BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

අල් - ජසීරා මාධ්‍යවේදීන් පස් දෙනෙක් ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

T

The Leader Desk

August 11, 2025 • 9:47 AM

අල් - ජසීරා මාධ්‍යවේදීන් පස් දෙනෙක් ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගාසාහි අල්-ෂිෆා රෝහල ආසන්නයට එල්ල වූ ඊශ්‍රායල් ප්‍රහාරයකින් තම මාධ්‍යවේදීන් පස් දෙනෙකු මිය ගිය බව අල් ජසීරා පුවත් සේවය පවසයි.
  • නිවේදනයක් නිකුත් කරමින් අල් ජසීරා නාලිකාව මෙම ප්‍රහාරය "ඉලක්කගත ඝාතනයක්" ලෙස හැඳින්වූ අතර එය මාධ්‍ය නිදහසට එල්ල කරන ලද තවත් පැහැදිලි සහ සැලසුම්සහගත ප්‍රහාරයක් බව පැවසීය.
  • ප්‍රහාරයෙන් සුළු මොහොතකට පසු, සිය ප්‍රහාරයේ ඉලක්කය වූයේ අනාස් අල්-ෂරීෆ් බව ඊශ්‍රායල හමුදාව පැවසුවේ, ඔහු හමාස් ත්‍රස්තවාදී අංශයක නායකයෙකු බවට ටෙලිග්‍රෑම්හි සටහනක් පළ කරමිනි.
  • ප්‍රහාරයෙන් හත් දෙනෙකු මිය ගිය බව අල් ජසීරා වාර්තා කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ප්‍රහාරය එල්ල වන විට අනාස් අල්-ෂරීෆ්, මොහොමඩ් ක්‍රෙයිකේ සහ කැමරා ශිල්පීන් වන ඉබ්‍රාහිම් සහර්, මොහොමඩ් නූෆාල් සහ මෝමෙන් අලිවා යන අය රෝහලේ ප්‍රධාන දොරටුව අසල පිහිටි මාධ්‍යවේදීන් සඳහා වෙන් වූ කූඩාරමක සිටි බව අල් ජසීරා වාර්තා කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අල් ජසීරා නාලිකාව මෙම ප්‍රහාරය "ඉලක්කගත ඝාතනයක්" ලෙස හැඳින්වූ අතර එය මාධ්‍ය නිදහසට එල්ල කරන ලද තවත් පැහැදිලි සහ සැලසුම්සහගත ප්‍රහාරයක් බව පැවසීය.



ප්‍රහාරයෙන් සුළු මොහොතකට පසු, සිය ප්‍රහාරයේ ඉලක්කය වූයේ අනාස් අල්-ෂරීෆ් බව ඊශ්‍රායල හමුදාව පැවසුවේ, ඔහු හමාස් ත්‍රස්තවාදී අංශයක නායකයෙකු බවට ටෙලිග්‍රෑම්හි සටහනක් පළ කරමිනි.

මිය ගිය අනෙකුත් මාධ්‍යවේදීන් ගැන ඊශ්‍රායල් හමුදාව සඳහනක් කර තිබුණේ නැත.

ප්‍රහාරයෙන් හත් දෙනෙකු මිය ගිය බව අල් ජසීරා වාර්තා කරයි. පළමුව, සිය කාර්ය මණ්ඩලයේ හතර දෙනෙකු මිය ගිය බව ඔවුන් පැවසූ නමුත් පසුව එම සංඛ්‍යාව පහ දක්වා යාවත්කාලීන කරන ලදී.

අල්-ෂරීෆ් පිළිගත් මාධ්‍යවේදියෙකු බවත්, ගාසා තීරයේ සිදුවන දේ ලොවට ගෙන ගිය "එක ම හඬ" ඔහු බවත් අල් ජසීරාහි කළමනාකරණ සංස්කාරක මොහොමඩ් මොවාඩ් බීබීසීයට පැවසීය.

 


යුද්ධය අතරතුර, ඊශ්‍රායලය ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ට නිදහසේ ගාසා තීරයට ඇතුළුවීම අවහිර කර ඇත. එබැවින්, බොහෝ මාධ්‍ය ආයතන වාර්තාකරණය සඳහා ගාසාහි වාර්තාකරුවන් යොදා ගනී.

"ඔවුන් ඉලක්ක කර ගත්තේ ඔවුන්ගේ කූඩාරම තුළ ඉද්දි, ඔවුන් ඉදිරි ආරක්ෂක පෙරමුණේ ඉඳලා වාර්තාකරණය කරමින් හිටියේ නැහැ," මෝවාඩ් පැවසීය.

"ඊශ්‍රායල් රජයට ඕන වෙලා තියෙන්නෙ ගාසා තීරය තුළ සිට වාර්තා කරන සියලු ප්‍රවෘත්ති නවත්වා දැමීමට යි" ඔහු The Newsroom වැඩසටහනට පැවසීය.

"මේක නූතන ඉතිහාසයේ මම මීට පෙර දැකලා නැති දෙයක්."

28 හැවිරිදි අල්-ෂරීෆ්, මිය යාමට සුළු මොහොතකට පෙර සිය X ගිණුමේ සටහනක් පළ කරමින් ගාසා නගරයට, ඊශ්‍රායලය දරුණු බෝම්බ හෙළීමක් සිදුකිරීම පිළිබඳ අනතුරු ඇඟවීමක් කර සිටියේ ය. ඔහු මිය ගිය බව වාර්තා වීමෙන් පසු පළ කරන ලද සටහනක් මිතුරෙකු විසින් කලින් ලියා ප්‍රකාශයට පත් කර ඇති බව පෙනේ.

