BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

'ඉතිහාසය අමතක නොකළ යුතුයි'- යුද සංවත්සරය අමතමින් චීන ජනාධිපතිවරයා කියයි

T

The Leader Desk

September 4, 2025 • 6:28 AM

'ඉතිහාසය අමතක නොකළ යුතුයි'- යුද සංවත්සරය අමතමින් චීන ජනාධිපතිවරයා කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් වසර 80ක් සම්පූර්ණ වීම මුල් කරගනිමින් චීනය ඊයේ (3) දැවැන්ත හමුදා පෙළපාලියක් පැවැත්වීය.
  •   මෙම හමුදා පෙළපාලිය නැරැඹීමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් ඇතුළු ලෝක නායකයෝ විස්සකට වැඩි පිරිසක් එක්ව සිටියහ.
  •   මෙම පෙළපාලියට චීනයේ මහජන විමුක්ති හමුදාවේ, නාවික සහ ගුවන් හමුදාවේ 10,000කට වැඩි පිරිසක් සහභාගී වී සිටියහ.
  • අමුත්තන් ඇතුළු මෙම පිරිස ඇමතූ චීනා ජනාධිපතිවරයා, ‘චීනය, සාමකාමී සංවර්ධනයේ මාර්ගය තෝරාගෙන ඇතැයි’ ඇතැයි පැවැසීය.
අකුරු ප්‍රමාණය (Font Size):


චීනයේ ජනාධිපතිවරයා මෙන්ම කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධානිය ද වන ෂී ජින්පින්ග් ගේ අධීක්ෂණය යටතේ මෙම හමුදා පෙළපාලිය පැවැත්විණි.

විශේෂයෙන්ම, දෙවැනි ලෝක යුද්ධයේ දී ජපානය පරාජය කිරීම සිහිපත් කරමින් මෙම හමුදා පෙළපාලිය පැවැත්වුණු අතර ඉතිහාසය අමතක නොකළ යුතු යැයි ද මෙම හමුදා උත්සවය අමතමින් චීන ජනාධිපතිවරයා පැවැසීය.

 

Front from left, Russian President Vladimir Putin, Chinese President Xi Jinping and North Korean leader Kim Jong Un arrive at a military parade to commemorate the 80th anniversary of Japan's World War II surrender in Beijing, China, Wednesday, Sept. 3, 2025. (Sergei Bobylev, Sputnik, Kremlin Pool Photo via AP)

මෙම හමුදා පෙළපාලිය නැරැඹීමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් ඇතුළු ලෝක නායකයෝ විස්සකට වැඩි පිරිසක් එක්ව සිටියහ. උතුරු කොරියානු නායකයා මෙවැනි අවස්ථාවකට එක්වූ පළමු අවස්ථාව මෙය යැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

WhatsApp Image 2025 09 03 at 9.37.14 AM

මෙම හමුදා පෙළපාලියේ දී චීනය ඔවුන්ගේ නවතම අවි ආයුධ ලෝකයට පෙන්වූ අතර, ප්‍රහාරක ගුවන් යානා, යුද ටැංකි, න්‍යෂ්ටික බැලැස්ටික් මිසයිල, මෙන්ම නවීන ඩ්‍රෝන යානාද ප්‍රදර්ශනය කෙරුණි.  

මෙම පෙළපාලියට චීනයේ මහජන විමුක්ති හමුදාවේ, නාවික සහ ගුවන් හමුදාවේ 10,000කට වැඩි පිරිසක් සහභාගී වී සිටියහ.

අමුත්තන් ඇතුළු මෙම පිරිස ඇමතූ චීනා ජනාධිපතිවරයා, ‘චීනය, සාමකාමී සංවර්ධනයේ මාර්ගය තෝරාගෙන ඇතැයි’ ඇතැයි පැවැසීය.

 

ෆැසිස්ට්වාදයට එරෙහි යුද්ධයේ දී චීනය, ‘ජපානයේ ආක්‍රමණය’ පරාජය කළ බව පැවැසූ චීන ජනාධිපතිවරයා ඊට සහාය දුන් විදේශවලට ස්තූතිය පළ කරන බව කීය.

කෙසේ නමුත් චීන ජනාධිපතිවරයා මෙහිදි ‘ඇමෙරිකාව’ නමින් සඳහන් නොකළේ ය.

යුද්ධයෙන් උගත් පාඩම් අදටත් වලංගු යැයි ද චීන ජනාධිපතිවරයා කීවේ ය.

 



“මනුෂ්‍යත්වය නැවත වරක් යුද්ධය ද සාමය ද, සංවාදය ද එදිරිවාදිකම ද, යන තෝරාගැනීමට මුහුණ දී සිටිනවා. එකිනෙකාට ප්‍රතිලාභ ගෙනෙන තෝරාගැනීමක් ද, නැතිනම් කිසිවකුට කිසිවක් නැති තෝරාගැනීමක් ද යන්නට මුහුණ දී සිටිනවා” යැයි චීන ජනාධිපතිවරයා කීය.

“චීන ජනතාව සෑමවිටම ඉතිහාසයේ සහ මානව ප්‍රගතියේ නිවැරැදි පැත්තේ හිට ගන්නවා. චීනය සෑමවිටම සාමකාමී සංවර්ධනයේ මාර්ගය තෝරාගන්නවා. ඒ වගේම මනුෂ්‍යත්වයට පොදුවේ බෙදාහදා ගත හැකි අනාගතයක් ගොඩනැගීමටත් ඒ වෙනුවෙන් ප්‍රජාවක් ගොඩනැගීමටත් ලෝකය සමඟ අත්වැල් බැඳගන්නවා” යැයි ද ඔහු කීවේ ය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'ඉතිහාසය අමතක නොකළ යුතුයි'- යුද සංවත්සරය අමතමින් චීන ජනාධිපතිවරයා කියයි | The Leader