BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

අතිරේක තීරුබදු අත්හිටුවමින් චීන-ඇමරිකා ඒකාබද්ධ ප්‍රකාශයක්

T

The Leader Desk

August 12, 2025 • 11:21 AM

අතිරේක තීරුබදු අත්හිටුවමින් චීන-ඇමරිකා ඒකාබද්ධ ප්‍රකාශයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චීන-ඇමරිකා ස්ටොක්හෝම් ආර්ථික හා වෙළඳ සාකච්ඡාවේ ඒකාබද්ධ ප්‍රකාශය පළ කර තිබෙනවා. ඒ අනුව චීනය සහ ඇමරිකාව අගෝස්තු 12 වන දින සිට පහත ක්‍රියාමාර්ග සඳහා එකඟත්වය පළ කර ඇතැයි වාර්තා වනවා.
  • එමෙන්ම අගෝස්තු මස 12 වැනිදා සිට චීන භාණ්ඩ සඳහා 24%ක තීරුබදු යළි දින 90කට අත්හිටුවීමට ඇමරිකාව එකඟත්වය පළ කර ඇති අතර අදාළ සෙසු භාණ්ඩ සඳහා 10%ක තීරුබදු පනවනු ලැබුවා.
  • එමෙන්ම දෙපාර්ශ්වයේ ජිනීවා ආර්ථික හා වෙළඳ සාකච්ඡාවේ ඒකාබද්ධ ප්‍රකාශයට අනුව, ඇමරිකාවට එරෙහි තීරුබදු නොවන ප්‍රති-පියවර චීනය අත්හිටවනු හෝ අවලංගු කර ඇති බව ද වාර්තා වනවා.
  • මේ ඒකාබද්ධ නිවේදනය චීන-ඇමරිකා ස්ටොක්හෝම් ආර්ථික හා වෙළඳ සාකච්ඡාවේ තත්ත්වය පදනම් ව සම්පාදනය කර තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව පසුගිය අප්‍රේල් 2 වැනි දා පළ කළ අංක 14257 දරණ විධායක නියෝගයේ චීන භාණ්ඩ  සඳහා පැනවූ අතිරේක තීරුබදු සංශෝධනය කිරීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා. එමෙන්ම අගෝස්තු මස 12 වැනිදා සිට චීන භාණ්ඩ සඳහා 24%ක තීරුබදු යළි දින 90කට අත්හිටුවීමට ඇමරිකාව එකඟත්වය පළ කර ඇති අතර අදාළ සෙසු භාණ්ඩ සඳහා 10%ක තීරුබදු පනවනු ලැබුවා.

 

china tarrifs iwudfweu

ඒ සමග ම, චීන රාජ්‍ය මණ්ඩලයේ තීරුබදු පිළිබඳ කමිටුව පළ කළ 2025 වසරේ අංක 4 දරණ නිවේදනයට අනුව, අගෝස්තු 12 වැනිදා සිට ඇමරිකාවේ අතිරේක තීරුබදු පියවරයන්ට එරෙහිව ඇමරිකා භාණ්ඩ සඳහා පනවා ඇති අන්‍යෝන්‍ය තීරුබදු වන 24%, දින 90ක කාලයක් සඳහා අත්හිටුවීමට චීනය යළි පියවර ගත්තා. එමෙන්ම දෙපාර්ශ්වයේ ජිනීවා ආර්ථික හා වෙළඳ සාකච්ඡාවේ ඒකාබද්ධ ප්‍රකාශයට අනුව, ඇමරිකාවට එරෙහි තීරුබදු නොවන ප්‍රති-පියවර චීනය අත්හිටවනු හෝ අවලංගු කර ඇති බව ද වාර්තා වනවා.

මේ ඒකාබද්ධ නිවේදනය චීන-ඇමරිකා ස්ටොක්හෝම් ආර්ථික හා වෙළඳ සාකච්ඡාවේ තත්ත්වය පදනම් ව සම්පාදනය කර තිබෙනවා. දෙපාර්ශ්වයේ ජිනීවා හි පැවැත්වූ ආර්ථික හා වෙළඳ සාකච්ඡාවේ ඒකාබද්ධ ප්‍රකාශය මගින් ස්ථාපිත වූ යාන්ත්‍රණික රාමුව යටතේ මෙවර සාකච්ඡාව කැඳවූ බවද චීන-ඇමරිකා ඒකාබද්ධ ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වනවා.

 

සටහන - දිනූෂි ධීරසිංහ
චීන මාධ්‍ය සමූහය

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...