චීන ජනාධිපති ෂී ජින් පිං ගේ ආරාධනයෙන්,රාජ්‍ය නායකයින් 26 දෙනෙකු එම උත්සවයට සහභාගී වීමට නියමිත බවයි එහිදී සඳහන් වුණේ. විශේෂයෙන්ම රුසියානු ජනාධිපති Vladimir Putin සහ උතුරු කොරියානු ජනාධිපති Kim Jong Un ද එම අවස්ථාවට එක් වීමට නියමිත ව තිබෙනවා.
එමෙන් ම, එම උත්සවයට ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධයට දායක වූ ජාත්‍යන්තර මිතුරන්ට හෝ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට ද විශේෂ ආරාධනාවන් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. සංවත්සරය වෙනුවෙන් සැප්තැම්බර් 03 වන දින රාත්‍රීයේ විශේෂ කලා ප්‍රසංගයක් පැවැත්වීමට ද නියමිතයි.
-දිනූෂි ධීරසිංහ




