BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ප්‍රංශ අගමැති විශ්වාස භංගය පරදී

T

The Leader Desk

September 9, 2025 • 8:47 AM

ප්‍රංශ අගමැති විශ්වාස භංගය පරදී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රංශ අග්‍රාමාත්‍ය ෆ්රන්කොයිස් බේරෝ (Francois Bayrou) ධුරයෙන් නෙරපා හැරේ.
  •     ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්රොන් (Emmanuel Macron) ද ඉල්ලා අස්විය යුතු බවට විපක්ෂය බල කර සිටී.
  • දෙවසරක් වැනි කෙටි කලක්  තුළ, එරට සිව් වැනි අග්‍රාමාත්‍යවරයා ද ධුරයෙන් නෙරපා හැරීමට සිදුවීමෙන් ප්‍රංශ පාලන තන්ත්‍රය දේශපාලනිකව ද අඩපණ ව ඇත.
  •   ප්‍රංශයේ මීළඟ රජයේ අතිශය භාර ධූර කාර්ය වන්නේ එලැඹෙන අය  වැය සම්මත කර ගැනීමය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඊයේ (08) රැස් වූ එරට පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් ඒ පිලිබඳ විශ්වාශ භංගය සම්මත කෙරිණි.

සීග්‍රයෙන් ඉහල යන රාජ්‍ය ණය අර්බුදය සහ දින දින වර්ධනය වන උග්‍ර දේශපාලන ගැටළු කළමනාකරණය පිණිස, ප්‍රංශ පාර්ලිමේන්තුව ඊයේ, එරට සුළුතර ආණ්ඩු පක්ෂ බලය බිඳලීය.  

 

ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්රොන් (Emmanuel Macron) ද ඉල්ලා අස්විය යුතු බවට විපක්ෂය බල කර සිටී.

දෙවසරක් වැනි කෙටි කලක්  තුළ, එරට සිව් වැනි අග්‍රාමාත්‍යවරයා ද ධුරයෙන් නෙරපා හැරීමට සිදුවීමෙන් ප්‍රංශ පාලන තන්ත්‍රය දේශපාලනිකව ද අඩපණ ව ඇත. ඉදිරි දින කිහිපය තුළ, ජනපතිවරයා විසින් එරට පස් වන අග්‍රාමාත්‍යවරයා පත් කිරීමට නියමිතය.

000 7367463

 

ප්‍රංශයේ මීළඟ රජයේ අතිශය භාර ධූර කාර්ය වන්නේ එලැඹෙන අය  වැය සම්මත කර ගැනීමය. පක්ෂ වශයෙන් බොහෝ සෙයින් බෙදුණු, පාර්ලිමේන්තුවක, ඒ සම්බන්ධ බහුතර ඡන්දය ලබා ගැනීම පහසු කාර්යයක් නොවන බව එරට දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

පාර්ලිමේන්තු සභිකයින්ට රජය පෙරලීමට හැකි මුත්, සත්‍යය මකා දැමිය නොහැකි යැයි, ඊයේ තමන්ට එරෙහි විශ්වාශ භංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ෆ්රන්කොයිස් බේරෝ පැවසීය.  

නිර්දය සත්‍යය එලෙසින්ම පවතිනු ඇති බවත්, අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ද්‍රව්‍ය මිල තවදුරටත් ඉහළ යාම මර්දනය කළ නොහැකි බවත්, උග්‍ර ණය අර්බුදය හේතුවෙන් භාණ්ඩ හා සේවා මිල වර්ධනය වීමෙන් එහි බර ජනතාව මත පැටවීම කිසි ලෙසකින් හෝ නතර කළ නොහැකි බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

francois

 

අද ඔහු සිය ඉල්ලා අස්වීම භාර දීමට නියමිතය.

ප්‍රංශය, යූරෝ කලාපයේ දෙවන විශාලතම ආර්ථිකය වේ.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
9/9/2025

මුලාශ්‍රය :

French parliament ousts prime minister, deepening political crisis


whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ප්‍රංශ අගමැති විශ්වාස භංගය පරදී | The Leader