 

BBC Verify මගින් තහවුරු කර ඇති ප්‍රහාරයෙන් පසු සිදුවීම් දැක්වෙන සංවේදී දර්ශන ඇතුළත් වීඩියෝ දෙකක, මිය ගිය පුද්ගලයින්ගේ සිරුරු පිරිමින් රැගෙන යන ආකාරය දැකිය හැකි ය.

සමහරු ක්‍රෙයිකේගේ නම කියා කෑ ගසන අතර, මාධ්‍යවේදීන්ගේ කබායක් ඇඳ සිටින්නෙකු පවසන්නේ, එක් සිරුරක් අල්-ෂරීෆ්ගේ බව ය.

අල්-ෂරීෆ් මාධ්‍යවේදියෙකු ලෙස පෙනී සිටිමින් ඊශ්‍රායලයේ සිවිල් වැසියන්ට සහ සොල්දාදුවන්ට එරෙහිව රොකට් ප්‍රහාර සැලසුම් කිරීමට උදව් කළ බව ඊශ්‍රායල් හමුදාව නිකුත් කර තිබෙන ප්‍රකාශයෙන් චෝදනා කර ඇත.

"ත්‍රස්තවාදී පුහුණු පාඨමාලා ලැයිස්තු" ඇතුළුව අල්-ෂරීෆ්ගේ හමුදා සබඳතා දැක්වෙන බුද්ධි තොරතුරු මීට පෙර හෙළිකරන ලද බව ඊශ්‍රායල් හමුදාව පැවසීය.

පසුගිය මාසයේ අල් ජසීරා, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුව (CPJ) අල්-ෂරීෆ්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා නිවේදන නිකුත් කර තිබිණි.

මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුවේ ප්‍රධානී ජෝඩි ගින්ස්බර්ග් බීබීසීයට පැවසුවේ, ඊශ්‍රායලය තමන් විසින් ඝාතනය කරන ලද මාධ්‍යවේදීන් ත්‍රස්තවාදීන් බවට සාක්ෂි ඉදිරිපත් කර නොමැති බව ය.

"මෙය ඊශ්‍රායලයෙන් අප දැක්ක රටාවක්. වත්මන් යුද්ධයේදී පමණක් නොව, ඊට පෙර දශක කිහිපය තුළ සාමාන්‍යයෙන් මාධ්‍යවේදියෙකු ඊශ්‍රායල හමුදා විසින් මරා දමනු ලැබුවා ම, ඊශ්‍රායලය ඔහු ත්‍රස්තවාදියෙකු බව පවසනවා, නමුත් එම ප්‍රකාශ ඇත්ත බව පෙන්වන්නේ පිළිගත නොහැකි සුළු සාක්ෂි," ඇය පැවසුවා ය.

හමාස් සංවිධානයට සම්බන්ධ බව පවසමින් ගාසා තීරයේ අල් ජසීරා මාධ්‍යවේදීන් ඉලක්ක කර ඝාතනය කළ පළමු අවස්ථාව මෙය නොවේ.

9d50ab90 50e4 11ef bf26 6d9f6165d706.jpg

පසුගිය වසරේ අගෝස්තු මාසයේදී, ඉස්මයිල් අල්-ගූල් ඔහුගේ මෝටර් රථයේ සිටියදී ගුවන් ප්‍රහාරයකින් මිය ගියේ ය. කැමරාකරුවෙකු වූ රාමි අල්-රිෆි සහ එම ස්ථානය අසලින් බයිසිකලයක ගමන් කරමින් සිටි තරුණයෙක් එම ප්‍රහාරයෙන් මිය ගියහ.

2023 ඔක්තෝබර් 7 වන දින ඊශ්‍රායලයට එල්ල කරන ලද හමාස් ප්‍රහාරවලට අල්-ගූල් සම්බන්ධ බව ඊශ්‍රායල් හමුදාව පැවසූ නමුත් අල් ජසීරා එය තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

2023 ඔක්තෝබර් මාසයේදී ගාසා තීරයේ ඊශ්‍රායල් හමුදා ක්‍රියාමාර්ග ආරම්භ වූ දා සිට මාධ්‍යවේදීන් 186 දෙනෙකු මිය ගොස් ඇති බව තහවුරු වී ඇතැයි මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුව පවසයි.

(සටහන | ඇමී වෝකර් සහ ටිෆනි වර්තයිමර්)
බීබීසී
අතිරේක වාර්තාකරණය: ෂයාන් සර්දාරිසාදේ (BBC Verify)

(උපුටා ගැනීම්  - බීබීසී සිංහල )

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගෙන්  X පණිවිඩයක්

මෙම සිද්ධිය සම්බන්ධයෙන් X පණිවිඩයක් නිකුත්කර ඇති ශ්‍රී ලංකාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මාධ්‍යවේදීන් හිතාමතා ඝාතනය කිරීම සත්‍යයට පහරදීමක් බව අවධාරණය කර සිටියි.

'' තම ජීවිත පරදුවට තබා ඉදිරි පෙළේ සිට වාර්තා කරන අය නිහඬ කිරීම මනුෂ්‍යත්වයට සහ මාධ්‍ය නිදහසට එරෙහි නිරපේක්ෂ අපරාධයකි. මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටින සියලුම ප්‍රජාතන්ත්‍රවාදී ජාතීන් වගවීම ඉල්ලා සිටිය යුතුය.'' යයි ද ඔහුගේ X සටහනේ වැඩි දුරටත් සඳහන් වේ.

x post

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...