BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

යුද බලය ලොවටම පෙන්වමින් චීනය යුද සංවත්සරය අභිමානයෙන් සමරයි

T

The Leader Desk

September 3, 2025 • 5:59 AM

 යුද බලය ලොවටම පෙන්වමින් චීනය යුද සංවත්සරය අභිමානයෙන් සමරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධයේ සහ ලෝක ෆැසිස්‍ට් විරෝධී යුද ජයග්‍රහණයේ 80 වන සංවත්සරයේ ප්‍රධාන අනුස්මරණ උත්සවය අද (03) උදෑසන චීනයේ බෙයිජිංහිදී පැවැත්වුණා. ඒ චීන ජනාධිපති ෂී ජින් පිංගේ ප්‍රධානත්වයෙන් .
  • එය එරට ඉතිහාසයේ විශාලතම හමුදා පෙළපාලිය ලෙසයි සැලකෙන්නේ.
  • එමෙන්ම චීන ජාතිය යනු කිසිදු ප්‍රචණ්ඩත්වයකට බිය නොවන ශ්‍රේෂ්ඨ ජාතියක් බව ද ඔහු ප්‍රකාශ කළා.
  • ලෝකයේම අවධානය දිනා ගත් මෙම හමුදා පෙළපාලියට යුද, ගුවන් පාබල ආදී හමුදා උත්තමාචාර මෙන්ම විශේෂ යුද උපකරණ සහ ගුවන් යානා ප්‍රදර්ශනයක් එක් ව තිබුණා.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙම සැමරුම් උත්සවයට සමගාමී විශේෂ හමුදා ආචාර පෙළපාළියක් පැවැත්වුණා. එය එරට ඉතිහාසයේ විශාලතම හමුදා පෙළපාලිය ලෙසයි සැලකෙන්නේ. චීන ජනාධිපති ෂී ජින් පිං එහිදී කියාසිටියේ ඉතිහාසය මතක තබා ගනිමින් දිවි පිදූවන් සිහිපත් කර සාමය අගයන දීප්තිමත් අනාගතයක් නිර්මාණය කළ යුතු බවයි. එමෙන්ම චීන ජාතිය යනු කිසිදු ප්‍රචණ්ඩත්වයකට බිය නොවන ශ්‍රේෂ්ඨ ජාතියක් බව ද ඔහු ප්‍රකාශ කළා. අනතුරුව ජනාධිපතිවරයා හමුදා ආචාර පෙළපාලිය නිරීක්ෂණය කළා.  සැමරුම් උත්සවයට සමගාමී විශේෂ හමුදා ආචාර පෙළපාළිය පැවැත්වුණේ ඉන් පසුවයි.

WhatsApp Image 2025 09 03 at 9.37.15 AM
ලෝකයේම අවධානය දිනා ගත් මෙම හමුදා පෙළපාලියට යුද, ගුවන් පාබල ආදී හමුදා උත්තමාචාර මෙන්ම විශේෂ යුද උපකරණ සහ ගුවන් යානා ප්‍රදර්ශනයක් එක් ව තිබුණා.

"පැහැබර අනාගතයක් උදෙසා ඉතිහාසය මතක තබා ගනිමින් දිවි පිදූවන් සිහි කර සාමය අගය  කරමු" යන්න එහි ප්‍රධාන තේමාවයි. චීන ජනාධිපති ෂී ජින් පිංගේ ආරාධනයෙන්, විදේශීය රාජ්‍ය නායකයෝ සහ රජයේ ප්‍රධානීහූ 26 දෙනෙක් මෙම උත්සවයට සහභාගී වී සිටියා.

 

WhatsApp Image 2025 09 03 at 9.37.16 AM
වසර අසූවකට පෙර, වසර 14ක දුෂ්කර අරගලයකින් පසු, චීන ජාතිය ජපන් ආක්‍රමණයට එරෙහි යුද්ධයේදී විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගත් අතර, ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධයේ සම්පූර්ණ ජයග්‍රහණය ප්‍රකාශය‍ට කළා. චීනය, දැවැන්ත ජාතික කැපකිරීම් සිදු කරමින්, ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධයේ නැගෙනහිර ප්‍රධාන සටන් බිමට සහාය දුන් අතර, ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධයේ ජයග්‍රහණය සඳහා ඓතිහාසික දායකත්වයක් ලබා දුන්නා.

 

WhatsApp Image 2025 09 03 at 9.37.14 AM

WhatsApp Image 2025 09 03 at 9.37.16 AM 2

WhatsApp Image 2025 09 03 at 9.37.16 AM 1

 

සටහන- දිනූෂි ධීරසිංහ

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...