ජනපදය සාකච්ඡාවල නිරත වූ බවද ඔහු පවසා තිබේ.

ඉන්දියාව මේ වන විට ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකය බවට පත්වී ඇති බවත් වසර කිහිපයක් ඇතුළත ඉන්දියාව ලෝකයේ තෙවැනි විශාලතම ආර්ථිකය බවට පත්වන බවත් ඉන්දියාවේ ස්ථාවරය වී තිබේ.

ඉන්දියාව මේ වනවිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය, එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව සහ තවත් රටවල් කිහිපයක් සමගම ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුම් අවසන් කර ඇත.

| adaderana


Trump's tariffs could deal a blow to India's growth and exports

How will Trump's 25% tariffs affect India's key sectors?

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...