BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ජපාන අගමැති ෂිගේරු ඉෂිබා ඉල්ලා අස්වෙයි

T

The Leader Desk

September 7, 2025 • 2:17 PM

ජපාන අගමැති ෂිගේරු ඉෂිබා ඉල්ලා අස්වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජපාන අගමැති ෂිගේරු ඉෂිබා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
  • එහිදී ඔහු පවසා ඇත්තේ, තම පක්ෂය ලැබූ මැතිවරණ පරාජයන්හි වගකීම තමන් භාරගන්නා බවය.
  • පක්ෂය තුළ භේදීමක් ඇතිවීම වැළැක්වීම සඳහා තමා ජපාන අග්‍රාමාත්‍ය  ධුරයෙන් ඉල්ලා අස්වන බව ෂිගේරු ඉෂිබා ප්‍රකාශ කර තිබේ.
  • ඔහුගේ එම තීරණය ලොව සිව්වන විශාලම ආර්ථිකය හිමි ජපානය තුළ නව දේශපාලන අවිනිශ්චිතතාවක් ඇති කරනු ඇති බව විදෙස් වාර්තාවන්හි දැක් වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


68 හැවිරිදි ඉෂිබා එරට වේලාවෙන් අද (07) සවස 6.00ට පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකදී සිය තීරණය තහවුරු කර ඇත.

එහිදී ඔහු පවසා ඇත්තේ, තම පක්ෂය ලැබූ මැතිවරණ පරාජයන්හි වගකීම තමන් භාරගන්නා බවය.

පක්ෂය තුළ භේදීමක් ඇතිවීම වැළැක්වීම සඳහා තමා ජපාන අග්‍රාමාත්‍ය  ධුරයෙන් ඉල්ලා අස්වන බව ෂිගේරු ඉෂිබා ප්‍රකාශ කර තිබේ.

අද දවස පුරා බටහිර ලෝකයේ ප්‍රධාන මාතෘකාවක් වූයේ ජපාන අගමැතිවරයාගේ මෙම ඉල්ලා අස්වීමට ගෙන තිබූ තීරණයයි.

ඔහුගේ එම තීරණය ලොව සිව්වන විශාලම ආර්ථිකය හිමි ජපානය තුළ නව දේශපාලන අවිනිශ්චිතතාවක් ඇති කරනු ඇති බව විදෙස් වාර්තාවන්හි දැක් වේ.


ඉකුත් ජූලි මාසයේ පැවති ජපාන මැතිවරණයෙන් සිය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ප්‍රමුඛ සන්ධානය ඓතිහාසික පරාජයක් ලැබීමත් සමග අග්‍රාමාත්‍ය ඉෂිබා ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ඔහුගේ පක්ෂය තුළින්ම මත ඉදිරිපත් විය.


විශේෂයෙන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ අන්ත දක්ෂිණාංශිකයන් ඉෂිබාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බල කළේය.

ජපානයට බාහිරව සහ අභ්‍යන්තරව අභියෝග එල්ල වෙමින් තිබෙන අවස්ථාවක අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වුවහොත් ජපානය තුළ දේශපාලන අර්බුදයක් නිර්මාණය විය හැකි බව පවසමින් එම ඉල්ලීම් ඉෂිබා මුලදී ප්‍රතික්ෂේප කළේය.

කෙසේ වෙතත් ජීවන වියදම ඉහළ යෑම හේතුවෙන් සිය ඡන්දදායකයින්ගෙන් එල්ල වූ පීඩනය, අමෙරිකානු වෙළෙඳ ගිවිසුම වැනි හේතුන් ද ඔහුගේ ඉල්ලා අස්වීමේ තීරණයට බලපා ඇත.

මුලාශ්‍ර :

Japan's Prime Minister Shigeru Ishiba resigns after election defeats

Japan’s PM Shigeru Ishiba resigns weeks after election debacle

Japan’s prime minister resigns after his party suffered a historic defeat in a summer election
 

  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...