BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ගාසා නගරයෙන් වහා ඉවත් වනු - ඊශ්‍රායල හමුදා නව නියෝග දෙයි

T

The Leader Desk

September 9, 2025 • 10:42 AM

ගාසා නගරයෙන් වහා ඉවත් වනු - ඊශ්‍රායල හමුදා නව නියෝග දෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගාසා තීරයේ ඉතිරි හමාස් බලප්‍රදේශ දෙක පූර්ණ ලෙස යටත් කිරීම අරමුණයි....
  • ස්වෛරී පලස්තීන රාජ්‍යයක් බිහි වන තෙක්, අවි බිම නොතබන බව හමාස් සටන්කරුවෝ පවසති.
  • ගාසා තීරය මුළුමනින්ම අවි මුක්ත කලාපයක් කොට ඊශ්‍රායල හමුදා යටතට ගැනීම, මිලියන 2.2කට අධික ජනගහනයක් වෙසෙන එහි, මානුෂීය අර්බුදය අතිශය ඛේදනීය අන්තයක් වෙත රැගෙන යන්නකැයි, විදෙස් රටවල් රැසක් කියා සිටිති.
  •       ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාමයක් පිණිස, එක්සත් ජනපදය, කටාර් රාජ්‍යය සහ ඊජිප්තුව ගත්  සියලු සාමූහික ප්‍රයත්න මේ වන විට බිඳ වැටී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ගාසා නගර වාසීන්ට වහා ඉවත් වන්නැයි ඊශ්‍රායල හමුදා අද (09) නව නියෝග නිකුත් කළහ. ගාසා තීරයේ විශාලතම නාගරික කලාපය අත්පත් කර ගැනීම මීළඟ  ඊශ්‍රායල හමුදා ක්‍රියාන්විතයේ ඉලක්කයයි.

ඒ අනුව, මිලියනයකට අධික ජනගහනයක් වෙසෙන ගාසා නගරය  සියතට ගැනීමට, නව ඊශ්‍රායල හමුදා මෙහෙයුම් දියත් කිරීමට නියමිතය. එමගින්, කලාපයේ සටන් විරාමයක් උදෙසා දැඩි අභියෝග එල්ල වී තිබේ.

ගාසා තීරයේ දැනටමත් ඉතිරිව පවතින හමාස් බලප්‍රදේශ දෙක පූර්ණ වශයෙන් යටත් කිරීම ඊශ්‍රායලයේ අපේක්ෂාවය.

හමාස් සංවිධානය අවි බිම තබා යටත් නොවන්නේ නම්, පහර දී, විනාශ කර, අත්පත් කර ගැනීමෙන් තොර අන් විකල්පයක් නැතැයි, අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) අවධාරණය කරයි.

ස්වෛරී පලස්තීන රාජ්‍යයක් බිහි වන තෙක්, අවි බිම නොතබන බව හමාස් සටන්කරුවෝ පවසති.

ඊශ්‍රායලයේ සැලසුම, මේ වන විට ජාත්‍යන්තර අප්‍රසාදයට ද පාත්‍ර වී තිබේ. ගාසා තීරය මුළුමනින්ම අවි මුක්ත කලාපයක් කොට ඊශ්‍රායල හමුදා යටතට ගැනීම, මිලියන 2.2කට අධික ජනගහනයක් වෙසෙන එහි, මානුෂීය අර්බුදය අතිශය ඛේදනීය අන්තයක් වෙත රැගෙන යන්නකැයි, විදෙස් රටවල් රැසක් කියා සිටිති.    

gaz we

 

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාමයක් පිණිස, එක්සත් ජනපදය, කටාර් රාජ්‍යය සහ ඊජිප්තුව ගත්  සියලු සාමූහික ප්‍රයත්න මේ වන විට බිඳ වැටී ඇත. ඒ හේතුවෙන් හමාස් භාරයේ පසුවන ඉතිරි ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම ද අභියෝගයට ලක්ව තිබේ.

2023 ඔක්තෝබර 7 දා හමාස් ත්‍රස්තයින් ඊශ්‍රායලයේ සිදු කළ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් අනතුරුව ගාසා යුද්ධය ඇරඹිණි. එම ත්‍රස්ත ප්‍රහාරයෙන්, සිවිල් වැසියන් 1200ක් පමණ ඝාතනය වූ අතර 251 දෙනෙක් හමාස් ප්‍රාණ ඇපයට පත් වූහ.  

මේ වන විට, සමස්ත ගාසා තීරයේ 75% ක භූමියේ පාලන බලය ඊශ්‍රායල හමුදා සතුව පවතී. හමාස් භාරයේ වූ ඉතිරි ප්‍රාණ ඇපකරුවන් 48 දෙනාගෙන් 20 දෙනෙක් තවමත් ජීවත්ව සිටින බව ඊශ්‍රායලය පවසයි.

gazza 6n7

ගාසා සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තා අනුව, ඊශ්‍රායල ප්‍රහාර වලින් මෙතෙක්, පලස්තීනුවන් 62,000කට අධික පරිසක් ජීවිතක්ෂයට පත්ව සිටිති. සමස්ත ජනගහනය අවතැන්ව වෙසෙන අතර, ගාසා තීරය යුද්ධයෙන්, මුළුමනින්ම නටඹුන් ව පවතී.  


(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
9/9/2025

මුලාශ්‍රය :

Israeli military issues evacuation order for residents in Gaza City


whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ගාසා නගරයෙන් වහා ඉවත් වනු - ඊශ්‍රායල හමුදා නව නියෝග දෙයි | The Leader