BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

බදු නොගෙවූ එක්සත් රාජධානියේ නියෝජ්‍ය අගමැතිනිය ඉල්ලා අස්වෙයි

T

The Leader Desk

September 6, 2025 • 4:22 AM

 බදු නොගෙවූ එක්සත් රාජධානියේ නියෝජ්‍ය අගමැතිනිය ඉල්ලා අස්වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිය නිවෙස්නයකට අදාළව නියමිති පරිදි බදු නොගෙවීම හේතුවෙන්, එක්සත් රාජධානියේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඇන්ජෙලා රේනර් ඊයේ (5) සිය ධුරයෙන් ඉල්ලා අස් වූවා ය.
  •   බ්‍රිතාන්‍යයේ හෝව් හි පිහිටි ඇයට අයත් තට්ටු නිවාසකට අදාළ නියමිත බදු මුදල් නොගෙවීම හේතුවෙන් ඇය මෙලෙස සිය ධුරවලින් ඉල්ලා අස්වූවා ය.
  • රේනර් බ්‍රිතාන්‍ය පවුම් 800,000ක මුදලක් ගෙවමින් අදාළ තට්ටු නිවාසය මිලදී ගෙන ඇති නමුත්, අදාළ අවස්ථාවේ දී ඊට නියමිතව තිබූ මුද්දර ගාස්තු නිසි ලෙස නොගෙවීම මීට මූලික වශයෙන් හේතු වී ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.
  • ඇන්ජෙලා රේනර් අවංක චේතනාවෙන් කටයුතු කර ඇති නමුත් ඇය අමාත්‍යවරුන්ට අදාළ ආචාර ධර්ම සංග්‍රහය කඩ කර ඇතැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සර් ලෝරී මැග්නස් පැවැසීය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇන්ජෙලා රේනර් එක්සත් රාජධානියේ, නිවාස කටයුතු පිළිබඳ අමාත්‍ය ධුරය මෙන්ම කම්කරු පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරය ද හෙබවූවා ය. ඇය එම තනතුරුවලින් ද ඉල්ලා අස්වී තිබේ.  

බ්‍රිතාන්‍යයේ හෝව් හි පිහිටි ඇයට අයත් තට්ටු නිවාසකට අදාළ නියමිත බදු මුදල් නොගෙවීම හේතුවෙන් ඇය මෙලෙස සිය ධුරවලින් ඉල්ලා අස්වූවා ය.

රේනර් බ්‍රිතාන්‍ය පවුම් 800,000ක මුදලක් ගෙවමින් අදාළ තට්ටු නිවාසය මිලදී ගෙන ඇති නමුත්, අදාළ අවස්ථාවේ දී ඊට නියමිතව තිබූ මුද්දර ගාස්තු නිසි ලෙස නොගෙවීම මීට මූලික වශයෙන් හේතු වී ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.

මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ, ආචාර ධර්ම කටයුතු පිළිබඳ උපදේශක සර් ලෝරී මැග්නස්ගේ වාර්තාවක් ඉදිරිපත් කර තිබේ. ඇන්ජෙලා රේනර් අවංක චේතනාවෙන් කටයුතු කර ඇති නමුත් ඇය අමාත්‍යවරුන්ට අදාළ ආචාර ධර්ම සංග්‍රහය කඩ කර ඇතැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සර් ලෝරී මැග්නස් පැවැසීය.

තට්ටු නිවාසය මිලදී ගැනීමේදී හිටපු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරිය නෛතික උපදෙස් ලබාගෙන තිබුණ ද, ඇය බදු සම්බන්ධයෙන් ප්‍රමාණවත් උපදෙස් ගෙන නැතැයි ද ඔහු කීවේ ය.

සිය ඉල්ලා අස්වීම දැනුම් දෙමින් ඇන්ජෙලා රේනර් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීත් ස්ටාමර් ට ලිපියක් යවා ඇති අතර, අදාළ දේපළ මිලදී ගැනීමේ දී “ඉහළ තත්ත්ව” පවත්වාගැනීමට නොහැකි වූ බව සඳහන් කර ඇත.

“නිවාස කටයුතු අමාත්‍යවරයා ලෙසත්, මගේ පවුලේ කටයුතුවල තිබෙන සංකීර්ණ තත්ත්වත් සැලකිල්ලට ගනිමින්, ප්‍රමාණයවත් පරිදි බදු පිළිබඳ විශේෂඥයන්ගේ අදහස් නොගැනීම සම්බන්ධයෙන් මගේ කනගාටුව සහ කනස්සල් පළ කරනවා” යැයි ලිපියේ සඳහන් කර ඇත.

“මේ දෝෂයට අදාළ සම්පූර්ණ වගකීම්” බාරගන්නවා යැයි ද සඳහන් කර තිබෙන අය නිසි මුදල ගෙවීම හැරුණු කොට වෙනත් යමක් කරන්නට අපේක්ෂා නොකළ බව ද සිය ලිපිය මඟින් අග්‍රාමාත්‍යවරයාට දන්වා ඇත.


මුලාශ්‍ර :

Angela Rayner resigns over tax as UK deputy PM in damaging blow to Keir Starmer

UK deputy prime minister resigns over property taxes

David Lammy appointed UK Deputy PM as Starmer reshuffles Cabinet after Rayner’s exit

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...