එහි සියලු සාමාජිකයින් වන 20කට වැඩි රටවල නායකයින් සහ ජාත්‍යන්තර සංවිධාන 10ක ප්‍රධානීන් ද මෙවර සමුළුවට සහභාගී වනු ඇතැයි චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Guo Jiakun (08) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.
ඉන්දීය අග්‍රාමාත්‍ය Narendra Modi ද ආරාධනයකට අනුව, එම සමුළුවට එක් වී චීනයේ නිල සංචාරයක නිරත වේද යන්න එහිදී මාධ්‍යවේදීන් විමසා සිටියා.
මෙවර SCO හි ටියැන්ජින් සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දීය අගමැති Narendra Modi චීනයට පැමිණීමට නියමිත බවත් ඔහුව සාදරයෙන් පිළිගන්නා බවත් Guo Jiakun ඊට පිළිතුරු දෙමින් පැවසුවා. මෙවර ටියැන්ජින් නායක සමුළුව, ෂැංහයි සහයෝගිතා සංවිධානය ස්ථාපිත කිරීමෙන් පසු පැවැත්වෙන විශාලතම සමුළුව වනු ඇතැයි ද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා සදහන් කළා




