BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ඉන්දුනීසියාවේ විරෝධතාකරුවෝ අඩියක් පස්සට ගනිති

T

The Leader Desk

September 1, 2025 • 2:52 PM

ඉන්දුනීසියාවේ විරෝධතාකරුවෝ අඩියක් පස්සට ගනිති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දුනීසියානු පොලිසිය මුරපොළ යොදමින් ආරක්ෂාව තර කිරීමත් සමඟ විරෝධතා තාවකාලිකව නතර කිරීමට විරෝධතාකරුවන්
  • විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ගැටුම් ද ඇති විය.
  • ජීවන වියදම, අඩු වැටුප්, වංචා හා දූෂණ සහ දේශපාලනඥයන්ගේ අධික වියදම් යන කරුණු මුල් කරගනිමින් ඉන්දුනීසියාවේ විරෝධතා ඇති වී තිබිණි.
  • අනතුරින් මරණයට පත්වූයේ 21 හැවිරිදි, අෆාන් කුර්නිවාන් ය.
අකුරු ප්‍රමාණය (Font Size):

පියවර ගෙන ඇත.

පොලිස් රථයක ගැටී යතුරුපැදිකරුවකු මරණයට පත්වීමත් සමඟ ඉන්දුනීසියාව පුරා පැවැති විරෝධතා උග්‍ර අතට හැරුණු අතර ගෙවුණු සති අන්තය වනවිට විරෝධතා ප්‍රචණ්ඩකාරී ස්වභාවයක් ගත්තේ ය. විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ගැටුම් ද ඇති විය.

මේත් සමඟ මුරපොළ යොදමින්, ආරක්ෂාව දැඩි කිරීමට ඉන්දුනීසියානු පොලිසිය පියවර ගත්තේ ය.

ජීවන වියදම, අඩු වැටුප්, වංචා හා දූෂණ සහ දේශපාලනඥයන්ගේ අධික වියදම් යන කරුණු මුල් කරගනිමින් ඉන්දුනීසියාවේ විරෝධතා ඇති වී තිබිණි. මේ අතරවාරයේ දී ඉන්දුනීසියානු පොලිසිය කුලී රථ, යතුරුපැදිකරුවකු හප්පාගෙන ගිය අතර, අනතුරින් යතුරු පැදිකරු ජීවිතක්ෂයට පත්විය.

අනතුරින් මරණයට පත්වූයේ 21 හැවිරිදි, අෆාන් කුර්නිවාන් ය.

මෙම අනතුරත් සමඟ ඉන්දුනීසියාව පුරා විරෝධතා උත්සන්න වූ අතර, දැඩි ප්‍රචණ්ඩකාරී ස්වභාවයක් ගත්තේ ය.

පොලිසිය ආරක්ෂාව තර කිරීමත් සමඟ ජකර්තා අගනුවර පැවැත්වීමට නියමිතව තිබූ විරෝධතා කිහිපයක්ම අවලංගු කර දැමීමට ඉන්දුනීසියාවේ ඇතැම් ශිෂ්‍ය කණ්ඩායම් සහ සිවිල් සමාජ සඳුදා (1) පියවර ගෙන තිබිණි.

ඉන්දුනීසියානු බලධාරීන්ට අනුව විරෝධතා හේතුවෙන් මේ වනවිට අටදෙනකු මරණයට පත්ව ඇත.

මෙම විරෝධතා ඉන්දුනීසියානු ජනාධිපතිවරයාගේ ඉදිරි ගමන් මග තීරණය කරන පරීක්ෂණයක් වනු ඇතැයි ද දේශපාලන විචාරකයෝ පෙන්වාදෙති.

විරෝධතා හේතුවෙන් අඩියක් පස්සට ගැනීමට ද ජනාධිපතිවරයා පියවර ගෙන තිබිණි. ඒ අනුව දේශපාලනඥයන්ට ලැබෙන ප්‍රතිලාභ කප්පාදු කිරීමට පියවර ගන්නා බවත් ඊට දේශපාලන පක්ෂ එකඟතාව පළ කළ බවත් ජනාධිපතිවරයා පැවැසීය. කෙසේ නමුත් විරෝධතාකරුවන්ට, දේපළ කොල්ලකන්නන්ට එරෙහිව පියවර ගන්නැයි ද ජනාධිතිවරයා ආරක්ෂක අංශවලට නියෝග දුන්නේ ය.


මුලාශ්‍ර :

Indonesian groups delay protests in Jakarta as police tighten security

Indonesia’s deadly protests paused but deep resentment remains. Here’s what to know


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඉන්දුනීසියාවේ විරෝධතාකරුවෝ අඩියක් පස්සට ගනිති | The Leader