BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

තායිලන්තයට අලුත් අග්‍රාමාත්‍යවරයෙක්

T

The Leader Desk

September 6, 2025 • 3:32 AM

 තායිලන්තයට අලුත් අග්‍රාමාත්‍යවරයෙක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තායිලන්ත පාර්ලිමේන්තුව එරටට නව අග්‍රාමාත්‍යවරයකු තෝරාපත් කරගෙන තිබේ.
  • තායිලන්තයේ ප්‍රබලම දේශපාලන පැළැන්තිය ලෙස සැලකෙන ෂිනවත්‍රා පවුලේ, පෙතොන්ටාර්න් ෂිනවත්‍රා ධුරයෙන් නෙරපීමත් සමඟ මෙලෙස නව අග්‍රාමාත්‍යවරයකු තෝරා පත් කරගැනිණි.
  • අග්‍රාමාත්‍ය ධුරයට අයකු පත්වුව ද තායිලන්තයේ දේශපාලන වියවුල අවසන් නොවනු ඇතැයි විචාරකයන්ගේ අදහස වී තිබේ.
  • මෑත ඉතිහාසය තුළ තායිලන්ත දේශපාලනයට, එරට අධිකරණයේ මැදිහත් වීමත්, වරින් වර සිදු වූ හමුදා කුමන්ත්‍රණත් නිසා එරට පවතින දේශපාලන වියවුල් තත්ත්වය තවදුරටත් අවිනිශ්චිත තත්ත්වයක පවතී.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රබල ව්‍යාපාරිකයකු වන අනුතින් ච(ර්)න්විරකුල් (Anutin Charnvirakul) මෙලෙස තායිලන්තයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස තෝරා පත් කරගෙන තිබෙන අතර හෙතෙම, අවුරුදු දෙකක් ඇතුළත තායිලන්තයට පත්වූ තෙවැනි අග්‍රාමාත්‍යවරයා යි.

තායිලන්තයේ ප්‍රබලම දේශපාලන පැළැන්තිය ලෙස සැලකෙන ෂිනවත්‍රා පවුලේ, පෙතොන්ටාර්න් ෂිනවත්‍රා ධුරයෙන් නෙරපීමත් සමඟ මෙලෙස නව අග්‍රාමාත්‍යවරයකු තෝරා පත් කරගැනිණි.

කාම්බෝජය සමඟ ඇති වූ දේශසීමා අර්බුදයේ දී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සහ ආචාර ධර්ම විරෝධී ලෙස කටයුතු කළේ යැයි චෝදනා කරමින්, පොතොන්ටාර්න් ෂිනවත්‍රා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට, තායිලන්තයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳ අධිකරණය මීට සතියකට පෙර පියවර ගත්තේ ය.

ෂිනවත්‍රා ධුරයෙන් ඉවත් කිරීමත් සමඟ තායිලන්තයේ පැවැති සභාග ආණ්ඩුව ද විසිරී ගිය අතර, නව දේශපාලන ආරවුලක් නිර්මාණය විය.

අනුතින්ගේ, භූම්ජායිපතායි පක්ෂය හවුල් ආණ්ඩුවෙන් වෙන්ව ගොස් වෙන්ව තරග කරමින් පාර්ලිමේන්තුවේ ප්‍රමාණවත් සහාය සුරක්ෂිත කරගැනීමට සමත් වූ අතර, ඒ අනුව සිය පක්ෂයට අග්‍රාමාත්‍ය ධුරය ද හිමි කරගත්තේ ය.

අග්‍රාමාත්‍ය ධුරයට අයකු පත්වුව ද තායිලන්තයේ දේශපාලන වියවුල අවසන් නොවනු ඇතැයි විචාරකයන්ගේ අදහස වී තිබේ. මෑත ඉතිහාසය තුළ තායිලන්ත දේශපාලනයට, එරට අධිකරණයේ මැදිහත් වීමත්, වරින් වර සිදු වූ හමුදා කුමන්ත්‍රණත් නිසා එරට පවතින දේශපාලන වියවුල් තත්ත්වය තවදුරටත් අවිනිශ්චිත තත්ත්වයක පවතී.  

අනුතින් ච(ර්)න්විරකුල් තායිලන්තයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වීම, ෂිනවත්‍රා පවුලට එල්ල වූ බරපතළ ප්‍රහාරයක් යැයි දේශපාලන විචාරකයෝ පවසති.

ධුරයෙන් ඉවත් කළ, පෙතොන්ටාර්න්ගේ පියා වන තක්ෂීන් ෂිනවත්‍රා තායිලන්තයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ 2001 වසරේදී ය. එතැන් පටන්, ෂිනවත්‍රා පවුල තායිලන්ත දේශපාලනය තුළ සිය ආධිපත්‍ය ව්‍යාප්ත කර තිබේ. තක්ෂීන් සහ ඔහුගේ සොහොයුරිය වන යින්ග්ලක් පිළිවෙළින් 2006 සහ 2014 වසරවලදී හමුදා කුමන්ත්‍රණ මඟින් බලයෙන් නෙරපන ලදි.

මුලාශ්‍ර :

Thailand's new prime minister, Anutin Charnvirakul

Thailand names third prime minister in two years

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...