BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ශාරුක් හා රාණිට පළමුවරට ලැබෙන සම්මාන

T

The Leader Desk

August 2, 2025 • 10:40 AM

ශාරුක් හා රාණිට පළමුවරට ලැබෙන සම්මාන

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දශක 3කට අධික රංගන දිවියේ පළමුවරට ඉන්දීය ජාතික චිත්‍රපට සම්මාන උළෙලක හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීමට සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ට හැකිව තිබේ.
  • 2023 වසරේ තිරගත වූ චිත්‍රපට වෙනුවෙන් මෙම සම්මාන උළෙල පැවැත්වෙන අතර, ඒ අනුව එම වසරේ තිරගත වූ 'ජවාන්' චිත්‍රපටයේ ශාරුක් දැක් වූ විශිෂ්ට රංගනය වෙනුවෙන් මෙම සම්මානයට ඔහු නම්කර ඇත.
  • ජවාන් චිත්‍රපටයට ඉන්දීය රුපියල් කෝටි 1,148කට අධික  ආදායමක් උපයාගැනීමට හැකි වූ අතර, එය එම වසරේ වැඩිම ආදායමක් උපයාගත් ඉන්දියානු චිත්‍රපටය විය.
  • එමෙන්ම ඉන්දීය චිත්‍රපට ඉතිහාසයේ දෙවන වැඩිම ආදායමක් උපයාගත් හින්දි චිත්‍රපටය මෙන්ම හයවන වැඩිම ආදායමක් උපයාගත් ඉන්දියානු චිත්‍රපටය ද එය වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉන්දීය ජාතික චිත්‍රපට සංවර්ධන සංස්ථාව විසින් ඊයේ (1) ප්‍රකාශයට පත්කළ '71 වන ජාතික චිත්‍රපට සම්මාන උළෙලේ' ජයග්‍රාහී සම්මාන ලැයිස්තුවේ මෙලෙස ශාරුක්ව නම්කර ඇත.

2023 වසරේ තිරගත වූ චිත්‍රපට වෙනුවෙන් මෙම සම්මාන උළෙල පැවැත්වෙන අතර, ඒ අනුව එම වසරේ තිරගත වූ 'ජවාන්' චිත්‍රපටයේ ශාරුක් දැක් වූ විශිෂ්ට රංගනය වෙනුවෙන් මෙම සම්මානයට ඔහු නම්කර ඇත.

ජවාන් චිත්‍රපටයට ඉන්දීය රුපියල් කෝටි 1,148කට අධික  ආදායමක් උපයාගැනීමට හැකි වූ අතර, එය එම වසරේ වැඩිම ආදායමක් උපයාගත් ඉන්දියානු චිත්‍රපටය විය.

එමෙන්ම ඉන්දීය චිත්‍රපට ඉතිහාසයේ දෙවන වැඩිම ආදායමක් උපයාගත් හින්දි චිත්‍රපටය මෙන්ම හයවන වැඩිම ආදායමක් උපයාගත් ඉන්දියානු චිත්‍රපටය ද එය වේ.

මේ අතර මෙම සම්මාන උළෙලේ හොඳම නිළියට හිමි සම්මානයට රාණි මුකර්ජි නම්කර ඇත.

ඇය රංගනයෙන් දායක වූ 'Mrs. Chatterjee vs Norway' නම් චිත්‍රපයට වෙනුවෙන් මෙම සම්මානය හිමිවේ.

මෙය රාණි මුකර්ජිගේ ද දශක තුනක සිනමා දිවියේ ලබාගන්නා පළමු ඉන්දීය ජාතික චිත්‍රපට සම්මානය වනු ඇත.


| adaderana

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...